ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ඉතිහාසය සිනමා තිරයට රැගෙන එන “Teardrop Nation”

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ නිදහසින් පසු දේශපාලන හා සමාජයීය පරිණාමය ගැඹුරින් විමසා බලන, කොටස් හතරකින් යුත් වාර්තාමය චිත්‍රපට කතා මාලාවක් වන “Teardrop Nation” කොළඹ සිටි සෙන්ටර් (Colombo City Centre) හි Scope Cinemas Multiplex සිනමා ශාලවේදී පසු ගිය ඔක්තෝබර් 8 වැනිදා නිල වශයෙන් එළිදක්වන ලදි. එම සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගි වූ අතර, මෙම එළිදැක්වීම රටේ මෑතකාලීන ඉතිහාසය පිළිබඳ වැදගත් සංවාදයකට මංපෙත් විවර කළ අවස්ථාවක් විය. වසර හයකට අධික කාලයක් පුරා ‘ප්‍රොජෙක්ට් 72’ හි ව්‍යාපෘති අධ්‍යක්ෂ සාරා කබීර් මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම කතා මාලාව නිර්මාණය කර තිබේ. ශ්‍රී ලංකාව නිදහස ලැබූදා සිට අද දක්වා රට හැඩගස්වා ඇති තීරණාත්මක සිදුවීම්, ඓතිහාසික වාර්තා, විශේෂඥ දෘෂ්ටිකෝණ සහ සැබෑ ජීවිත අත්දැකීම් මෙම වාර්තාමය සිනමා කෘතියට පාදක වී තිබේ.

විශේෂයෙන්ම තරුණ පරම්පරාව ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති මෙම වාර්තාමය චිත්‍රපට කතා මාලාව, අතීත ගැටුම්, වෙනස්කොට සැලකීම් සහ ප්‍රචණ්ඩත්වයට බලපෑ මූලික සාධක සමඟ සම්බන්ධ වීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව සලසා දෙයි. එය හුදෙක් අතීත සිදුවීමක් පමණක් නොව, අනාගතය හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය වන වටිනා අධ්‍යාපනික අවස්ථාවක්ද වේ.

මෙම එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දක්වමින් ව්‍යාපෘති අධ්‍යක්ෂ සාරා කබීර් මහත්මිය මෙසේ සඳහන් කළා ය. ‘‘මෙරට ධනාත්මක සහ ස්ථිරසාර සාමයක් ගොඩනඟා ගැනීම සඳහා අපේ අතීතය තේරුම් ගැනීම, අත්‍යවශ්‍ය සාධකයකි. විශේෂයෙන්ම තරුණ පරම්පරාවට ඉතිහාසය වඩාත් සමීප කර ගැනීමට, සවිඥානිකව සහ විචාරශීලීව සම්බන්ධ වීමට දිරි ගැන්වීම සඳහා අපි “Teardrop Nation” නිර්මාණය කළෙමු. වසර හයක පර්යේෂණ සහ නිෂ්පාදන කටයුතුවලින් පසු, අපේ රට හැඩගස්වා ඇති අත්දැකීම් සහ තීන්දු තීරණ පිළිබඳ පුළුල් සාකච්ඡාවකට සහ සාමුහික අවබෝධයකට මෙම නිර්මාණය අපව රැගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු’’

මෙම වාර්තාමය කතා මාලාව, ප්‍රධාන කාල වකවානු හතරක් යටතේ ක්‍රමානුකූලව දිග හැරේ. “Foundations of Conflict” (1903 – 1970), “The Trigger” (1970 – 1980) “Battle for Peace” (1980 – 1990) සහ “War in Paradise” (1990 දශකයේ සිට 2009 දක්වා) යනාදී කාල පරිච්ඡේදයන් තුළ ජනවාර්ගිකත්වය, ආගම, පන්ති භේදය සහ කුලය යන සාධක ඔස්සේ මෙරට දේශපාලන හා සමාජයීය පසුබිම විවරණය කෙරේ.

“Teardrop Nation” හි මූලික අභිප්‍රාය වන්නේ ඉතිහාසය පිළිබඳ සාකච්ඡාව මුළුමහත් ජනතාව වෙත රැගෙන යමින්, යළිත් එවැනි ගැටුම් ඇති වීම (non-recurrence) වැළැක්වීමයි. ඓතිහාසික තීන්දු තීරණ වර්තමානයේ දී අපේ ආර්ථිකය හා සමාජය හැඩගස්වමින් පවතින්නේ කෙසේද යන්න පිළිබඳ විචාරශීලීව සිතා බැලීමට මෙම කතා මාලාව විසින් ප්‍රේක්ෂකයින්ව දිරිමත් කරනු ඇතැයි නොඅනුමානය.

පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි...
The cost of hesitation: lessons...
TikTok strengthens AI transparency and...
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...
BBDO Sri Lanka හි ‘Deleted...