ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Coca-Cola හි මුල් පුටුවට මාරියෝ පෙරේරා පත් වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රධානියා ලෙස මාරියෝ පෙරේරා මහතා පත්කළ බව කොකා-කෝලා සමාගම පසුගියදා නිවේදනය කළේය. ආහාර පාන ක්ෂේත්‍රය තුළ වසර 14කට වැඩි පළපුරුද්දක් සහිත මාරියෝ රටවල් රැසක ගෝලීය වෙළෙඳ නාම සමඟ කටයුතු කරමින් කලාපීය හා ගෝලීය වශයෙන් සුවිශේෂී අත්දැකීම් මෙන්ම පළපුරුද්දක් හිමි කරගෙන සිටියි.

මීට පෙර එම තනතුරෙහි කටයුතු කරන ලද්දේ කෞෂාලි කුසුමපාල මහත්මියයි. මාරියෝ එම තනතුරට පත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කොකා-කෝලාහි වර්ධනය, නවෝත්පාදනය සහ ප්‍රජාව කෙරෙහි වන බලපෑම ඉහළ නැංවීම සඳහා බෝතල් කිරීමේ නියෝජිතායතන සහ බාහිර පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරනු ඇත.

එසේම මෙහිදී තිරසාර සංවර්ධනය, නවෝත්පාදනය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට මාරියෝ බලාපොරොත්තු වෙයි. තවද සමාගම මඟින් හඳුන්වා දී ඇති බීම වර්ග තවදුරටත් වෙළෙඳපොළ තුළ පුළුල් කිරීම, දිනෙන් දින වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන නව නිෂ්පාදන හඳුන්වා දීම මෙන්ම පාරිසරික තිරසාරභාවය සහ ප්‍රජා සංවර්ධනය සඳහා කොකා-කෝලා හි කැපවීම ශක්තිමත් කිරීම වෙනුවෙන් බෝතල් කිරීමේ නියෝජිතායතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද මාරියෝට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින අතර මිත්‍රත්වය, නව අත්දැකීම්, අදහස් සහයෝගීත්වයෙන් දියත් කරමින් රජය තුළ කර්මාන්ත හවුල්කරුවන් හා අනෙකුත් විවිධ පාර්ශවයන් සමඟ සම්බන්ධතාවයන් ගොඩනංවමින් ඉදිරියට යාමට ද මාරියෝ බලාපොරොත්තුව සිටී.

2018 වසරේදී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය අලෙවිකරණ කළමනාකරු ලෙස මනා පළපුරුද්දකින් යුතුව කොකා-කෝලා සන්නාමය සමඟ එක් වූ මාරියෝ විවිධ බීම කාණ්ඩවල සන්නාම උපායමාර්ග හා ප්‍රචාරණ මෙහෙයුම් හි පෙරමුණ ගෙන කටයුතු කරන ලදී. එහිදී සන්නාමයෙහි පිළිගැනීම ඉහළ නංවමින් වැඩි පාරිභෝගික පිරිසක් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කළ ඒ මහතා වෙළෙඳපොළ තුළ ස්ථාවර ව්‍යාපාර වර්ධනයක් ලබා දීමටද කටයුතු කරන ලදී.

පසුගියදා මධ්‍යම හා නැගෙනහිර කලාපයන්හි අලෙවිකරණයේ පෙරමුණ ගනිමින් ඉන්දියාවේ සහ නිරිත දිග ආසියාවේ (INSWA) ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරුවලද කටයුතු කර ඇති මාරියෝ නිෂ්පාදන ඉහළ නැංවීම, ඉහළ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සහ බෝතල් කිරීමේ නියෝජිතවරුන් සමඟ සමීපව කටයුතු කිරීමද විශේෂත්වයකි. තවද කලාපීය වැඩසටහන් සහ නවෝත්පාදන ව්‍යාපෘති කළමනාකරණය කිරීම, වෙළෙඳපොල හරහා මහා පරිමාණ අලෙවිකරණ හා පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සම්බන්ධ වැඩසටහන් මෙහෙයවීමට කටයුතු කළ මාරියෝ කොකා-කෝලා සන්නාමය පාරිභෝගිකයින් අතර සුවිශේෂී සන්නාමයක් බවට පත් කිරීමට පියවර ගන්නා ලදී.

මෙරට බීම නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයකු වන කොකා-කෝලා නිරන්තරයෙන් නවෝත්පාදනය, ඩිජිටල්කරණය සහ තිරසාරත්වය හරහා සිය වටිනාකම් බෙදා ගැනීමට කැපවී කටයුතු කරයි. එහිදී නව නිෂ්පාදන, ප්‍රජා වැඩසටහන් සහ පාරිසරික වැඩසටහන් වෙනුවෙන් ආයෝජනය කිරීම තුලින් වඩා යහපත් හෙට දවසක් නිර්මාණය කිරීමට මෙන්ම පාරිභෝගිකයින්ට දීර්ඝකාලීන නැවුම් වෙනස්කම් රැසක් ලබා දීමට බලාපොරොත්තු වේ.

ලොව අංක 1 සන්නාමය වන කොකා-කෝලා තවදුරටත් පාරිභෝගික හදවත් තුළ ‘Real Magic’ ලෙස දවසින් දවස නැවුම් ආකර්ෂණීය අත්දැකීම් රැසක් එක් කරමින් උද්යෝගීමත් ගමන්මගක පෙරගමන්කරු ලෙස මාරියෝ පෙරේරා ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ විශිෂ්ට සේවාවක් ලබා දීමට මේ වන විටත් සැලසුම් කර ඇත.

99x Expands Its Malaysian Initiative...
துணி காயவைக்கும் பிரச்சினைக்கு முற்றுப்புள்ளி: Samsung...
Sampath Bank and Micro Cars...
HNB සහ Plantchem හවුල්කාරීත්වයෙන් Lovol...
மொறட்டுவையில் புதிய காட்சியறை மற்றும் BYD...
காப்புறுதி துறையின் எதிர்கால வளர்ச்சியை முன்னெடுக்கும்...
HBO Max global expansion hits...
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Coca-Cola...
காப்புறுதி துறையின் எதிர்கால வளர்ச்சியை முன்னெடுக்கும்...
HBO Max global expansion hits...
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Coca-Cola...
මොරටුව නව ප්‍රදර්ශනාගාරය සහ BYD...