ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම වෙනුවෙන් ව්‍යාපාරික විසඳුම් රැසක් සමගින් DFCC බැංකුව වෙතින් DFCC ප්‍රගති එළිදක්වයි

Share

Share

Share

Share

කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධානතම පදනමක් වන සුළු, කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) මගින් රැකියා උත්පාදනය, දේශීය කර්මාන්ත සවිබල ගැන්වීම සහ ප්‍රාදේශීය ආර්ථික වර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දෙයි. මෙම ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික ගමනේ සෑම අදියරකටම අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමේ අරමුණින්, DFCC බැංකුව විසින් ‘DFCC ප්‍රගති’ නමින් නව MSME ව්‍යාපාරික විසඳුම් එකතුවක් එළිදක්වන ලදී. විශේෂිත මූල්‍ය විසඳුම්, ව්‍යාපාරික උපදේශන සේවා සහ ක්ෂේත්‍ර කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහන් එකම වහලක් යටට ගෙන එමින් නිර්මාණය කර ඇති මෙමගින්, නව ව්‍යාපාර ආරම්භ කිරීමට, පවත්වාගෙන යාමට මෙන්ම ඒවා සාර්ථකව වර්ධනය කර ගැනීමටද ව්‍යවසායකයන්ට අවශ්‍ය සහාය පහසුවෙන් ලබාදෙනු ලැබේ.

2016 වසරේ සිට සුළු, කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙනුවෙන් කැපවී ක්‍රියා කරමින් ලබා ඇති දශකයකට ආසන්න අත්දැකීම් පදනම් කරගනිමින්, DFCC බැංකුවෙ හි MSME සේවාවන්හි ඉදිරි පියවරක් ලෙස DFCC ප්‍රගති හඳුන්වා දිය හැකිය. එතැන් පටන් මේ දක්වා ශ්‍රී ලංකාව පුරා ව්‍යවසායකයන් 10,000 කට අධික සංඛ්‍යාවක් සමග හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීමට DFCC බැංකුව සමත්ව ඇත. ඒ අතරට කෘෂිකර්මාන්තය, කිරි නිෂ්පාදනය, නිෂ්පාදන ක්ෂේත්‍රය මෙන්ම තේ, කුරුඳු, ගම්මිරිස්, කෙසෙල්, කහ, ඉඟුරු සහ වී වගාව වැනි අගය එකතු කළ කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි නිරත ව්‍යවසායකයෝ රැසක් අයත් වෙති.

සාම්ප්‍රදායික ණය ලබා දීමේ සීමාවෙන් ඔබ්බට යමින්, මූල්‍ය සහ මූල්‍ය නොවන සහායන් එකට කැටි කළ පරිපූර්ණ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම DFCC ප්‍රගති හි විශේෂත්වයකි. ව්‍යාපාරික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සැකසූ ණය පහසුකම්, අගය දාම මූල්‍යකරණය (value chain financing), මූල්‍ය සාක්ෂරතා වැඩසටහන්, ව්‍යාපාරික උපදේශන සේවා සහ කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහන් මෙහි අන්තර්ගත වේ. එමගින්, ශක්තිමත් මෙන්ම තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට අවශ්‍ය මූල්‍ය සහායට අමතරව ප්‍රායෝගික මගපෙන්වීම් ලබා ගැනීමටද ව්‍යවසායකයන්ට අවස්ථාව හිමි වේ.

මෙම එළිදැක්වීමේ උත්සවයේදී, MSME ක්ෂේත්‍රයේ නිරත කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා විශේෂයෙන් සැකසූ ‘DFCC ආලෝකා – ප්‍රගති’ මූල්‍ය විසඳුමද හඳුන්වා දෙන ලදී. කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ මූල්‍ය පහසුකම් සඳහා වන ප්‍රවේශය පුළුල් කිරීමේ බැංකුවේ කැපවීම තහවුරු කරමින්, මෙම උත්සවයේදී කාන්තා ව්‍යවසායකයන් 7 දෙනෙකු වෙත DFCC ආලෝකා – ප්‍රගති ණය යෝජනා ක්‍රමය යටතේ මූල්‍ය ප්‍රතිපාදන නිල වශයෙන් පිරිනමන ලදි.

මෙම එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ නියෝජ්‍ය සභාපති / ව්‍යාපාරික බැංකුකරණ ප්‍රධානී ප්‍රදීප් අල්විස් මහතා මෙසේ පැවසීය. “වර්තමාන වාතාවරණය තුළ ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යාමට මූල්‍ය පහසුකම් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ව්‍යාපාරයේ ස්වභාවයට අනුකූලව වෙනස් වන බැංකු විසඳුම්, ප්‍රායෝගික උපදෙස් සහ විශ්වාසනීය හවුල්කාරිත්වයක් ව්‍යවසායකයන්ට අත්‍යවශ්‍යයි. DFCC ප්‍රගති හරහා මෙම සියලුම අංග එකම වේදිකාවකට ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා. එමගින්, ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත්ම ක්ෂේත්‍රයක් වන MSME ක්ෂේත්‍රයේ වර්ධනයට මෙන්ම ව්‍යාපාරිකයන්ගේ සෑම වර්ධන අදියරකටම අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට අපට හැකියාව ලැබෙනවා. එමෙන්ම DFCC ආලෝකා – ප්‍රගති හරහා කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීමටත්, කාන්තාවන්ට සම අවස්ථා හිමි වන ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමටත් අප අපගේ කැපවීම තවදුරටත් තහවුරු කරනවා.”

දිවයින පුරා විහිදී සිටින 75 කට අධික ප්‍රගති සබඳතා නිලධාරීන්ගෙන් සමන්විත සුවිශේෂී කණ්ඩායමක් මගින්, එක් එක් ප්‍රදේශයට සහ ව්‍යාපාරයට ගැළපෙන පරිදි පෞද්ගලික මට්ටමේ උපදේශන සහ සහාය ව්‍යවසායකයන් වෙත ලබා දීමට කටයුතු යොදා ඇත. MSME ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් DFCC බැංකුව දක්වන මෙම දීර්ඝකාලීන දායකත්වය අගයමින්, ආසියා පැසිෆික් සංවර්ධන මූල්‍ය ආයතන සංගමය (ADFIAP) සහ Karlsruhe ඇතුළු දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකින්ද බැංකුව ඇගයීමට ලක්ව ඇත.

දශක හතකට වැඩි කාලයක් පුරා, වර්ධනය වීමේ අභිලාෂය ඇති ව්‍යාපාර සඳහා ශක්තියක් වෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුරෝගාමීත්වයට DFCC බැංකුව සක්‍රීය දායකත්වයක් ලබා දී ඇත. DFCC ප්‍රගති යනු එම පරමාදර්ශී උරුමයේ තවත් පියවරක් වන අතර, ව්‍යවසායකයන් සවිබල ගැන්වීම, MSME ක්ෂේත්‍රය බලගැන්වීම සහ වඩාත් නම්‍යශීලී මෙන්ම සර්වපාක්ෂික ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් බැංකුව දක්වන කැපවීම මෙමගින් නැවතත් තහවුරු කෙරේ.

DFCC ප්‍රගති සහ DFCC ආලෝකා – ප්‍රගති පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා පිහිටි ඕනෑම DFCC බැංකු ශාඛාවකට පිවිසෙන්න, නැතහොත් 011 235 0000 අංකය අමතන්න.

BYD Mobile App හඳුන්වා දී...
නල්ලූර් කන්දස්වාමි කෝවිල් මංගල්‍යයේ ආගමික...
ITC Ratnadipa Welcomes Chef Prakhar...
28 Years of Fitness Evolution:...
5 ශ්‍රේණියේ දරුදැරියන් 6,500 කට...
ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා...
KOKO සහ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එක්ව...
Colombo Dockyard marks World Maritime...
ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා...
KOKO සහ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එක්ව...
Colombo Dockyard marks World Maritime...
KOKO மற்றும் Ceylinco கூட்டாண்மையில் இலங்கையின்...