ශ්‍රී ලංකාවේ හොඳම ESG බැංකුව ලෙස සම්පත් බැංකුව, Euromoney Awards හි කිරුළු පළඳියි

Share

Share

Share

Share

2025 Euromoney Awards for Excellence 2025 විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ පාරිසරික, සමාජයීය සහ පරිපාලනය (ESG) සඳහා හොඳම බැංකුව වශයෙන් සම්පත් බැංකුව ගෞරව බහුමානයට ලක්ව තිබේ. සිංගප්පූරුවේ දී උත්සවාකාරයෙන් පැවති මෙම සම්මාන උළෙලේදී, සිය මූලෝපායයන් සඳහා තිරසාරභාවය ඇතුළත් කිරීම සහ සියලුම කොටස්කරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් එකතු කිරීම සම්බන්ධයෙන් සම්පත් බැංකුව, ගෝලීයව හා කලාපීය වශයෙන් පිළිගත් බැංකු සහ මුල්‍ය ආයතන සමූහයක් අතරට ස්ථානගත වීම එහිදී කැපී පෙණුනි.

Euromoney විශිෂ්ටතා සම්මාන සඳහා ඉදිරිපත් කිරීමේ දී සම්පත් බැංකුව 2024 වසරේ සිට ප්‍රධාන තිරසාරත්ව සංධිස්ථාන කිහිපයක්ම ප්‍රදර්ශනය කර තිබුණි. එහිදී හරිත මුල්‍යකරණ වැඩසටහන ඔස්සේ බලශක්ති ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 1.44 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 4.78ක්) යෙදවීම, පිරිසිදු බලශක්ති ප්‍රවේශයක් සඳහා සූර්ය ණය සහන දියත් කිරීම සහ සේවකයින් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 1,418 දෙනෙකු ESG පුහුණුව යටතේ සන්නද්ධ කිරීම යනාදිය ඊට ඇතුළත් විය. මෙම අභ්‍යන්තර මුලපිරීම් මගින් බැංකුවේ කාබන් පියසටහන 8% කින් අඩු කිරීමට සහ ශාඛා ජාලය හරහා සූර්ය බලශක්ති උත්පාදනය 36%කින් වැඩි කිරීමට ද සම්පත් බැංකුව දායක විය. ඊට අමතරව සම්පත් බැංකුව අපද්‍රව්‍ය අවම කිරීමේ පිළිවෙත් සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් ප්ලාස්ටික් භාවිතය අඩු කිරීමේ අරමුණින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ලෝහ ක්‍රෙඩිට් කාඩ්පත් ද හඳුන්වා දුන්නේ ය.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සම්පත් බැංකුවේ යෝජිත කළමනාකාර අධ්‍යක්ෂ සංජය ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. ‘‘Euromoney විසින් ශ්‍රී ලංකාවේ හොඳම ESG බැංකුව ලෙස පිළිගැනීමට ලක් කිරීම සම්පත් බැංකුවට අතිශය වැදගත් මොහොතක්. තිරසාරභාවය අපගේ ව්‍යාපාරයේ මූලීකාංගයක් බවට පත් කිරීමට සහ රටේ තිරසාරත්වය සඳහා දක්වන අඛණ්ඩ කැපවීම ද මෙම ජයග්‍රහණය ඔස්සේ පිළිඹිබු කෙරෙනවා. ආයතනික පරිපාලනය, හරිත මුල්‍යකරණය, නිෂ්පාදන නවෝත්පාදනය සහ ශක්‍යතාවන් වර්ධනය සඳහා වූ අපගේ මුලපිරීම්, ශ්‍රී ලංකාවේ තිරසාරත්ව අනාගතයක් නිර්මාණය කිරීමෙහිලා සිදු කරන දීර්ඝකාලීන ආයෝජනයන්ය. අප ලද මෙම සම්මානය සම්පත් බැංකු කණ්ඩායම, සමඟ විශ්වාසයෙන් යුතුව අත්වැල් බැඳගෙන සිටින අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට, කොටස්කරුවන්ට හා අනෙකුත් පාර්ශ්වකරුවන්ට පිදෙන උපහාරයක් ද වෙනවා’’
සම්පත් බැංකුව විසින් ගොවි ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන සම්ප්‍රදායික වාරි පද්ධතීන් යළි ප්‍රතිසංස්කරණය කරන ‘වැවට ජීවයක්’, කොරල්පර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ‘සයුරට හුස්මක්’ මෙන්ම කැස්බෑ සංරක්ෂණය සහ කඩොලාන ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය ඇතුළු සම්පත් බැංකුවේ ප්‍රමුඛතම ආයතනික වගකීම් ව්‍යාපෘතීන් රැසක් මෙම Euromoney සම්මානය දිනාගැනීමට ඉස්මතු වූයේ ය. එමෙන්ම පාසල් 88ක් ආවරණ වන පරිදි රුක් රෝපණය කිරීමේ වැඩසටහන සහ හරිත මුල්‍යකරණය සහ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක කළ මුලපිරීම් ඔස්සේ තිරසාරභාවය සහ ESG එ්කාබද්ධ කිරීමට සම්පත් බැංකුව දක්වන නිරන්තර කැපවීම පෙන්නුම් කරනු ලබයි.

විශිෂ්ටත්වය සඳහා වන Euromoney සම්මාන, මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ වඩාත් ගෞරවනීය සම්මානයන් අතරට එක් වේ. දශක පහකට වැඩි කාලයක් බැංකු හා ප්‍රාග්ධන වෙළෙඳපොළවල ප්‍රමුඛ ආධිපත්‍යයක් දරන එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රකාශනයක් වන Euromoney විසින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම සම්මාන උළෙල, රටවල් 100කට අධික සංඛ්‍යාවක නවෝත්පාදනය, දිගුකාලීන පැවැත්ම සහ නායකත්වය සඳහා වන මිණුම් ලකුණක් ලෙස සැලකේ. ESG කාණ්ඩයේ දී, ආයතනික පාලන රාමුව, තිරසාර මූල්‍යකරණ වැඩසටහන්, සේවා නවෝත්පාදනය, ශක්‍යතා වර්ධනය සහ ගෝලීය ප්‍රමිතීන් සමඟ පෙළගැස්වීම මත ඇගයුමට ලක් කෙරෙන අතර, එමගින් වගකිවයුතු බැංකුකරණයක් සඳහා පුළුල් ප්‍රවේශයක් සනිටුහන් කරයි.

සම්පත් බැංකුව ලද මෙම පිළිගැනීම තුළින් තිරසාර මුල්‍ය ක්ෂේත්‍රයේ නායකත්වය සහ සියලුම හා වගකිව යුතු ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා විශ්වාසවන්ත හවුල්කරුවෙකුගේ භූමිකාව යළි යළිත් ශක්තිමත් වේ. ශ්‍රී ලංකාව සහ මෙරට ප්‍රජාවට දිගුකාලීන වටිනාකමක් එකතු කිරීම සහතික කරමින් සම්පත් බැංකුවේ සියලු මෙහෙයුම් අංශ හරහා ESG මූලධර්මයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කැප වී සිටියි.

ஜனசக்தி பைனான்ஸ், பெண்களின் புத்திசாதுரியமான நிதி...
Janashakthi Foundation and President’s Fund...
ජනශක්ති පදනම සහ ජනාධිපති අරමුදල...
Samsung இன் புதிய Galaxy A57...
Stopping Financial Fraud Before It...
Janashakthi Life strengthens commitment to...
HNB FINANCE PLC, BMPC 2026...
City of Dreams Sri Lanka,...
Janashakthi Life strengthens commitment to...
HNB FINANCE PLC, BMPC 2026...
City of Dreams Sri Lanka,...
බ්‍රිතාන්‍යයේ දොරටු විවරවීමත් සමගම මෙහි...