ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

Share

Share

Share

Share

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පසුගියදා රුපියල් මිලියන 50ක් පරිත්‍යාග කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීමට මෙම අරමුදල නිර්මාණය කර ඇත.

මෙම මූල්‍ය පරිත්‍යාගය SLCPI විධායක කමිටුව විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් ලබා දෙන ලදී. SLCPI විධායක කමිටුව නියෝජනය කරමින් එහි සභාපති සහ සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා විධායක අධ්‍යක්ෂ, ශාන්ත බණ්ඩාර, SLCPI හිටපු සභාපති මයිල්වාගනම් ප්‍රතාබන්, උප සභාපතිවරුන් වන නිශාන්ත වීරසිංහ සහ ආචාර්ය මහේෂ රණසෝම සහ ලේකම් අයිවින් ජේසුමනී යන මහත්වරුන් ඇතුළත් විය.

සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමට සහ වැදගත් යටිතල පහසුකම් නැවත ගොඩනැගීමට සහාය වීමේ අරමුණින් මෙම පරිත්‍යාගය සිදු කරන බව SLCPI පැවසීය. මෙම මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආපදා කළමනාකරණ කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය. තවද සෞඛ්‍ය සේවා ඇතුළු අත්‍යවශ්‍ය මහජන සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමේදී එම කටයුතු අඛණ්ඩව කරගෙන යා හැකි බව සහතික කිරීමට මෙම මුදල් උපකාරී වනු ඇති බව ද SLCPI වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ (SLCPI) සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ “ශ්‍රී ලංකාවට නැවත යථා තත්ත්වයට පත් විය හැක්කේ, මෙම ව්‍යසනයෙන් හානියට ලක් වූ ප්‍රදේශ හා යටිතල පහසුකම් නැවත ගොඩනඟන අතරතුර අත්‍යවශ්‍ය මහජන සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුවහොත් පමණයි. මෙම පරිත්‍යාගය හරහා ඖෂධ කර්මාන්තය ව්‍යසනයකදී ක්ෂණික ආපදා ප්‍රතිචාර අවශ්‍යතා සඳහා සහාය වීමත් රටේ සෞඛ්‍ය පද්ධතිය දිගු කාලීනව ශක්තිමත් කිරීමටත් උපකාර කරනවා. SLCPI හි සියලුම සාමාජිකයින් වගකීමෙන් යුතුව කටයුතු කිරීම, පුළුල් සහයෝගයක් ලබා දීම සහ ප්‍රායෝගික හා ප්‍රයෝජනවත් ක්‍රියාමාර්ග හරහා රට නැවත ගොඩනැගීමට සහභාගී වීමට සාමූහිකව කැපවන බව මෙමගින් මැනවින් පෙන්නුම් කරනවා.” යනුවෙනි.

“ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය විසින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට ලබා දුන් මෙම පරිත්‍යාගය රජය ලෙස අප අගය කිරීමට කැමතියි. රටේ අභියෝගාත්මක කාලවලදී අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවත්වා ගැනීමට සහ නැවත ගොඩනැගීමේ කටයුතු අඛණ්ඩව සිදුවන විට සේවා සැපයීම ශක්තිමත් කිරීමට මෙවැනි සහයෝගයක් ඉතා වැදගත්.’’ යනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

පෞද්ගලික ඖෂධ කර්මාන්තයේ 80%කට වැඩි නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදා හරින්නන් හා වෙළෙඳ ආයතනයන්ගෙන් සමන්විත සාමාජිකයන් 70කට අධික සංඛ්‍යාවක ප්‍රධාන නියෝජිත ආයතනය ලෙස SLCPI කටයුතු කරනු ලබයි. මෙම කර්මාන්තය සෘජුවම 80,000කට අධික පිරිසකට රැකියා සපයන අතර වක්‍රව තවත් 400,000කට ආසන්න පිරිසකට සහාය වේ. එමඟින් එය ජාතික ආර්ථිකයට සහ සෞඛ්‍ය සේවා සැපයීමට අතිශයින් වැදගත් දායකත්වයක් සපයයි.

HNB Finance පසුගිය වසරට සාපේක්ෂව...
Uniting the Pulse of a...
TWC Capital Advises CBL Group...
ஐசிசி ஆடவர் T20 உலகக் கிண்ணத்தின்...
முதல் ஒன்பது மாதங்களில் 48.9 பில்லியன்...
Charcoal හි කොළඹ ආගමනය සමඟින්...
හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන කමල්...
Huawei විවිධ අංශයන්හි පාරිසරික දායකත්වය...
Charcoal හි කොළඹ ආගමනය සමඟින්...
හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන කමල්...
Huawei විවිධ අංශයන්හි පාරිසරික දායකත්වය...
අලෙවියෙන් පසු සේවා ජාලය ශක්තිමත්...