සන්නාමයන්හි වර්ධනයට සවියක් වෙමින් TikTok සිය නවතම නිර්මාණාත්මක විසඳුම Cannes Lions හිදී එළිදක්වයි

Share

Share

Share

Share

නිර්මාණශීලීත්වය හරහා ව්‍යාපාරික සාර්ථකත්වයන් අත්කර දෙන සුවිශේෂී සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok, 2026 Cannes Lions හිදී සිය නවතම නිර්මාණාත්මක විසඳුම එළි දැක්වීමට පසුගියදා සමත් විය. ඒ සංස්කෘතික ප්‍රවණතා ඔස්සේ පාරිභෝගිකයින් සමඟ වඩාත් සමීපව සම්බන්ධ විය හැකි නවතම agentic AI තාක්ෂණික විසඳුම් සහ පුළුල් අවස්ථාවන් රැසක් එම වේදිකාව විසින් ප්‍රදර්ශනය කරමිනි. එමඟින් පාරිභෝගිකයින්ගේ ආකර්ෂණය සෘජු ක්‍රියාමාර්ග වෙත හරවා ගැනීමටත්, නිර්මාණශීලී අදහස් පැහැදිලි ව්‍යාපාරික ප්‍රතිඵල බවට පත් කිරීමටත් අවස්ථාව උදා වනු ඇත.

Agentic AI තාක්ෂණය මඟින් නිර්මාණශීලීත්වයේ උපරිම ප්‍රතිඵල ලබාගැනීම
TikTok හි නවතම AI තාක්ෂණය වන Symphony Agent වෙළෙඳ දැන්වීම්කරුවන්ට සංස්කෘතික ප්‍රවණතා සමඟ ගැලපෙන TikTok-first ප්‍රචාරණ ව්‍යාපාර ඉක්මණින් මෙන්ම වඩා වැඩි ආකාරයෙන් නිර්මාණය කිරීමට අවස්ථාව උදා කර දෙයි. මෙම මෙවලම AI labels, invisible watermarks සහ content moderation filters වැනි ආරක්ෂක විශේෂාංග සමඟින්, වෙළෙඳ දැන්වීම්කරුවන්ගේ අරමුණු අනුව තමන් කැමති ආකාරයේ වීඩියෝ නිර්මාණය කිරීමට මෙන්ම හොඳම නිර්මාණ විසඳුම් සෙවීමට උපකාරී වේ.

[Symphony Agent Sizzle: https://f.io/fysT-7lp]

Symphony Agent, TikTok හි නිර්මාණාත්මක විසඳුම් හරහා නිර්මාණාත්මක අදහස් ඉක්මනින් ප්‍රායෝගික දැන්වීම් බවට පත් කිරීමට අවස්ථාව උදා කර දෙයි.

දකුණු ආසියාවේදී, Symphony Agent in Symphony Creative Studio හරහා AI-powered chat අත්දැකීමක් තුලින් මිනිත්තු කිහිපයකින් ඉහළ මට්ටමේ TikTok දැන්වීම් නිර්මාණය කළ හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැද පෙරදිග, තුර්කිය, අප්‍රිකාව, ලතින් ඇමෙරිකාව, මධ්‍යම සහ දකුණු ආසියානු කලාපය සඳහා වන TikTok හි ගෝලීය ව්‍යාපාරික විසඳුම් අංශයේ සාමාන්‍යාධිකාරී Shadi Kandil මහතා සඳහන් කර සිටියේ “නිර්මාණශීලීත්වය සෑමවිටම TikTok අත්දැකීමේ හදවතයි. දැන් agentic AI තාක්ෂණය නිසා අදහස් වර්ධනය කිරීමට ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක මිරීම වෙනුවෙන් නව අවස්ථාවන් රැසක් උදාවෙමින් පවතිනවා. Symphony Agent හරහා පාරිභෝගික රුචිකත්වයන් හඳුනාගෙන ඒවා නිර්මාණාත්මක දැන්වීම් අදහස් බවට පත් කිරීමටත්, පැහැදිලි ව්‍යාපාරික ප්‍රතිඵල ලබාගැනීමටත් සන්නාමයන්ට හැකියාව ලැබෙනවා. මෙම තාක්ෂණය TikTok වෙදිකාවටම ගැළපෙන ප්‍රචාරණ ව්‍යාපාර නිර්මාණය කිරීම, නිවැරදි නිර්මාණකරුවන් සහ ප්‍රජාවන් හඳුනාගැනීම හෝ විවිධ කලාප පුරා සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම වැනි ඕනෑම අවස්ථාවකදී නිර්මාණශීලීත්වය උපරිම කිරීමට සහ ඉහළම ප්‍රතිඵල ළඟා කර ගැනීමට උපකාරී වනවා.” යනුවෙනි.

ප්‍රේක්ෂකයින් නිරන්තරයෙන් ආකර්ෂණීය වීඩියෝ බැලීමට බලාපොරොත්තු වන නිසා TikTok වේදිකාව තුළ ව්‍යාපාරික වර්ධනයේ ප්‍රධානතම සාධකය බවට පත්ව ඇත්තේ නිර්මාණශීලීත්වයයි. AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන නිර්මාණාත්මක මෙවලම්, වීඩියෝ නිර්මාණකරුවන් සමඟ ඇති ඉහළ සහයෝගීතාවය හෝ විවිධ ප්‍රජාවන් සමඟ සන්නාමයන් සම්බන්ධ වන නව ක්‍රමවේදයන් හරහා ඉහළ ව්‍යාපාරික ප්‍රතිඵල ලබාදෙන වීඩියෝ නිර්මාණය කිරීමට TikTok විසින් තවදුරටත් පහසු කරනු ඇත.

AI மூலம் விளம்பரத்துறையில் புரட்சியை ஏற்படுத்தும்...
50 ஆண்டுகால கால்பந்துப் பயணம், 140...
LANKATILES Launches Sri Lanka’s First...
500 ட்ரோன்களின் கண்கவர் காட்சியுடன் பிரம்மாண்டமாகத்...
LANKATILES ශ්‍රී ලංකාවේ පළමු සූර්ය...
ඩ්‍රෝන 500ක ආකර්ෂණීය සංදර්ශනයක් සමඟින්...
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ...
UN Global Compact Network Sri...
ඩ්‍රෝන 500ක ආකර්ෂණීය සංදර්ශනයක් සමඟින්...
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ...
UN Global Compact Network Sri...
Sophos Named a Champion in...