සන්ෂයින් හි කළමනාකරුවෙකු ලෙස ප්‍රථම වරට පත් වූ සාමාජිකයින්ට විශේෂ කළමනාකාර පුහුණු වැඩසටහනක්

Share

Share

Share

Share

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය ආයතනයේ කළමනාකාර භූමිකාවන්ට පළමු වරට පිවිසෙන සාමාජික සාමාජිකාවන්ට සහාය වීම සඳහා පැවැත්වූ විශේෂ කළමනාකාර පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කළේය. අර්ථාන්විත හා වටිනා එකක් වූ මෙම පුහුණුව OneHR Learning Labs විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ මෙම නව කළමනාකරුවන්ට ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට සහ සමූහය තුළ ඔවුන්ගේ භූමිකාවන් සඳහා සූදානම් වීමට උපකාර කිරීම සඳහා ය.

මෙම විශේෂ පුහුණුව අදියර තුනකින් සමන්විත විය. එහි පළමු සැසිය 2024 නොවැම්බර් මාසයේදී ද, දෙවැන්න 2025 ජනවාරි මාසයේදී සිදු වූ අතර අප්‍රේල් මාසයේදී පැවති තුන් දින නේවාසික පුහුණුවකින් එය අවසන් විය. අනාගත නායකයින් සංවර්ධනය කිරීම කෙරෙහි සමාගමේ අවධානය පෙන්නුම් කරන ‘’Passport to Leadership” යන තේමාව යටතේ මෙම තුන්වන අදියර පැවැත්විණි.

මෙම වැඩසටහන කළමනාකරුවන් හට ඔවුන්ගේ නව නායකත්ව වගකීම්වලට හැඩගැසීමට උපකාරී කිරීම සඳහා වටිනා අවස්ථාවක් විය. දින නවයක් පුරා පැවති මෙම නේවාසික පුහුණුවට සහභාගීවූවන් කළමනාකරණ දැනුම, පුද්ගලික වර්ධනය, කණ්ඩායම් සහයෝගීතාවය සහ සමාගමක සේවා සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැනි විවිධ සැසිවලට සහභාගී විය. සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් මෙවැනි පුළුල් නේවාසික පුහුණු වැඩසටහනක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය විය.

විස්තීර්ණ ඉගෙනුම් අත්දැකීමක් ලෙස නිර්මාණය කර තිබූ මෙය සන්ෂයින් සාමාජිකයින්ට ආකර්ෂණීය හා අමතක නොවන මෙන්ම අභියෝගාත්මක පරිසරයක පුද්ගලිකව සහ වෘත්තීයමය වශයෙන් දියුණු වීම පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දුන්නේය. මෙම සැසි ‘’Back to School’’, ‘’007’’ සහ ‘’Jungle’’ වැනි තේමාවන් යටතේ විනෝදාත්මක ක්‍රියාකාරකම්වලින් ද සමන්විත විය. මීට අමතරව චිත්තවේග කළමනාකරණය කිරීමට ඇති හැකියාව (emotional intelligence), සන්නිවේදනය, පොදු නායකත්ව කුසලතා සහ විවිධ කණ්ඩායම් සාමාජිකයින්ගේ පෞරුෂයන්, වැඩ කරන ආකාරයන් හා කණ්ඩායමක් ලෙස එකට වැඩ කටයුතු කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම (team profiling) ආදිය පිළිබඳ වැදගත් සැසි ද මෙයට ඇතුළත් විය.

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන පුද්ගල සහ ආයතනික සන්නිවේදන නිලධාරිනී මිෂෙල් සේනානායක මහත්මිය මෙම සැසි සැලසුම් කිරීමේදී සහ මෙහෙයවීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළාය. ඇය විසින් මෙහෙයවනු ලැබූ සැසි මගින් පුද්ගලික සංවර්ධනය, සන්ෂයින් හි ආයතනික සංස්කෘතිය, සන්ෂයින් හි විවිධ නායකත්ව ප්‍රවේශයන් සහ කණ්ඩායමක් පළමු වරට කළමනාකරණය කිරීමට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා ඉගැන්වීම වැනි වැදගත් මාතෘකා ආවරණය කරන ලදී.

‘’Dan & Ken’’ නියෝජනය කරමින් තරිඳු අමරසේකර, ඉමේෂා ගජවීර සහ ශ්‍යාම් රණසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර උපදේශක) විසින් නායකත්වය, කාලය කළමනාකරණය කිරීම, සන්නිවේදනය සහ පීඩනය යටතේ හොඳ තීරණ ගැනීම පිළිබඳ සැසි මෙහෙයවූහ. ආචාර විධි පිළිබඳ පළපුරුදු වෘත්තිකයෙකු වන කුමාර් ද සිල්වා ව්‍යාපාරික ආචාර විධි හා ආහාර ගැනීමේ නිවැරදි පිළිවෙත් පිළිබඳ සැසියක් සහ රොසෑන් ඩයස් පෞරුෂත්ව සංවර්ධනය හා පෞද්ගලික ජීවිතය හැඩගැන්වීම පිළිබඳ සැසියක් පැවැත්වීය.

මෙම පුහුණුව පිළිබඳව අදහස් දක්වමින් මිෂෙල් සේනානායක මහත්මිය පැවසුවේ “පුහුණු වැඩසටහනකට වඩා ඉන් ඔබ්බට යමින් සන්ෂයින් තම සේවකයින්ගේ කුසලතා හා හැකියාවන් කොතරම් විශ්වාස කරනවාද යන්න මෙයින් මනාව පෙන්නුම් කරනවා. අපගේ සාමාජිකයින්ට ඔවුන්ගේ නායකත්ව ගමනේ ආරම්භයේ සිටම ඔවුන්ට නිවැරදි මානසිකත්වය, ප්‍රායෝගික මෙවලම් සහ ඵලදායී ලෙස නායකත්වය දීමට විශ්වාසය ලබා දීමෙන් ඔවුන්ට සහාය වීමට අපි කැපවී සිටිනවා. ඒවගේම සමාගම තුළින්ම දක්ෂතා වර්ධනය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට අපගේ දැඩි කැපවීම හා උත්සාහයද මෙමගින් අවධාරණය කරනවා.” යනුවෙනි.

Softlogic Life launches future-ready Learning...
HNB 24/7 පැයේ නව පාරිභෝගික...
John Keells CG Auto පුද්....
TikTok releases Q1 2025 Community...
පහසු වාහන ලීසිං විසඳුම් ලබා...
ශ්‍රී ලංකාවේ රෙදිපිලි හා ඇඟලුම්...
2026 நிதியாண்டின் முதல் காலாண்டில் 11.6%...
ශ්‍රී ලංකාවේ විශ්වාසදායී සූර්ය පැනල...
ශ්‍රී ලංකාවේ රෙදිපිලි හා ඇඟලුම්...
2026 நிதியாண்டின் முதல் காலாண்டில் 11.6%...
ශ්‍රී ලංකාවේ විශ්වාසදායී සූර්ය පැනල...
TikTok தளத்தில் குறைந்த செலவில் சுற்றுலா...