සන්ෂයින් හෝල්ඩින්ග්ස් පාරිසරික, සෞඛ්‍ය සහ ආරක්ෂාව (EHS) පිළිබඳ ප්‍රතිපත්ති උදෙසා වන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි

Share

Share

Share

Share

සමාගමේ සේවය කරන 1,700කට වැඩි සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීමට මෙමගින් අරමුණු කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම ඔවුන්ගේ පාරිසරික, සෞඛ්‍ය සහ ආරක්ෂාව (EHS) පිළිබඳ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ශක්තිමත් කළ බව නිවේදනය කළේය. සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම්වල ගැඹුරින් තහවුරු කර ඇති ආරක්ෂාව, සෞඛ්‍ය සහ පාරිසරික රැකවරණය යන අංශවල වැදගත්කම තවදුරටත් අවධාරණය කරමින් මෑතකදී පැවති Sunshine Safety Forum හිදී මෙම නිවේදනය සිදු කෙරිණි. ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ (NIOSH) අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා අමරසිංහ මහත්මිය මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ අතර සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම්, සන්ෂයින් හෝල්ඩින්ග්ස් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ සේවක සේවකයින් ඇතුළු පිරිසක් මෙයට සහභාගි විය.

වර්තමානයේදී ආයතනවලට සේවක යහපැවැත්ම සහතික කිරීම, පාරිසරික බලපෑම අවම කිරීම මෙන්ම ආරක්ෂාව සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා EHS ප්‍රතිපත්ති ඉතා වැදගත් වෙයි. තවද එය සේවා ස්ථානයේ සිදුවන අනතුරුවලින් සේවකයින් ආරක්ෂා කිරීමට, ඵලදායිතාව ඉහළ නැංවීමට, අනතුරු සම්බන්ධ වියදම් අඩු කිරීමට සහ තිරසාර මෙහෙයුම් සඳහා සහාය වීමට උපකාරී වේ. මෙවැනි තත්වයක් තුළ සන්ෂයින් හෝල්ඩින්ග්ස් ආරක්ෂිත සහ වඩා වගකීම් සහිත සේවා පරිසරයක් සහතික කිරීම සඳහා සිය EHS ප්‍රතිපත්ති යාවත්කාලීන කරමින් වගකීම් සහගත ව්‍යාපාරික ක්‍රමවේද සඳහා වන සමාගමේ කැපවීම නැවත අවධාරණය කර ඇත. යාවත්කාලීන කරන ලද EHS ප්‍රතිපත්තිවලට එහි සේවය කරනු ලබන 1700කට වැඩි සේවක සේවිකාවන් සඳහා ක්‍රියාත්මක වන නවීන ආරක්ෂිත සහ සෞඛ්‍ය ප්‍රමිතීන් ඇතුළත් වේ.

සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා මෙම ප්‍රතිපත්ති මාලාවේ ඇති වැදගත්කම අවධාරණය කරමින් පැවසුවේ “අපගේ සාර්ථකත්වයට ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් ඉතා වැදගත් යැයි අප විශ්වාස කරනවා. යාවත්කාලීන කරන ලද අපගේ ෑ්‍යී ප්‍රතිපත්ති මාලාව සේවක යහපැවැත්ම සහ පාරිසරික තිරසාරභාවය සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරන කදිම සාක්ෂියක්. එකට එක්ව වැඩ කිරීමෙන් ආරක්ෂාව සහ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන සේවා සංස්කෘතියක් ගොඩනැගිය හැකියි.” යනුවෙනි.

Sunshine Safety Forum හිදී නව EHS ලාංඡනය සහ ආරක්ෂණ ප්‍රතිපත්තිය එළිදක්වන ලද අතර සේවා ස්ථානය තුළ සුපරීක්ෂාකාරී සහ වගකීම් සහගත සංස්කෘතියක් ඇති කිරීමට සමාගම දක්වන කැපවීම එයින් මනාව පෙන්නුම් කළේය. මීට අමතරව සන්ෂයින් සමූහය නියෝජනය කරන අනෙකුත් ආයතනවල ආරක්ෂක, ගිනි නිවීම සහ ප්‍රථමාධාර කණ්ඩායම් ද මෙහිදී හඳුන්වා දෙන ලදී.

යාවත්කාලීන කරන ලද මෙම EHS ක්‍රමවේද අනුගමනය කරන බව සහතික කිරීම සඳහා මෙම කණ්ඩායම් වගකිව යුතු වන අතර සේවා ස්ථානය ආරක්ෂිතව තබා ගැනීමට ඔවුන් සිදු කරනු ලබන වැදගත් කාර්යභාරය පෙන්වීමට මෙම සෑම කණ්ඩායමකටම ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දෙන ලදී.

වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීමට සන්ෂයින් හෝල්ඩින්ග්ස් දක්වන කැපවීම පිළිබඳව ප්‍රශංසා කරමින් වෛද්‍ය චම්පිකා අමරසිංහ මහත්මිය සඳහන් කළේ “සන්ෂයින් හෝල්ඩින්ග්ස් ඔවුන්ගේ EHS ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කිරීමට දක්වන කැපවීම ඉතා විශිෂ්ටයි. නව ආරක්ෂණ ප්‍රතිපත්ති මාලාවක් සමඟ යාවත්කාලීන කර ඇති මෙම EHS ප්‍රතිපත්තිය, සේවකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාවට මුල්තැන දීමෙන් ව්‍යාපාරික අරමුණුවලට සාර්ථකව ළඟා විය හැකි බව පෙන්නුම් කරන වැදගත් අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි. ඒවගේම ආරක්ෂාව, සෞඛ්‍යය සහ පාරිසරික වගකීම් කෙරෙහි අවධානය යොමු කරන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ව්‍යාපාරික ක්‍රමය ශක්තිමත් සහ කල්පවත්නා ව්‍යාපාරික ක්‍රමවේද ගොඩනැගීම සඳහා අපූරු ආදර්ශයක් සපයනවා. මෙම ක්‍රමවේද මගින් සමාගමට අඛණ්ඩව සාර්ථකව ක්‍රියාත්මක වීමටත් එහි පාර්ශවකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමටත් උපකාරී වනවා.” යනුවෙනි.

සන්ෂයින් හෝල්ඩින්ග්ස් යනු ශ්‍රී ලංකා ආර්ථිකයේ සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල උපායමාර්ගික ආයෝජන සමඟ වටිනාකමක් ඇති කරමින් “ජාතිය ගොඩනැගීමට” දායකත්වයක් දක්වන සමූහ ව්‍යාපාරයකි.

1967 වසරේදී ආරම්භ කරන ලද මෙම සමූහය සේවකයින් 2,000 කට අධික සංඛ්‍යාවකින් සහ FY23 සඳහා රු. බිලියන 55ක ආදායමක් සමඟින් මේ වන විට Zesta Tea, Watawala Tea, Ran Kahata, Daintee, Milady, Healthguard Pharmacy සහ ලීනා මැනුෆැක්චරින් වැනි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය සන්නාමවලට නිවහන සපයයි. සමූහයේ ව්‍යාපාරික ඒකකවලට Sunshine Healthcare Lanka, Sunshine Consumer Lanka සහ Watawala Plantations PLC ඇතුළත් වන අතර, ඒවා අදාළ අංශවල පුරෝගාමීන් වේ. ඒවායින් බොහොමයක් ආයතන “Great Place to Work” සහතිය හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.

BOI Sri Lanka discusses strategic...
HNB ජා-ඇල පාරිභෝගික ඒකකය නවතම...
Planters’ Association of Ceylon Charts...
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නඟා සිටුවීම...
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා...
ஜனாதிபதி தேர்தலின் போது தவறான தகவல்களை...
Jungle Kitchen, with roots in...
TikTok Strengthens Measures to Combat...
ஜனாதிபதி தேர்தலின் போது தவறான தகவல்களை...
Jungle Kitchen, with roots in...
TikTok Strengthens Measures to Combat...
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි...