සම්පත් බැංකුව ශ්‍රී ලාංකේය ළමා පරපුරේ නිර්මාණ හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් ‘සිත්තර සම්පත්’ දියත් කරයි

Share

Share

Share

Share

සම්පත් බැංකුව විසින් මෙරට ළමා චිත්‍ර ශිල්පීන්ගේ හැකියාවන් ඉහළ නැංවීම වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හා ලෝක ළමා දිනයට සමගාමීව පසුගියදා සුවිශේෂී චිත්‍ර තරඟාවලියක් සංවිධානය කරන ලදී. ‘හෙට දින හැඩ කරන සිත්තර සම්පත්’ යනුවෙන් නම් කර තිබූ එම චිත්‍ර තරඟාවලිය සැප්තැම්බර් 23 වන දින සිට 30 වන දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ. සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් පැවති එම තරඟාවලිය සඳහා වයස් කාණ්ඩ 2ක් යටතේ ළමා චිත්‍ර ශිල්පීන් රැසක් එක්ව සිටි අතර ඔවුන්ගේ චිත්‍ර අතුරින් ජයග්‍රහණය කළ නිර්මාණ ශිල්පීන් දිනපතා තෝරා ගනිමින් ත්‍යාග ප්‍රදානය කිරීමද විශේෂත්වයකි. එමෙන්ම එම පරිශ්‍රයේ ඉදි කළ ‘සිත්තර පවුර’ තුළින් පසුගිය වසරේ ළමා නිර්මාණ ශිල්පීන් විසින් එදිනෙදා සිතුවම් කරන ලද චිත්‍ර රස විඳීමේ අවස්ථාවද සම්පත් බැංකුව විසින් උදා කර දෙනු ලැබීය.

මෙහිදී පළමු වයස් කාණ්ඩය ලෙස අවුරුදු 04 සිට 6 දක්වාත්, දෙවන වයස් කාණ්ඩය අවුරුදු 07 සිට 11 දක්වාත් වෙන් කර තිබූ අතර සියලු තරඟකරුවන් විසින් ‘ සල්ලි ගොඩක් ඉතිරි කරල මම කරන දේ’ යන තේමාව ඔස්සේ සිය නිර්මාණ ඉදිරිපත් කළ යුතු විය. චිත්‍ර තරඟාවලිය පැවති දින 8 තුළදී සෑම දිනකම එක් වයස් කාණ්ඩයකින් ජයග්‍රාහකයින් තිදෙනෙකු ලෙස ජයග්‍රාහකයින් 6 දෙනෙකු තෝරා ගත් අතර දින 8 අවසානයේදී ඒ ආකාරයේ ජයග්‍රාහකයින් 48 දෙනෙකු තෝරා ගන්නා ලදී. ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් එම ජයග්‍රාහකයින් 48 දෙනා අතුරින් වයස් කාණ්ඩ දෙක යටතේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන සඳහා මුදල් ත්‍යාග පිරිනැමීමට සම්පත් බැංකුව කටයුතු කරන ලදී. ඒ අනුව ප්‍රථම ස්ථානය සඳහා රු. 25,000/-ක මුදල් ත්‍යාගයක්ද, දෙවන ස්ථානය සඳහා රු. 15,000/-ක මුදල් ත්‍යාගයක්ද, තෙවන ස්ථානය සඳහා රු. 10,000/-ක මුදල් ත්‍යාගයක්ද වශයෙන් සමස්ත තරඟයේ ජයග්‍රාහකයින් වෙත පිරිනමන ලදී.

ශ්‍රී ලාංකේය දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම හා ඉතුරුම් සඳහා දරුවන් හුරු කිරීම වෙනුවෙන් සම්පත් බැංකුවේ පියවරක් වන මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- අලෙවිකරණ හා පාරිභෝගික සබඳතා තාරක රන්වල මහතා සඳහන් කර සිටියේ “වගකීම් සහගත පුද්ගලික බැංකුවක් ලෙස සම්පත් බැංකුව නිරන්තරයෙන් දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ‘ගසයි මමයි – පුබුදු පොතයි වැනි පාසල් දරුවන් පරිසරය සමඟ සම්බන්ධ කරගනිමින් සිදු කරන ව්‍යාපෘති තුළින් එය ක්‍රියාවට නැංවීමට සම්පත් බැංකුව කටයුතු කර තිබෙනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හා ලෝක ළමා දිනයට සමගාමීව සංවිධානය කළ හෙට දින හැඩකරන සිත්තර සම්පත් චිත්‍ර තරඟාවලිය තුළින් දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ඉහළ නැංවීම හා ඒවා ඇගයීමට අමතරව දරුවන් ඉතිරි කිරීම සඳහා උනන්දු කිරීමටත් අපි බලාපොරොත්තු වනවා. එය ඔවුන්ගේ අනාගතය සවිමත් කරන හොඳම ආයෝජනය බව සම්පත් බැංකුවේ විශ්වාසයයි.” යනුවෙනි.

සම්පත් බැංකුව විසින් දැයේ දරුවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සම්පත් සපිරි හා සම්පත් පුබුදු ගිණුම් තුළින් තැන්පත් කරන මුදලට ඉහළම පොලියක් මෙන්ම ප්‍රතිලාභ රැසක් අත්පත් කර ගැනීමේ හැකියාව දරුවන් වෙත උදා කර දී ඇත්තේ ඔවුන්ගේ ජයග්‍රහණයන්හිදී සුවිසල් අත්වැලක් වෙමිනි. දරුවන්ගේ සිහින යථාර්තයක් කිරීම වෙනුවෙන් කැපවන දෙමව්පියන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වන සම්පත් පුබුදු හා සපිරි ළමා ගිණුමක් රුපියල් 500ක අවම තැන්පතුවකින් ආරම්භ කළ හැකි අතර පුබුදු ගිණුමේ තැන්පතු ඉහළ නංවා ගැනීම තුළින් පවතින ශේෂය මත වටිනා ත්‍යාග හා වවුචර්පත් දිනා ගැනීමේ අවස්ථාවද සම්පත් බැංකුව විසින් උදා කර දී ඇත. එපමණක් නොව දරුවන් වයස අවුරුදු 18 සම්පූර්ණ වන විට ළමා ඉතුරුම් ගිණුම් වැඩිහිටි ගිණුම් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාවද ඔවුන්ට උදා වේ.

ශ්‍රී ලාංකේය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂී සංධිස්ථානයන් රැසක් සනිටුහන් කර ඇති සම්පත් බැංකුව ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නව්‍යකරණ සේවාවන් රැසක් හඳුන්වා දීමටද කටයුතු කර ඇත්තේ ක්ෂේත්‍රය තුළ සිය අනන්‍යතාව මනාව තහවුරු කරමිනි. නිරන්තරයෙන් පාරිභෝගික කේන්ද්‍රීය බැංකු සේවාව හා ඩිජිටල්කරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති සම්පත් බැංකුව ආරක්ෂිත හා පුද්ගලයාට ගැලපෙන බැංකු අත්දැකීමක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට ප්‍රයත්න දරයි.

නව්‍ය තාක්ෂණයෙන්, පාරිභෝගික කේන්ද්‍රීය බැංකු සේවාවෙන් මෙන්ම ආර්ථික ස්ථාවරත්වයෙන් පමණක් නොව මිනිසත්කමෙන්ද පොහොසත් සම්පත් බැංකුව ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අද වන විට වෙළෙඳපොල ප්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීම (Touch-less Cash withdrawal) ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටින්නේ නිරන්තරයෙන් මිනිසත් කමෙන් පොහොසත් අසමසම බැංකු සේවාවක් සියලු දෙනා වෙත ගෙන එමිනි.

 

 

 

 

 

 

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...