සම්ප්‍රදාය සහ නවීනත්වය එක්තැන් කළ City of Dreams අවුරුදු සැමරුම

Share

Share

Share

Share

City of Dreams Sri Lanka මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුවිශේෂී සැමරුම් උත්සවයක් පවත්වන ලදී. දේශීය උරුමය සහ විචිත්‍රත්වය මනාව මුසු කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

දේශීය අලංකරණයන් සහ අලුත් අවුරුද්දට ආවේණික වූ තේමාවලින් හැඩවුණු උත්සව සිරිය අමුත්තන්ට මනා අත්දැකීමක් එක් කළේය. ශ්‍රී ලංකාවේ අද්විතීය සංස්කෘතියට මුල් තැන දෙමින් මෙහි අවුරුදු භෝජන සංග්‍රහයන් සූදානම් කර තිබුණි.

මීට අමතරව, මෙම උත්සවය සඳහාම විශේෂයෙන් තෝරාගත් සාම්ප්‍රදායික රංගනයන්, සැමට එක්ව රසවිඳිය හැකි අත්දැකීම් සහ සංස්කෘතික ප්‍රදර්ශනයන් කාගේත් සිත් ඇදබැඳ තබා ගැනීමට සමත් වූ අතර එමගින් මෙම උත්සවය තව තවත් වර්ණවත් විය.

අද්විතීය චාරිත්‍ර වාරිත්‍රවල සිට නවීන අත්දැකීම් දක්වා වූ සෑම අංගයකින්ම, එකමුතුකම, නැවුම් ආරම්භයන් සහ උත්සව සිරියේ සැබෑ අර්ථය පිළිඹිබු විය. එමඟින් City of Dreams Sri Lanka හට කොළඹ නගර මධ්‍යයේ සැබෑ අමතක නොවන අලුත් අවුරුදු අත්දැකීමක් නිර්මාණය කිරීමට හැකි විය.

 

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...