සමානාත්මතාවය අගයමින් ආබාධිත පුද්ගලයින්ගේ කුසලතා හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සැමරුම නොවැම්බර් 21 වනදා

Share

Share

Share

Share

සමාජය තුළ සමානාත්මතාවට ගරු කරමින් විවිධ ආබාධවලින් යුත් පුද්ගලයින් සඳහා වන කුසලතා හා ක්‍රියාකාරකම් පිළිබඳ ජාතික සැමරුම් උත්සවය එළඹෙන 21 වන දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය. GIZ 2023 -2026 ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (VTSL) සමඟ එක්ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙම සුවිශේෂී උත්සවය සංවිධානය කොට ඇත. මෙය ආබාධිත පුද්ගල කුසලතා මෙන්ම රැකියා හා ආර්ථික දායකත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ඉතා වැදගත් අවස්ථාවක් බවට පත් වනු ඇත.

සංවර්ධනය හා සහයෝගීතාව සඳහා වූ ස්විස්ටර්ලන්ත නියෝජිතය ආයතනය (SDC) සහාය යටතේ BMZ වෙනුවෙන් Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH විසින් මෙම උත්සවය ක්‍රියාවට නංවනු ලබයි. එහිදී ප්‍රතිපත්ති සම්පාදකයින්, පුහුණු ආයතන, සේවා යෝජකයින් සහ සිවිල් සමාජ හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන් ආබාධ සහිත පුද්ගලයින් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩි අවස්ථාවක් නිර්මාණය කරමින් ඔවුන් මෙරට ආර්ථික සංවර්ධනය සඳහා ශක්තිමත් ලෙස දායක කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ඒ සඳහා විවිධ හැකියාවන්ගෙන් පිරිපුන් ආබාධිත පුද්ගලයින්, සේවා යෝජකයින් සමඟ සම්බන්ධ කිරීම උදෙසා රැකියා ගැලපුම් මණ්ඩලයක් ඇතුළත් වන අතර ආබාධ සහිත පුද්ගලයින් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යවසාය ප්‍රදර්ශන සජීවී ආර්ථික කලාපයක්ද මෙහිදී දැකගත හැකි වනු ඇත. තවද හවුල්කාර ආයතනවල දරුවන් සහ වැඩිහිටියන්ගේ කලා හැකියාවන් හා කලා නිර්මාණයන් සහිත නිර්මාණාත්මක කලාපයක්ද එහිදී දැකගත හැති වනු ඇත.

ආබාධ සහිත පුද්ගලයින්ට අධ්‍යාපනය, වෘත්තීය අවස්ථා සහ රැකියා සඳහා සම්බන්ධ වීම තවමත් දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇත. සියලු දෙනාට සමානව සැලකීම තුලින් ඔවුනොවුන්ගේ හැකියාවන් හඳුනා ගැනීම, සීමාවන් ඉවත් කිරීම සහ සෑම පුද්ගලයකුටම ඉගෙනීමට, රැකියාවක් කිරීමට සහ ආර්ථිකය වෙනුවෙන් අර්ථවත් ලෙස දායක වීමට අවස්ථාව උදා කරදෙන ජාතික වැඩසටහනක් ලෙස මෙය සඳහන් කළ හැකිය.

සාධාරණ හා සමානාත්මතාවයෙන් යුත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වන කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන සඳහා එක් වන ලෙස රාජ්‍ය, පුද්ගලික හා සිවිල් සමාජ සංවිධානයන් වෙත ආරාධනා කර සිටියි.

CINEC Among Largest Providers of...
இலங்கையின் காப்புறுதித் துறைக்கு மிகச் சிறப்பாகச்...
HNB FINANCE 2026 ජාත්‍යන්තර කාන්තා...
Sri Lanka’s First 100% Renewable...
ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ YOLO...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
Huawei IP Summit 2026 highlights...