සැම්සුන් ශ්‍රී ලංකා “Go Save Today” සමඟින් නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අසමසම අවස්ථාවක් උදා කර දෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට නිවසට අවශ්‍ය ඉහළම තාක්ෂණයෙන් යුත් ප්‍රමුඛතම විදුලි උපකරණ අසමසම මිලකට මිලදී ගැනීමේ හැකියාව උදා කර දෙමින් සැම්සුන් ශ්‍රී ලංකාහි නවතම ප්‍රවර්ධන වැඩසටහන වන ‘’Go Save Today” පසුගියදා එළිදක්වන ලදී. මේ සමඟ පාරිභෝගිකයින් අතර වඩාත් ජනප්‍රිය සැම්සුන් රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ වායු සමීකරණ යන්ත්‍ර විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට හැකි වනු ඇත. සීමිත කාලයකට පමණක් ක්‍රියාත්මක මෙම ප්‍රවර්ධන වැඩසටහන තුලින් සැම්සන්හි අසමසම වගකීම ඇතුලු තවත් ප්‍රතිලාභ රැසක් භුක්ති විඳීමේ හැකියාවව පාරිභෝගිකයින්ට උදා වේ.

විශේෂයෙන් සියලු දෙනාට ප්‍රතිලාභ හිමිවන නවෝත්පාදනයක් නිර්මාණය කිරීමේ සැම්සුන්හි ගෝලීය දැක්ම අනුව යමින් හඳුන්වා දෙනු ලැබූ ‘’Go Save Today” තුලින් නව්‍ය තාක්ෂණයෙන් යුත් සැම්සුන් නිෂ්පාදන පහසුවෙන් මිලදී ගනිමින් සුවපහසු ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට හිමි වේ.

මේ යටතේ සැම්සුන් රූපවාහී සඳහා සුවිසල් මිල අඩුවීමක් සමඟින් අසමසම වට්ටමක් හිමි කර ගත හැකි වේ. ඒ අනුව රු. 64,999 ක් වටිනා 32” HD TV එකක් රු.59,999 කට මිලදී ගත හැකි අතර රු. 74,999ක් වටිනා 32” Smart HD TV එකක් රු. 64,999කට මිලදී ගත හැකි වේ. එසේම රු. 134,999ක් වන 43” Crystal UHD TV එකක මිල රු. 129,999ක් වන අතර රු. 294,999ක 55” Crystal UHD TV එකක් රු. 279,999කට මිලදී ගත හැකි වනු ඇත. නිවසට අවශ්‍ය නවතම තාක්ෂණයේ ගෘහ උපකරණ මිලදී ගැනීමේදී රු. 164,999ක් වන හිම නොබැඳෙන 253L Inverter දොර දෙකේ ශීතකරණයක් රු. 149,999කට මිලදී ගැනීමට හැකි වේ. තවද රු. 189,999ක් වන හිම නොබැඳෙන 275L Inverter දොර දෙකේ ශීතකරණයක් රු.179,999කට මිලදී ගත හැකි වනු ඇත. රෙදි සෝදන යන්ත්‍ර මිලදී ගැනීමේදීද සුවිසල් වාසියක් හිමි කර ගත හැක්කේ රු. 119,999ක් වන 13KG Smart Inverter Top Loader රෙදි සෝදන යන්ත්‍රයක් රු. 109,000කට මිලදී ගනිමිනි. එසේම රු. 209,999 සිට නිවසේ කාමර සඳහා අවශ්‍ය වායු සමීකරණ යන්ත්‍ර මිලදී ගැනීමේ අවස්ථාවද මෙහිදී පාරිභෝගිකයින්ට උදා වේ.

මෙම ප්‍රවර්ධන වැඩසටහන සමඟින් තම නිෂ්පාදනයන්හි විශිෂ්ට කල්පැවැත්ම හා දිගු කාලීන පාරිභෝගික පහසුව සඳහා වන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින් අසමසම වගකීමක් ලබා දීමටද සැම්සුන් ශ්‍රී ලංකා සමාගම කටයුතු කර ඇත. ඒ අනුව Digital Inverter compressor සහ රෙදි සෝදන යන්ත්‍රවල Digital Inverter Motor සඳහා වසර 20ක වගකීමක් ලබා දීමට ඔවුන් කටයුතු කර ඇත.

වසර 20කට ආසන්න කාලයක් පුරා ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ලෙස රූපවාහිනී නැරඹීමේ කලාව නව්‍යකරණය කිරීමට සමත්ව ඇති සැම්සුන්, තම ශීතකරණ හා රෙදි සෝදන යන්ත්‍රවල කාර්යක්ෂමබව මෙන්ම විශ්වාසය පිළිබඳව කීර්තිමත් සන්නාමයක් බවට පත්ව සිටියි. එම නිෂ්පාදන සඳහා වැඩිම වගකීම් කාලයක් ලබා දීම තුලින් සැම්සුන් එය මනාව ප්‍රදර්ශනය කර ඇත.

මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් අදහස් එක් කළ සැම්සුන් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා ‘’නවෝත්පාදනය සැමට අත් විඳීමට හැකි විය යුතු යැයි සැම්සුන් අප ඉතා ඉහළින් විශ්වාස කරනවා. ඒ සඳහා හඳුන්වා දුන් ප්‍රවර්ධන වැඩසටහන තුලින් සෑම ශ්‍රී ලාංකේය නිවසකටම පහසු මිලට, උසස්ම තාක්ෂණයේ නිෂ්පාදන ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා. මුදල් ඉතිරි කිරීමට පමණක් නොව සුවපහසු, තිරසාර ජීවිතයක් ගත කිරීමටද ඒ තුලින් අවස්ථාව උදා වනවා.’’ යනුවෙන් පැවසීය.

සැම්සුන්හි බලයලත් මෙරට බෙදාහරින්නන් වන සිංගර්, සිංහගිරි, දම්රෝ සහ සොෆ්ට්ලොජික් අලෙවිසැල් තුලින් ‘’Go Save Today” යටතේ සැම්සුන් නිෂ්පාදන මිලදී ගත හැකිය. ඒ සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත ක්‍රෙඩිට් කාඩ් මඟින් පහසු ගෙවීමේ සැලසුම් සහිතව නිෂ්පාදන මිලදී ගැනීමේ අවස්ථාවද සැම්සුන් උදා කර දී තිබීම තවත් පහසුවක් වනු ඇත.

CINEC Among Largest Providers of...
இலங்கையின் காப்புறுதித் துறைக்கு மிகச் சிறப்பாகச்...
HNB FINANCE 2026 ජාත්‍යන්තර කාන්තා...
Sri Lanka’s First 100% Renewable...
ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ YOLO...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
Huawei IP Summit 2026 highlights...