සෑම ශ්‍රී ලාංකිකයකුටම පහසුවෙන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා Samsung Exclusive Easy Pay හඳුන්වා දෙයි

Share

Share

Share

Share

සෑම ශ්‍රී ලාංකිකයකුටම නවතම සැම්සුන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන හා ටැබ් මිලදී ගැනීමේ පහසුව උදා කර දෙමින් සැම්සුන් ශ්‍රී ලංකා විසින් Samsung Exclusive Easy Pay මාසික පහසු ගෙවීමේ සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. John Keells Office Automation (JKOA), Helios සහ එලායන්ස් ෆිනෑන්ස් සමඟ එක් වෙමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සුවිශේෂී වැඩසටහන තුළින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට පහසුවෙන් සිය Galaxy ස්මාර්ට් සිහිනය සැබෑ කර ගැනීමට අවකාශ උදා වනු ඇත.

රුපියල් 3,530/-*කින් ආරම්භ වන පහසු මාසික වාරික සමඟින් මාස 3 සිට 24 දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක් යටතේ මෙම Samsung Exclusive Easy Pay පහසුකම් ලබා ගත හැකි අතර මූලික ගෙවීමක් අවශ්‍ය නොවීම* විශේෂත්වයක් වේ. එමෙන්ම ඇපකරුවන් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් අවශ්‍යතාවයකින් තොරව තවත් සුවිසල් ප්‍රතිලාභ රැසක් අත්කර දෙන වෙළෙඳපොල තුළ ඇති පහසුම මාසික වාරික ගෙවීමේ ක්‍රමය ලෙසද Samsung Exclusive Easy Pay පෙන්වා දිය හැකිය.

මෙම සුවිශේෂී සේවාව හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමින් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ සැම්සුන් කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා මෙසේ සඳහන් කර සිටියේය.

“සාමාන්‍ය ගෙවීම් ක්‍රමයන්ට වඩා වැඩි සේවාවක් පාරිභෝගිකයින් වෙත ලබා දෙන Samsung Exclusive Easy Pay හඳුන්වාදීම තුලින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍ය තාක්ෂණය අත් විඳීමේ පහසුව උදා කර දීම සඳහා වන අපගේ කැපවීම මනාව පිළිබිඹු වනවා. JKOA සහ Helios සමඟ එක්ව වර්තමාන ජීවිතයට අත්‍යාවශ්‍ය තාක්ෂණික විසඳුම් ලබා දීම තුළින් පාරිභෝගිකයින් සවිබල ගැනීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා”

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් John Keells Office Automation හි ප්‍රධාන විධායක නිලධාරී සහ John Keells Holdings හි උප සභාපති ජනෝද තෝරදෙණිය මහතා සඳහන් කර සිටියේ “ සැම්සුන් ස්මාර්ට් දුරකතන තාක්ෂණයේ විශිෂ්ටත්වය ඉතා පහසුවෙන් භුක්ති විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින් වෙත උරුම කර දෙන Samsung Exclusive Easy Pay හඳුන්වා දීම තුලින් ප්‍රදර්ශනය වන්නේ පාරිභෝගිකයා වෙනුවෙන් අප සිදු කරන කැපවීමයි. JKOA හි සුවිසල් අලෙවි ජාලය සහ අපගේ විශ්වාසදායී හවුල්කරුවන්ගේ මූල්‍ය සහයෝගය හා සබඳතාව හරහා පාරිභෝගිකයින් වෙත සුවිශේෂී විසඳුම් සැපයීමට අපි කටයුතු කරනවා.” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ Helios P2P හි ප්‍රධාන විධායක නිලධාරී නුෂි මෙයෙන් මහතා “ ශ්‍රී ලාංකිකයින්ට අතවශ්‍ය නවතම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව උදාකර ගැනීම සඳහා ලබා දුන් සුවිසල් පියවරක් ලෙස මෙය පෙන්වා දිය හැකියි. මූල්‍ය තාක්ෂණය මත පදනම් වූ මාසික වාරික විසඳුම් හරහා දැරිය හැකි මිල, පහසුව හා ඩිජිටල් සවිබල ගැන්වීම සමඟින් එදිනෙදා ජීවිතයට සවියක් වන්නට අපි කටයුතු කළා.” යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට එක් වූ එලායන්ස් ෆිනෑන්ස්හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කුසල් ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ “තිරසාර මූල්‍යකරණයේ ප්‍රමුඛයකු ලෙස සමාජයේ සෑම කෙනෙකුටම සැම්සුන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙමින් මාසික වාරික ගෙවීමේ පහසුව ඔවුන් වෙත හඳුන්වා දීම තුලින් අපගේ කැපවීම මනාව තහවුරු වනවා. Samsung Exclusive Easy Pay තුළින් සන්නිවේදනය සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන අතරම වියදම් අවම, මාසික ගෙවීම් පදනම් කරගත් විසඳුම් සමඟින් පුද්ගලයින් සවිබල ගැන්වීමට අඛණ්ඩව කටයුතු කරනවා. ” යනුවෙනි.

පහසු හා පාරිභෝගික හිතකාමී ක්‍රියාවලියක් යටතේ සියලු සේවාවන් සැපයීම මෙම Samsung Exclusive Easy Pay වැඩසටහනෙහි විශේෂත්වයයි. එහිදී අයදුම්කරුවන් හට නිවසේ සිට ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත සම්පූර්ණ කර අදාල මූල්‍ය සේවාවන් සඳහා ඉල්ලුම් කළ හැකියි. එම අයදුම්පත අනුමත වූ පසු පළමු වාරිකය ගෙවා ස්මාර්ට් ජංගම දුරකතනය ලබා ගැනීමට පමණක් අලෙවිසැලට යාමට අවශ්‍ය වේ. ඒ හේතුවෙන් ඔබගේ වටිනා කාලය ආරක්ෂා කර ගැනීමටද හැකි වනු ඇත.

එසේම Easy Pay වැඩසටහන යටතේ සැම්සුන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන හා උපාංග මිලදී ගන්නා පාරිභෝගිකයින් හට විදුලි සංදේශ කොමිෂන් සභාවේ අනුමත නියම සැම්සුන් නිෂ්පාදන පමණක් ලබා දෙනු ඇති අතර ඒ නිසාම සෑම මිලදී ගැනීමක් සඳහාම සැම්සුන්හි නිල ආයතනික වගකීම මෙන්ම වසර 2ක් දක්වා Free screen replacement ප්‍රතිලාභ භුක්ති විඳීමට අවකාශ සැලසේ. රට පුරා සියලු බලයලත් සැම්සුන් අලෙවිකරුවන් සහ අලෙවිසැල් තුළින් මෙම ප්‍රතිලාභ අත් විඳිය හැකි අතර ඒ නිසාම ග්‍රාමීය ප්‍රදේශයන්හි පාරිභෝගිකයින් හට පහසුවෙන් මාසික වාරික යටතේ සැම්සුන් ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමට හැකි වනු ඇත.

මෙහිදී පාරිභෝගිකයින් වෙත ස්වයංක්‍රීයව වාරික මුදල් ගෙවීම, මාර්ගගත බැංකු ගනුදෙනු හෝ කාර්ගිල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළෙඳසැල් හෝ එලායන්ස් ෆිනෑන්ස් ශාඛා වැනි ඕනෑම ආකාරයකින් පහසු ක්‍රමයක් මඟින් වාරික මුදල් ගෙවීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වේ.
එසේම මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙම වාරික ගෙවීමේ පහසුව යටතේ සැම්සුන්හි කැමති Galaxy නිෂ්පාදනයක් මිලදී ගැනීමට හැකි වේ. ඒ අනුව ඔබ වඩාත් ප්‍රිය කරන, සුවිශේෂී Samsung Galaxy S25 Ultra 5G ස්මාර්ට් ජංගම දුරකතනයක් රුපියල් 24,923/-ක මූලික ගෙවීමකින් මිලදී ගැනීමට ඔබට හැකි වනු ඇත.

මෙම සුවිශේෂී සේවාව හඳුන්වා දීම තුලින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත නවෝත්පාදනයන් ලබා දීම සඳහා සැම්සුන්හි කැපවීමේ සනිටුහන් කරන අතරම JKOA, Helios සහ AFC වැනි විශ්වසනීය දේශීය හවුල්කරුවන් සමඟ එක්වීම තුළින් ශ්‍රී ලාංකිකයින්ට ඵලදායී හා සුවිසල් සේවාවක් සලසා ගත හැකි ඩිජිටල් තාක්ෂණය වෙත සමීප වීමේ හැකියාව උදා කර දීමද සුවිසල් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.

Samsung Exclusive Easy Pay පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට https://heliosp2p.com/samsung/welcome වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. නැත්නම් හි පාරිභෝගික සේවා අංකය වන 0117 110 881 අමතන්න.
කොන්දේසි අදාළ වේ.*

නීතිමය සැකසුම් ගාස්තු හා 25 W Travel Adaptor ගාස්තු ඇතුළත් වේ.

nVentures Emerges as Sri Lanka’s...
Sri Lanka’s Textile and Apparel...
Sunshine Holdings reports 11.6% YoY...
C Rugby තරඟාවලියට සියල්ල සූදානම්...
நிலையான வணிகத்தை வலுப்படுத்த, ஐரோப்பிய ஒன்றியத்தின்...
இலங்கையின் ஜவுளி மற்றும் ஆடைத் துறையானது...
மீளவும் C Rugby சுற்றுத்தொடர்! கோலாகலத்திற்கு...
Bring home Samsung’s 32-inch HD...
இலங்கையின் ஜவுளி மற்றும் ஆடைத் துறையானது...
மீளவும் C Rugby சுற்றுத்தொடர்! கோலாகலத்திற்கு...
Bring home Samsung’s 32-inch HD...
HNB Finance இன் “திரியென் தியுனுவட்ட...