සිය ගනුදෙනුකරුවන්ගේ බැංකුකරණ අත්දැකීම වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින්, SDB බැංකුවේ වරකාපොළ ශාඛාව නව පරිශ්‍රයක ස්ථාපිත කෙරේ

Share

Share

Share

Share

ගනුදෙනුකරුවන්ට වඩාත් සමීප සහ නවීන බැංකුකරණ සේවාවක් සැපයීමේ අරමුණින්, SDB බැංකුව සිය වරකාපොළ ශාඛාව සියලු පහසුකම්වලින් සපිරි නව ස්ථානයක ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත. අංක 221/E, කොළඹ පාර, වරකාපොළ යන ස්ථානයේ පිහිටි මෙම නවීකරණය කරන ලද නවතම ශාඛාව, 2026 මාර්තු මස මුල සිට ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිල වශයෙන් විවෘත විය.

මෙලෙස ශාඛාව නව පරිශ්‍රයක ස්ථාපිත කිරීම හරහා වර්තමාන බැංකුකරණ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සිය ශාඛා ජාලය නවීකරණය කිරීමට SDB බැංකුව දරන අඛණ්ඩ උත්සාහය මනාව පිළිබිඹු වේ. එමගින් ගනුදෙනුකරුවන්ට වඩාත් ආකර්ෂණීය සහ කාර්යක්ෂම සේවාවක් සහතික කෙරේ. නවීන සැලසුම් ඇතුළු වැඩිදියුණු කළ පහසුකම්වලින් සමන්විත මෙම ශාඛාව, වරකාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට, ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට ඉහළ පහසුවක් සලසයි.

SDB බැංකුවේ පරිවර්තනීය ගමනේ තවත් එක් පියවරක් ලෙස, වරකාපොළ ශාඛාව ප්‍රතිනිර්මාණය කිරීමේදී නවෝත්පාදනය සහ සේවා විශිෂ්ටත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. ගනුදෙනුකරුවන්ගේ පුළුල් වන බැංකුකරණ අවශ්‍යතා සපුරාලීමටත්, ප්‍රාදේශීය ව්‍යාපාරික අංශය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් හැකි වන පරිදි මෙම නව පරිශ්‍රය ඉතා සැලසුම් සහගතව නිර්මාණය කර තිබේ.

SDB බැංකුවේ විධායක අධ්‍යක්ෂක/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය: “අපගේ වරකාපොළ ශාඛාව නව ස්ථානයකට ගෙන යාම තුළින් ගනුදෙනුකරුවන්ට උපරිම පහසුව සහ පුද්ගලාරෝපිත සේවාවක් සමඟ නවීන බැංකු අත්දැකීමක් ලබා දීමට අප තුළ ඇති කැපවීම තහවුරු වෙනවා. මෙම නවීන අවකාශය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට මෙන්ම ප්‍රාදේශීය ප්‍රජාව සමඟ අප පවත්වාගෙන යන ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කිරීමට ඉවහල් වනු ඇත. ඒවගේම කලාපීය සහ ජාතික ආර්ථික වර්ධනයට දායක වන නව්‍ය මූල්‍ය විසඳුම් ලබා දීමට අප නිරතුරුවම බැඳී සිටිනවා.”

මෙම නවීකරණය කරන ලද බැංකු පරිශ්‍රය, ප්‍රදේශයේ දැනට සිටින ගනුදෙනුකරුවන්ට මෙන්ම නව ගනුදෙනුකරුවන්ට ද විශිෂ්ට සේවාවක් සපයනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමගින් දිවයින පුරා ව්‍යාප්ත වන SDB බැංකුවේ ශාඛා ජාලය සහ සේවා ව්‍යාප්තිය තවදුරටත් තහවුරු වේ. මෙම පියවර හරහා බැංකුවේ තිරසාර වර්ධනය, සේවා විශිෂ්ටත්වය සහ අර්ථවත් ප්‍රජා දායකත්වය පිළිබඳ සහතිකය මනාවට පිළිබිඹු වේ.
SDB බැංකුව සිය වටිනා ගනුදෙනුකරුවන්ට සහ වරකාපොළ ප්‍රජාවට නව ශාඛාව වෙත පැමිණ මෙහි ඇති උසස් පහසුකම් සහ සේවාවන් අත්විඳින ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටියි.

SDB බැංකුව පිළිබඳව:
SDB බැංකුව යනු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී විශේෂිත බැංකුවකි. කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගත වී ඇති එම බැංකුවට Fitch ආයතනය වෙතින් BB +(lka) ශ්‍රේණිය හිමි වී තිබේ. අනාගතයට මෙන්ම සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පාරිභෝගික-කේන්ද්‍රීය සේවාවක් ලබාදෙන SDB බැංකුව රට පුරා පිහිටි ශාඛා 94 ක් හරහා මෙරට පුද්ගලයන්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, සමූපකාර හා සමාගම් ඇතුළු පුළුල් පරාසයක පැතිරුණු ගනුදෙනුකරුවන් පිරිසකට තම සේවාවන් ලබාදෙයි. පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන මූලධර්ම දැඩිව අනුගමනය කරන SDB බැංකුව තිරසාර ක්‍රමවේදයන් ඔස්සේ දේශීය ප්‍රජාවන් හා ව්‍යාපාර නගාසිටුවීමට සෑම විටම කටයුතු කරයි. විශේෂයෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල තිරසාර සංවර්ධනය සහ ඩිජිටල් අන්තර්කරණය ඔස්සේ ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීම සඳහා SDB බැංකුව නිරන්තරයෙන් කැප වී සිටී.

විදුලිබල ක්ෂේත්රයට සවියක් වෙමින් මෙරට...
Sri Lanka’s Largest Battery Energy...
Capital Trust Properties renews strategic...
ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමට පෙර LPL...
தேசிய மின் கட்டமைப்பை வலுப்படுத்தவும், புதுப்பிக்கத்தக்க...
ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ...
HNB Finance වෙතින් 2025/26 මූල්‍ය...
Samsung අඛණ්ඩව වසර 7ක් පුරා...
ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ...
HNB Finance වෙතින් 2025/26 මූල්‍ය...
Samsung අඛණ්ඩව වසර 7ක් පුරා...
කොකා-කෝලා, ශ්‍රී ලංකා සමාගම වසර...