සී රග්බි තරඟ යළිත් ඇවිත්! සතුටින් විනෝදයෙන් ඒ සමඟ ගතකරන්න ඔබ සූදානමින්ද ?

Share

Share

Share

Share

රග්බි ලෝලීන් පුන පුනා බලාසිටි එක් පිළකට ක‍්‍රීඩකයන් 7 දෙනා බැගින් ක‍්‍රීඩා කරන C Rugby Tag Rugby Tournament තරඟාවලිය සැප්තැම්බර් 16 සෙනසුරාදා කොළඹ ලොන්ඩන් පෙදෙසේ එෆ්ආර් ඇන්ඞ් සීඑෆ් පිටියේදී පැවැත්වෙයි. මෙය රග්බි ලෝලී ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය පාසල් ධජ සෙවනේ මෙම ක‍්‍රීඩාව පූර්ණකාලීනව අවසන් නොවන බවට මතු බලාපොරොත්තු සහිතව වසරකදී යළිත්වරක් එකට මුණගැසෙන සුන්දර මොහොත උදාවීමක් ලෙස සැලකේ.

මෙය සොයුරු සොයුරි පාසල්වල ආදි ශිෂ්‍ය කණ්ඩායම් එකම ක‍්‍රීඩාපිටියක් කරා ගෙනෙන, ඔවුන් තුළ පවතින මිත‍්‍රත්වය යළි පුබුදුකරන, පසුගිය වසරවල චමත්කාරය සිහිගන්වන, මුළු පවුලටම සතුටින් විනෝදයෙන් පිරීගිය ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධවෙමින් රග්බි තරඟ නැරඹීමට අවස්ථාව උදාකරන එකම තරඟාවලියයි.

සොයුරු සොයුරි පාසල්වල ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කණ්ඩායම් දහසයක් ඒකාබද්ධ වෙමින් පෙර වසරවල රග්බි තරඟවල මහිමය සිහියට නගමින් , ආහාරපාන කුටි,ළමයින්ට ක‍්‍රීඩාකිරීමට ප‍්‍රදේශයක් සහ නොනවතින සංගීතයෙන් හදවත් මුසපත් කිරීමට සමත්වන ආකාරයට සැනකෙළියක ස්වරූපයෙන් මෙම දිනය සැලසුම් කර ඇත. මෙම දිනය වර්ණවත් කරන Slipping Chairs, Magic Box Mixup and Jam Lab යන ජනප‍්‍රිය දේශිය සංගීත කණ්ඩායම්වලට මෙරට ජන හද දිනා සිටින Lunatics ඇතුලූ DJs කණ්ඩායම් ද එක්වෙති.

පස්වරු 1 ට ආරම්භවී මධ්‍යම රාත‍්‍රිය තෙක් පැවැත්වෙන මෙම තරඟාවලියට රාත‍්‍රි 7.30ට කුසලාන සඳහා අවසන් තරඟ ඇරඹීමට පෙර පවත්වන ප‍්‍රදර්ශන තරඟ ද සමගින් තරඟ 44 ක් ඇතුළත්ය. ප‍්‍රදර්ශන තරඟවලින් පසුව Plate Finals and Cup Finals තරඟ පැවැත්වේ.

එක් එක් කණ්ඩායමට අවුරුදු 25 වැඩි වයස් කාණ්ඩවලින් ක‍්‍රීඩකයන් දෙදෙනෙකුටත්, වයස අවුරුදු 35 ට වැඩි කාණ්ඩයෙන් ක‍්‍රීඩකයන් තිදෙනෙකුටත්, පිරිමි කණ්ඩායමේ සොයුරි පාසලෙන් ක‍්‍රීඩිකාවක් දෙදෙනෙකුටත් අවසර දෙනුු ඇත. එම සංයෝගයෙන් එකිනෙකට වෙනස් කාලවල ක‍්‍රීඩකයන්ට එකට ක‍්‍රීඩාවේ යෙදීමට අවස්ථාව සැලසීම සහතික කෙරෙයි. මෙම තරඟාවලියට සහභාගිවීමට දැනටමත් කණ්ඩායම් 16ක් ලියාපදිංචී සිටීමෙන් ඒ කෙරෙහි දක්වන උනන්දුව මනාව පැහැදිලි වෙයි.

ආදි සිසුන්ගෙන් සමන්ත එම කණ්ඩායම් නම් – රාජකීය/විශාඛා, ඉසිපතන/ශාන්ත පාවුළු, ශාන්ත ජෝශප්/ශාන්ත බ‍්‍රිජට්, කිංස්වුඞ්/ මහනුවර උසස් බාලිකා විද්‍යාලය, වෙස්ලි/මෙතෝදිස්ත, ඞී.එස්. සේනානායක/සිරිමාවෝ බණ්ඩාරනායක, ආනන්ද/මියුසියස්, ට‍්‍රිනිටි/හිලිවුඞ් සහ බාලිකා, ශාන්ත තෝමස්/බිෂොප්, ශාන්ත අන්තෝනි/මහනුවර යහපත් එෙඬ්රාගේ කන්‍යාරාමය, ශාන්ත සිල්වෙස්ටර්/ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, ධර්මරාජ/මහාමායා, ශාන්ත බෙනඩික්/ යහපත් එෙඬ්රාගේ කන්‍යාරාමය, විද්‍යාර්ථ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය, ශාන්ත පීතර/ බම්බලපිටියේ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය සහ තර්ස්ටන්/රත්නායක බාලිකා විද්‍යාලය.

C Rugby Cup 2022 ධර්මරාජ/මහාමායා ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හිමි කරගත් අතර ට‍්‍රිනිටි/හිල්වුඞ් Plate Champions විය. ශාන්ත බෙනඩික්/යහපත් එෙඬ්රාගේ කන්‍යාරාමය Bowl Championships ජයගත්තේය.

හත් වැනි වරට මෙම තරඟාවලිය සංවිධානය කරන්නේ ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන CR&FC සහ ජාතික රග්බි ක‍්‍රීඩක හා ප‍්‍රවීන රග්බි තීරක නායකත්වය දරන AGOAL International විසිනි.

මෙම තරඟාවලිය සංවිධානයේ දී නිල ගමන් හවුල්කරු Pickme, එලිෆන්ට් හවුස් නිල ආහාරපාන හවුල්කරු, YES 101 නිල ගුවන් විදුලි හවුල්කරු වශයෙන් සහ Papare.com සහ Frime හවුල්වෙයි. ධජ ගුවනේ ලෙලදෙන, දසත පැතිරයන ප‍්‍රීතිඝෝෂා මධ්‍යයේ තවත් වසරක මහා විනෝදාස්වාදයකින් යුක්තව තවත් මහා රග්බි තරඟාවලියක් පැවැත්වීමට සංවිධාකයෝ සූදානමින් සිටිති.

ඡායරූපය 1

සී රග්බි ශූරතා තරඟාවලියට (C Rugby Champions) සහභාගිවන ආදි ශිෂ්‍ය පිරිමි සහ ආදි ශිෂ්‍ය ගැහැනු ඒකාබද්ධ කණ්ඩායම්වල නියෝජිතයෝ

ඡායරූපය 2

AGOAL International ප‍්‍රධානි, සහ ජාතික රග්බි ක‍්‍රීඩක හා ප‍්‍රවීන රග්බි තීරක ඩිල්රෝයි ප‍්‍රනාන්දු මාධ්‍ය සාකච්ඡාවේදී කතා කරයි

ඡායරූපය 3

පසුගිය වසරේ සී රග්බි (C Rugby) ශූරයන් වූයේ ධර්මරාජ විද්‍යාලයේ සහ මහාමායා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කණ්ඩායම්ය

ඡායරූපය 4

2022 සී රග්බි ප්ලේට් ශූරයෝ (The C Rugby 2022 Plate Champions) ටි‍්‍ර‍්‍රනිටි කාන්තා සහ හිල්වුඞ් විද්‍යාලීය ආදි ශිෂ්‍ය බාලක බාලිකා වෝ

ඡායරූපය 5

AGOAL International ප‍්‍රධානි සහ ජාතික රග්බි ක‍්‍රීඩක හා ප‍්‍රවීන රග්බි තීරක ඩිල්රෝයි ප‍්‍රනාන්දු අනුග‍්‍රාහකයින් සමඟ මාධ්‍ය සාකච්ඡාව අමතමින්

 

 

 

 

AIஐ அடிப்படையாகக் கொண்ட நவ்லோகா மருத்துவமனை...
GSCS இன்டர்நேஷனல் மற்றும் JAAF இணைந்து,...
இந்த ஆண்டும் உலக சிறுவர் தினத்தைக்...
ජෝන් කීල්ස් සමාගම, කාමර 687කින්...
687 அறைகள் கொண்ட Cinnamon Life...
Kaspersky 2024 இன் முதல் பாதியில்...
Mahindra Ideal Finance හි නව...
Mahindra Ideal Finance appoints Mufaddal...
Kaspersky 2024 இன் முதல் பாதியில்...
Mahindra Ideal Finance හි නව...
Mahindra Ideal Finance appoints Mufaddal...
மஹிந்திரா ஐடியல் ஃபைனான்ஸின் புதிய முகாமைத்துவப்...