සුනිල් ෂෙට්ටි ඇතුලු බොලිවුඩ් තරුවලින් හැඩ වෙන ‘’Signature Diwali Glitz” සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා හිදී

Share

Share

Share

Share

සුපිරි බොලිවුඩ් රංගන ශිල්පියකු වූ සුනිල් ෂෙට්ටි සමඟින් ජනප්‍රිය බොලිවුඩ් තරු සහභාගී වන සුවිශේෂී Signature Diwali Glitz ප්‍රසංගය ඔක්තෝබර් 23 සිට 25 දින දක්වා කොළඹ City of Dreams Sri Lanka හිදී පැවැත්වීමට නියමිතය. ඒ සමඟ දීපවාලී උත්සවය සමඟින් අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදා කර දීමට City of Dreams Sri Lanka සමත් වනු ඇත.

මීට සමගාමීව ජාත්‍යන්තර කීර්තියට පත් Kathak Rockers විසින් පවත්වනු ලබන කතක් නර්තන ප්‍රසංගයකින් ඔක්තෝබර් 23 වන දින මෙම උත්සවය ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ආකර්ෂණීය නර්තන කලාවන් සමඟින් රසිකයින් අමන්දානන්දයට පත් කිරීමට ඔවුන් සූදානමින් සිටිති.
ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳගත් නාගීන් හි 4 වන අදියරේ ප්‍රධාන චරිතයට පණ පෙවූ රූමත් ඉන්දියානු නිළියක් සහ නිරූපිකාවන් වන නියා ශර්මා විසින් මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිත සුවිශේෂී රංගනයද පැමිණෙන්නන් හට කදිම ආශ්වාදයක් එක් කරනු නිසැකය. ආකර්ෂණීය රංගන හා නර්තන හැකියාවන්ගෙන් පරිපූර්ණ නියා ඔක්තෝබර් 24 වන දින පැවැත්වීමට නියමිත Signature Diwali Glitz ප්‍රසංගයේදීද සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට සූදානමින් සිටියි.

දශක 3කට අධික කාලයක් තිස්සේ චිත්‍රපට 100කට වැඩි ප්‍රමාණයක් තුළින් ඉන්දීය මෙන්ම ශ්‍රී ලාංකේය රසික හදවත් දිනාගත් සුනිල් ෂෙට්ටි ඔක්තෝබර් 25 වන දින පැවැත්වෙන Signature Diwali Glitz හි අවසන් දින රාත්‍රියට සහභාගී වනු ඇත්තේ නරඹන්නන්ට තවත් නැවුම් අත්දැකීමක් එක් කරමිනි. Mohra, Dilwale, Border වැනි සුපිරි චිත්‍රපට රැසක මෙන්ම Hera Pheri සහ Phir Hera Pheri යනාදී විකට සිනමා පටයන්හි අමතක නොවන රංගන හැකියාවන් ප්‍රදර්ශනය කළ සුනිල් ෂෙට්ටි City of Dreams Sri Lanka වේදිකාව මත සජීවීව දැක ගැනීමේ විරල අවස්ථාව එදින රසිකයින්ට උදා වේ.

ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් City of Dreams Sri Lanka විවෘත කළ දිනයේ සිට විවිධ අවස්ථාවන්හිදී ඉන්දියාවේ ජනප්‍රිය හා ජනකාන්ත කලා ශිල්පීන් රැසක් ඒ වෙත පැමිණ තිබිණ. විශේෂයෙන් දකුණු ආසියාව තුළ මෙන්ම ඉන් ඔබ්බට විහිදුණ් සංස්කෘතික සංධිස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට අත්කරගෙන ඇති විශිෂ්ටත්වයට කදිම සාක්ෂියක් ලෙස එය සඳහන් කළ හැකිය. මෙවර පැමිණෙන සියලු කලාකරුවන් කොළඹ නගරයේ වඩාත් ආකර්ෂණීයම නවාතැන වන City of Dreams Sri Lanka හට අයත් සුඛෝපභෝගී NÜWA හි නවාතැන් ගැනීමට නියමිතය.

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන දීපවාලී උත්සවය සැමරීම ප්‍රමුඛ කර ගනිමින් සංගීතය, නර්තනය හා රංගනයේ රස මුසු තැන් සමඟින් City of Dreams Sri Lanka හිදී පැවැත්වීමට නියමිත Signature Diwali Glitz ප්‍රසංගය මෙරට සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ තවත් වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරනු ඇත්තේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාව, විදේශ රටවල් සමඟ වන සබඳතාව, සුවපහසු යටිතල පහසුකම්, ආගන්තුක සත්කාරය හා විශිෂ්ට සේවාව ද ලෝකය වෙත ගෙන යමිනි.

කොළඹ නගරයේ ආකර්ෂණීය මෙන්ම ජනප්‍රිය විනෝදාස්වාද මධ්‍යස්ථානය මෙන්ම සියලු පහසුකම් සපිරි එකම හෝටල් සංකීර්ණය ලෙස මෙරට සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමට City of Dreams Sri Lanka සමත්ව සිටියි. සෑම විටම තම පාරිභෝගික ජනතාව වෙත නව්‍ය අත්දැකීමක් ලබා දීමේ අරමුණින් කටයුතු කරන ඔවුන් මෙවර බොලිවුඩයේ සුපිරි තරු සමඟින් පවත්වනු ලබන Signature Diwali Glitz තුලින් එහි තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තබනු ඇත්තේ අමතක නොවන සුමිහිරි අත්දැකීමක් ජීවිතයට එක් කර දෙමිනි.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...