සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 6ක කොටස් ආපසු මිලදී ගනියි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 6ක් වටිනා කොටස් ආපසු ලබා ගැනීම වෙනුවෙන් කොටස් හිමියන්ගේ අනුමැතිය ලබා ගන්නා ලදීි. මෙහිදී දැනට නිකුත් කර ඇති 375,000,000 ක් වන කොටස්වලින් 58,593,750 ක කොටස් ප්‍රමාණයක් රු.102.40 බැගින් ආපසු මිලදී ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කරනු ලැබීය. අඩු පොලී අනුපාතයක් සහිත වපසරියක් තුළ සමාගමේ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනය උපයෝගී කරගනිමින්, සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප්‍රාග්ධනය ඉහළ නැංවීම සහ කොටස් හිමියන්ගේ වටිනාකම වර්ධනය කිරීම මෙමගින් අරමුණු කරයි.

පසුගියද දශකයක කාල සීමාව තුළ දළ ලිඛිත වාරිකයන්හි 26%ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක් සනිටුහන් කිරීමට සමත් වූ සොෆ්ලොජික් ලයිෆ් ඒ තුළින් 14%ක් වන රක්ෂණ ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගය ඉක්මවා යාමට සමත් විය. ගෙවුණු වසර 5ක කාලය තුළ 20% කට වඩා වැඩි කොටස් මත ප්‍රතිලාභ (Return on Equity) අගයක් අඛණ්ඩව පවත්වා ගැනීමට කටයුතු කළ අතර නියාමන අවශ්‍යතාව වන 120%කට වඩා ඉහළ 367%ක ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයක් (Capital Adequacy Ratio) පවත්වා ගැනීමට කටයුතු කිරීමද විශේෂත්වයකි.

සොෆ්ට්ලොජික් ලයිෆ්හි ලාභදායීත්වය ඉහළ නැංවීමේ ප්‍රමුඛ සාධකයක් වූයේ එහි සුවිශේෂී බෙදාහැරීම් ක්‍රමවේදයයි. විශේෂයෙන්ම එහි අතිරේක ආවරණ අනුපාතය (rider attachment ratio) 50% ඉක්මවා ගොස් ඇත්තේ ආසියානු කලාපයේ සාමාන්‍ය අගයට වඩා 5 ගුණයකින් වැඩි සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එහි පළමු වසරේ රඳවා ගැනීමේ අනුපාතය 83%ක් වන අතර සාමාන්‍ය හිමිකම් ඔප්පු වටිනාකම ලෙස රු. 176,872ක අගයක් වාර්තා කිරීම තුළින් රක්ෂණ ක්ෂේත්‍ර දර්ශකයන් අභිබවා යාමටද සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව සිටියි.

විශේෂයෙන් මෙහිදී ‘ඇගයුම් අගය’ මත පදනම් වූ කොටස් මිලදී ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් තීරණය කරනු ලැබුවේ ජාත්‍යන්තර කර්මාන්ත භාවිතයන්ට අනුකූලව සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය සහ හැකියාව ප්‍රදර්ශනය කිරීම සහ කොටස් හිමියන් වෙත විනිවිදභාවයෙන් යුත් සාධාරණ තක්සේරුවක් ලබා දීම වෙනුවෙනි. රජයේ සුරැකුම්පත් විකිණීමෙන්/ද්‍රවශීලනය කිරීමෙන් සැලකිය යුතු වාසි ලබා ගැනීමට, දැනට පවත්නා අඩු පොලී අනුපාත පරිසරය තුළ සොෆ්ට්ලොජික් ලයිෆ් හි ශක්තිමත් කාර්ය සාධනය උපකාරී වේ. මේ තුළින් අපේක්ෂා කරනුයේ අනාගත වර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සමාගමේ ප්‍රාග්ධන තත්වය මධ්‍යස්ථව නමුත් ශක්තිමත්ව පවතිනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ්හි සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කර සිටියේ “රුපියල් බිලියන 51.7 වත්කම් (Asset Under Management) සහ පසුගිය වසර පුරා අඛණ්ඩව ලාභ ලබමින්, සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම මේ වනවිටත් කැපී පෙනෙන ස්ථාවරත්වයක් පෙන්නුම් කර තිබෙනවා. රුපියල් බිලියන 6ක උපාය මාර්ගික කොටස් ආපසු මිලදී ගැනීමේ සමාගමේ තීරණය තුළින් අපගේ විශ්වාසය මෙන්ම ප්‍රාග්ධන කළමනාකරණය වෙනුවෙන් ඇති කැපවීම මනාව පිළිබිඹු වනවා. මෙම මිලදී ගැනීම් සඳහා සොෆ්ට්පොජික් ලයිෆ්හි සුවිශේෂී උපාය මාර්ග, මූල්‍ය කාර්ය සාධනය මෙන්ම පසුගිය දශකයක කාලය තුළ වාර්තා කළ ශක්තිමත් වෙළෙඳපොල තත්වයන් විසින් ශක්තිමත් පදනමක් නිර්මාණය කළා. කොටස් හිමියන් වෙනුවෙන් තිරසාර වටිනාකමක් ලබා දීම සඳහා වන අපගේ කැපවීම මනාව පිළිබිඹු කරන එම මිලදී ගැනීම මිලියන 1.3කට අධික ජීවිත සුරක්ෂිත කිරීමේ ශක්තිමත් රක්ෂණ සමාගමක් ලෙස අපගේ තත්වය ඉහළ නැංවීමටද සමත් වනවා.” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ ලීප්ෆ්‍රොග් ඉන්වෙස්ට්මන්ට් හි (LeapFrog Investments) ආසියානු මූල්‍ය සේවාවේ හවුල්කාර සහ සම ප්‍රධානී – Fernanda Lima මහත්මිය “මෙම කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් ගත් උපාය මාර්ගික තීරණය හේතුවෙන් සමාගමේ අභ්‍යන්තර වටිනාකම ඉහළ නංවන අතරම දිගුකාලීනව කොටස් හිමියන්ගේ අගය ඉහළ නංවා ගැනීමට හේතු වනවා. සමාගම්හි වර්ධනය සහ වටිනාකම ඉහළ නැංවීමට කටයුතු කරන ආයෝජන ආයතනයක් ලෙස ශක්තිමත් නායකත්වයක් වෙනුවෙන් සමාගම සතු හැකියාව පිළිබඳ ප්‍රදර්ශනය කිරීමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිසල් පියවරක් ලෙසත් මෙම තීරණය සැලකීමට කැමතියි. තවද සොෆ්ට්ලොජික් ලයිෆ්හි දළ ලිඛිත වාරිකයේ 26%ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගය සහ කොටස් මත ඉහළ ස්ථාවර ප්‍රතිලාභයක් සමඟින් වන ආකර්ෂණීය වාර්තාව එහි මෙහෙයුම් කාර්යසාධනයේ ශක්තිමත් බව හා වෙළෙඳපොල නායකත්වය මනාව පිළිබිඹු කරනවා.” යනුවෙන් පැවසීය.

 

 

සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින්...
Global Talent Competes to Solve...
අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව...
MAS wins multiple honours at...
ලොව පිළිගත් DENZA නව බලශක්ති...
வலுவான நிதி செயல்திறனை வெளிப்படுத்தி, வங்கியின்...
கண்ணுக்குத் தெரியாமலும், மதிப்பிடப்படாமலும்: இலங்கையின் சிறு...
කොළඹ වරායේ බහලුම් තදබදය අවම...
வலுவான நிதி செயல்திறனை வெளிப்படுத்தி, வங்கியின்...
கண்ணுக்குத் தெரியாமலும், மதிப்பிடப்படாமலும்: இலங்கையின் சிறு...
කොළඹ වරායේ බහලුම් තදබදය අවම...
Softlogic Life wins best “AI...