හාපික් සුව ජන මෙහෙයුම යටතේ දෙවන වැඩසටහන සමඟින් සනීපාරක්ෂාව ප‍්‍රවර්ධනය කිරීම අඛණ්ඩව

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සනීපාරක්ෂක සන්නාමය වන හාපික්, බාලිකා පාසල් හි වැසිකිළිවල සනීපාරක්ෂක ප‍්‍රමිතීන් නංවාලීම සහ පාසල් සිසු සිසුවියන් අතර නිසි සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කරගනිමින් සුව ජන මෙහෙයුම නමින් සමාජ වගකීම් ව්‍යාපාරයක් දියත් කරන ලදි. මෙම වැඩසටහනේ දෙවන අදියර මැයි 23වන දින මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේදී පැවැත්වෙනු ඇත”

මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ක‍්‍රියාත්මක වන හාර්පික් සුවජන මෙහෙයුම යටතේ බස්නාහිර පළාත පුරා සංවිධානය කරන අධ්‍යාපනික වැඩසටහන් මාලාවක කොටසකි. පළමු වැඩසටහන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2023 මාර්තු 7වන දින අඹතලේ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි.

මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් Reckitt Benckiser Lanka Ltd හි හාර්පික් සන්නාම කළමනාකාරිනී – දේවින්දි හේවාබන්දුල මහත්මිය පැවසුවේ, ”හාපික් හි ‘සුව ජන මෙහෙයුම‘යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන, පාසල් යන තරුණ ගැහැණු ළමුන් අතර නිසි සනීපාරක්ෂක පිළිවෙත් ප‍්‍රවර්ධනය කිරීමට අප දක්වන කැපවීම පිළිබඳ සාක්ෂියක්. මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ පැවැත්වෙන මෙම වැඩසටහනේ දෙවන වැඩසටහන සඳහා ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා.”

”අපගේ ඉලක්කය වන්නේ බස්නාහිර පළාතේ පාසල් දැරියන් අතර වැසිකිලි සනීපාරක්ෂාවෙහි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට දිරිමත් කිරීමයි. අපගේ අධ්‍යාපනික වැඩසටහන් සහ වෘත්තීය දේශන තුළින් නිසි සනීපාරක්ෂක පිළිවෙත් පවත්වා ගැනීමට අවශ්‍ය දැනුම හා මෙවලම්වලින් තරුණ ගැහැණු ළමයින් සවිබල ගැන්වීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙම අධ්‍යාපනික වැඩසටහනට වැසිකිළි පහසුකම් පිරිසිදු කිරීම සහ විෂබීජහරණය කිරීම ඇතුළත් වන අතර, පසුව අපිරිසිදු වැසිකිලි භාවිත කිරීම තුළින් සිසු සිසුවියන්ට මුහුණ දීමට සිදුවිය හැකි සෞඛ්‍ය බලපෑම් සහ අවදානම් ඉස්මතු කරමින් සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් වෘත්තීය දේශනයක් පවත්වනු ලැබේ.

සුව ජන මෙහෙයුම යනු හාපික් හි ප‍්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් ^CSR& ව්‍යාපාරයයි. හාපික්, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව මෙම වැඩසටහන් මාලාව සාර්ථකව කරගෙනයනු ලබයි.

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...