හැටන් නැෂනල් බැංකුව ස්ථාවර ශේෂ පත්‍ර වර්ධනයක් සමඟින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

Share

Share

Share

Share

හැටන් නැෂනල් බැංකුව 2025 වසරේ මුල් මාස නවය සඳහා ධනාත්මක මූල්‍ය කාර්යසාධනයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත්ව ඇත. මේ අතර HNB සමූහයේ බදු පසු ලාභය (PAT) රු. බිලියන 34.7ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 47%ක වර්ධනයකි. බැංකුවේ බදු පසු ලාභය පසුගිය වසරට සාපේක්ෂව 42% කින් වර්ධනය වී රු. බිලියන 31-5ක් බවට පත් වී ඇත.

මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB හි සභාපති නිහාල් ජයවර්ධන මහතා පැවසුවේ “සමාලෝචනයට ලක්වන කාලපරිච්ඡේදය තුළ HNB සහ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. රටේ තවමත් අභියෝග පැවතියද, රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ධනාත්මක ප්‍රතිඵල අත්කරගෙන තිබෙන අතර උද්ධමනය පහත වැටී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා රුපියල යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කරන අතර වසරේ පළමු අර්ධයේදී රටේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 4.8% කින් වර්ධනය වී තිබෙනවා. රජයේ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු වීම සහ IMF වැඩසටහන යටතේ නියම කර ඇති ඉලක්ක හා අවශ්‍යතා සපුරා තිබීම ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් වීම පිළිබඳව විශ්වාසය තවත් ශක්තිමති කර තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන සැලසුම් සඳහා සහාය වීමට HNB කැපවී සිටිනවා.” යනුවෙනි.

මෙම කාල පරිච්ඡේදයේදී සාමාන්‍ය පොලී අනුපාත පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව කැපී පෙනෙන අඩු වීමක් පෙන්නුම් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අදාල කාල පරිච්ඡේදයේදී පොලී ආන්තිකයන් බෙහෙවින් අඩු විය. කෙසේ වෙතත්, ශේෂ පත්‍රයේ ශක්තිමත් වර්ධනය මෙහි බලපෑම අවම කිරීමට උපකාරී වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පළමු මාස නවය සඳහා ශුද්ධ පොලී ආදායම රු. බිලියන 69.2ක් දක්වා වර්ධනය විය.

ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 24.3% ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කළේය. 2024 වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව 2025 වසරේ මුල් මාස නවය තුළ ණය සහ අත්තිකාරම්වල අඛණ්ඩ වර්ධනය මෙයට හේතු විය. HNB හි බැංකු ගනුදෙනු කටයුතු, කාඩ්පත් සේවා සහ ඩිජිටල් ගනුදෙනු වැඩිවීම ද මෙම ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම වර්ධනයට සහාය විය.
මීට අමතරව විදේශ විනිමය ගනුදෙනුවලින් බැංකුව 2025 වසරේ මුල් මාස නවය සඳහා රු. බිලියන 4.2ක් උපයා ඇත. මෙය 2024 වසරේ එම කාල පරිච්ඡේදයේදී වාර්තා කළ රු. බිලියන 2.0 ක අලාභයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි. විනිමය අනුපාතයේ වෙනස්වීම් සහ විශේෂයෙන් මෙම කාලය තුළ වාහන ආනයනය ඉහළ යාම හේතුවෙන් විදේශ මුදල් ගනුදෙනුවල කැපී පෙනෙන වර්ධනය මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය.

HNB හි අඛණ්ඩ අවදානම් කළමනාකරණය සහ ණය අයකර ගැනීමේ උත්සාහයන් හේතුවෙන් 2024 වසරේ අදාල කාල පරිච්ඡේදයේදී වෙන් කළ රු- බිලියන 3.2 ක හානිපූරණ ගාස්තුවට සාපේක්ෂව මෙම කාල පරිච්ඡේදයේදී බැංකුව රු. බිලියන 7.5 ක හානිපූරණ ප්‍රතිවර්තනයක් වාර්තා කර ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි. වත්කම්වල ගුණාත්මකභාවය ද අඛණ්ඩව වැඩිදියුණු වූ අතර Net Stage 3 (අක්‍රීය ණය) අනුපාතය 2024 දෙසැම්බර් මාසයේ පැවති 1.88% සිට 1.36% දක්වා පහත වැටුණි.

මේ අතර Stage 3 ආවරණ අනුපාතය 75.64% ක ස්ථාවර මට්ටමක පැවතුන අතර එය අවදානම් කළමනාකරණය කිරීම සඳහා බැංකුවේ විචක්ෂණශීලීභාවය මනාව පෙන්නුම් කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කළේ

“නවෝත්පාදන සහ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කරන අතරතුර රටේ ආර්ථික සංවර්ධනයට සහාය වීම සඳහා HNB පැහැදිලි දිගුකාලීන සැලැස්මක් අනුගමනය කරනු ලබනවා. ඒවගේම ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් කොටසක් වන MSME ව්‍යාපාර සඳහා උපකාර කිරීම කෙරෙහි ද බැංකුවේ අඛණ්ඩ අවධානය යොමුව තිබෙනවා. අපගේ HNB Accept වැනි නව්‍ය විසඳුම් හරහා බැංකුව ඩිජිටල් ගෙවීම් සඳහා පහසු ප්‍රවේශයක් ලබා දෙන අතර ව්‍යවසායකයින්ට සහ කුඩා ව්‍යාපාරවලට ඩිජිටල් ආර්ථිකයට වඩාත් ඵලදායී ලෙස සහභාගී වීමට උපකාර කරනවා.” යනුවෙනි.

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...