10 වන Huawei ICT තරඟයේ ආසියානු ශාන්තිකර කලාපීය ජයග්රාහකයින් ඇගයීම ASEAN මූලස්ථානයේදී

Share

Share

Share

Share

10 වන Huawei ICT තරඟයේ ආසියානු ශාන්තික කලාපීය අවසන් මහා තරඟය සහ සම්මාන උළෙල පසුගියදා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර ASEAN මූලස්ථානයේදී පැවැත්විණ. ආසියානු ශාන්තිකර කලාපය පුරා විසිරී සිටින සිසුන්, ගුරුවරු සහ රාජ්ය නිලධාරීන් රැසක් එම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Huawei සමාගම සහ ASEAN පදනම එක්ව සංවිධානය කළ මෙම තරඟය සඳහා රටවල් සහ කලාප 14ක් නියෝජනය කරමින් සිසුන් 8,600 කට වැඩි පිරිසක් එක්ව සිටියහ. එහිදී Cloud, Computing, Network සහ Innovation යන අංශ ඔස්සේ තරඟ කරමින් රටවල් 13ක සිසුන් 160කට වැඩි පිරිසක් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූහ.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ASEAN හි මහ ලේකම් ආචාර්ය Kao Kim Hourn, ඉන්දුනීසියානු රාජ්ය නිලධාරීන්, ASEAN පදනමේ නියෝජිතයින් සහ කලාපීය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂන් ක්ෂේත්රයේ ප්රමුඛයින් එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ ආචාර්ය Kao Kim Hourn, ASEAN Digital Masterplan 2030 අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණික හැකියාවන්ගෙන් යුත් තරුණ පිරිසක් බිහිකිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

මෙහි Innovation තරඟ අංශයේ ජයග්රහණය සිංගප්පූරු ජාතික විශ්වවිද්යාලය විසින් දිනාගත් අතර Computing සහ Cloud අංශයන්හි ඉහළම සම්මානය වියට්නාම තැපැල් හා විදුලි සංදේශ ආයතන කණ්ඩායමට හිමි විය. Network Track අංශයේ ජයග්රහණය පිලිපීනයේ බුලකාන් රාජ්ය විශ්වවිද්යාල කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

මීට අමතරව මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, බෲනායි, ජපානය, ලාඕසය, නැගෙනහිර ටිමෝරය, හොංකොං සහ මැකාව් යන රටවල් නියෝජනය කළ කණ්ඩායම් විසින් විවිධ තරඟ අංශ ඔස්සේ ජයග්රහණ ලබා ගැනීමට සමත් විය. මෙම කලාපය තුලින් තේරී පත් වූ දක්ෂතම කණ්ඩායම් 16ක් එළඹෙන ජූනි මාසයේදී චීනයේ Shenzhen නුවර පැවත්වීමට නියමිත ලෝක අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් හිමි කර ගනු ඇත.

මෙම සම්මාන උත්තසව අතරතුර කෘතිම බුද්ධිය පිළිබඳ හැකියාවන් සහ ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම සඳහා Huawei ආසියානු ශාන්තිකර කලාපීය ආයතනය විසින් නව වැඩසටහන් කිහිපයක් ප්රකාශයට පත් කිරීමටද කටයුතු කරනු ලැබීය. මීට අමතරව එම සමාගම විසින් IDC, OpenAtom පදනම සහ Global Intelligent Internet of Things Consortium යන ආයතන සමඟ එක්ව සකස් කරන ලද ICT Job Roles and Skills in the Intelligent World නම් වූ ධවල පත්රිකාව ජාත්යන්තරව එලි දැක්වීමටද මෙහිදී කටයුතු කරන ලදී.

මෙම වාර්තාව මඟින් කෘතිම බුද්ධිය සහ නව්ය තාක්ෂණය හේතුවෙන් ක්ෂේත්රය තුළ නිර්මාණය වන අලුත් රැකියා ප්රවණතා, වෙනස් වන රැකියා කුසලතා සහ ඒ සඳහා අවශ්ය පුහුණු ක්රමවේදයන් පිළිබඳව අවධානය යොමු කරනු ලබයි. විශ්වවිද්යාල සහ පුහුණු ආයතන සඳහා කෘතිම බුද්ධිය මුල්කරගත් නව පාඨමාලා එක් කිරීමට කටයුතු කරන Huawei ICT ඇකඩමියේ විෂයය මාලාවන් යාවත්කාලීන කරන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.

Huawei සමාගම, ASEAN පදනම සහ ජාත්යන්තර විදුලි සංදේශ සංගමය යන ආයතනවල නියෝජිතයින් එක්ව ආසියානු ශාන්තිකර කලාපය පුරා කෘතිම බුද්ධි දක්ෂතා වර්ධනය කිරීම, තරුණ තරුණියන් බලගැන්වීම සහ ඩිජිටල් තාක්ෂණය සැමට සමීප කිරීම අරමුණු කරගත් කලාපීය සහයෝගිතා වැඩපිළිවෙලක් ද මෙහිදී ආරම්භ කළහ.

පසුගිය වසර නවය තුළ, ආසියානු ශාන්තිකර කලාපයේ තම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ඇකඩමි වැඩසටහන රටවල් දෙකක පිහිටවූ ආයතන 2ක සිට රටවල් සහ කලාප 18 ක් පුරා විහිදුණු ආයතන 500 කට වඩා වැඩි ප්රමාණයක් දක්වා වර්ධනය වී ඇති බව පවසන Huawei ඒ හරහා සිසුන් 160,000 කට අධික පිරිසකට පුහුණුව ලබා දී ඇති බවද සඳහන් කර සිටියි.

ඇමරිකානු ආයෝජිකා Sandhya Ajjarapu, Kandy...
Hellmann සහ MAS සමූහය එක්ව...
10 වන Huawei ICT තරඟයේ...
GWM வாகன அணுகலை விரிவுபடுத்தும் வகையில்,...
Prime Group strengthens commitment to...
Hellmann and MAS Holdings launch...
Prime Melwa Formally Commences Asia’s...
Samsung Retains Global No. 1...
Hellmann and MAS Holdings launch...
Prime Melwa Formally Commences Asia’s...
Samsung Retains Global No. 1...
2.5 டிரில்லியன் ரூபா சொத்து என்ற...