2025 ගෘහ පාලන සතිය සමඟින් Cinnamon Life සාර්ථකත්වය වෙත රැගෙන යන සැඟවුණු විරුවන් සමරයි

Share

Share

Share

Share

Cinnamon Life විසින් “Celebrating our housekeeping rockstars who keep Cinnamon Life sparkling’’ යන්න තේමා කර ගනිමින් 2025 ජාත්‍යන්තර ගෘහ පාලන සතිය පසුගියදා සමරනු ලැබීය.

අමුත්තන්ට සංග්‍රහ කිරීමේ ප්‍රමුඛතම සාධකය වන ගෘහ පාලනය සෑම පුද්ගලයකුගේම සුව පහසුව, පිරිසිදු බව හා ආරක්ෂාව සහතික කරනු ලබයි. මෙම වසරේ සැමරුම තුලින් ඔවුන් වෙනුවෙන් වූ ආකර්ෂණීය ක්‍රියාකාරකම්, තරඟ හා පිළිගැනීමේ අවස්ථාවන් සමඟින් මුලුතැන්ගෙයි කාර්ය මණ්ඩලයේ සුවිසල් දායකත්වය ඇගයීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි. ටවල් ආර්ට්, ඇඳ සැකසීමේ තරඟ වැනි නිර්මාණාත්මක අභියෝගයන් මෙන්ම කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ තම සාමාජිකයින් එක් කර ගනිමින් පවත්වනු ලැබූ සැසි කිහිපයකින්ද මෙම සැමරුම් මාලාව සමන්විත විය.

සැමරුම අවසානයේදී සම්මාන උළෙලක්ද සංවිධානය කර තිබූ අතර එහිදී Cinnamon Life කාර්ය මණ්ඩලයේ කැපවීම හා ඔවුන් විසින් ලබා ගත් ජයග්‍රහණයන් ඇගයීමට ලක් කරන ලදී. මෙම සුවිශේෂී සැමරුම් සඳහා සාමාන්‍යාධිකාරී හා විධායක කමිටුව ඇතුලු ඉහළ නිලධාරීන් සම්බන්ධ වීමද විශේෂත්වයක් විය.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ Cinnamon Life හි සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක සංජීව් හුලුගල්ල මහතා “ අප සිදු කරන සෑම කටයුත්තකම ශක්තිය වන්නේ අපගේ කාර්ය මණ්ඩලයයි. ජාත්‍යන්තර ගෘහ පාලන සතිය අපගේ මුලුතැන්ගේ කාර්ය මණ්ඩලයේ අප්‍රතිහත කැපවීම ඇගයීමට කිදිම අවස්ථාවක් වන අතර ඒ තුලින් ඔවුන් Cinnamon Life හි සෑම සාර්ථකත්වයටම හේතු වන බව සහතික කරනු ලබනවා. මෙම වසරේ ක්‍රියාකාරකම් තුලින් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය, කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම මෙන්ම කැපවීම මනාව පිළිබිඹු කළා. සංචාරක කර්මාන්තයේ සැබෑ විශිෂ්ටයින් ලෙස ඔවුන්ව ඇගයීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා.’’ යනුවෙන් පැවසීය.

ගෘහ පාලන ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ලබා දෙන දායකත්වය ඉතා විශාලය. එම දායකත්වය අගයමින් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තර ගෘහ පාලන සතිය ලොව පුරා සමරනු ලබයි.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...