2025 Bocuse d’Or Sri Lanka හිදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් Cinnamon Life සම්මානයට පාත්‍ර වෙයි

Share

Share

Share

Share

මෙරට හෝටල් ක්ෂේත්‍රයේ ඉහළ යමින් පවතින් හැකියාවන් හා කලාත්මක බව සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙයි

2025 Bocuse d’Or Sri Lanka හිදී හොඳම ආහාර භෝජන හා සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය වෙනුවෙන් රන් සම්මානය හිමි කර ගැනීමට Cinnamon Life at City of Dreams Sri Lanka සමත් විය. ඒ සමඟ මෙරට සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමටද ඔවුන් සමත් විය.

ආසියානු කලාපයේ සූපවේදී විශිෂ්ටත්වය අගයනු ලැබූ මෙම ජාතික තෝරා ගැනීම් වෙනුවෙන් දිවයින පුරා සූපවේදී කණ්ඩායම් 26ක් එක්ව සිටියහ. එහිදී සුවිශේෂී තාක්ෂණය, කලාත්මක බව හා මනා ක්‍රමවත් බව තුළින් සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට Cinnamon Life නියෝජනය කරමින් ඊට සහභාගී වූ නිලුපුල් සඳකැලුම් සහ ආදිත්‍ය ෆොන්සේකා සමත් විය. මෙම රන් සම්මානය තුළින් පිළිබිඹු වූයේ සිනමන් ලයිෆ්හි නිර්මාණශීලීත්වය හා නිවැරදිභාවයයි.

එහිදී ආදිත්‍ය ෆොන්සේකා හොඳම සහායක නවක සූපවේදියා ලෙස පිළිගැනීමට ලක් විය. එහි දෙවන ප්‍රධාන විධායක සූපවේදී චාමක පෙරේරාගේ මඟ පෙන්වීම යටතේ පැවති මෙම තරඟාවලියේදී තරුණ සූප ශාස්ත්‍ර හැකියාවන්ට පිරිනමන සම්මානයක් ලෙස මෙය සඳහන් කළ හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Cinnamon Life at City of Dreams Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී සංජීව් හුලුගල්ල මහතා සඳහන් කර සිටියේ “මෙම රන් සම්මානය දිනා ගැනීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙය අපගේ කණ්ඩායමට පමණක් නොව කලාපයේ සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වයේ සලකුණක් බවට Cinnamon Life පත් කිරීම වෙනුවෙන් වූ ජයග්‍රහණයක් ලෙසද පෙන්වා දිය හැකියි.” යනුවෙනි.

මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රය තුල සිය විශිෂ්ටත්වය තහවුරු කරගෙන ඇති Cinnamon Life ශ්‍රී ලංකාවේ නවෝත්පාදන, මඟ පෙන්වීම සහ ලොව පිළිගත් ආහාර සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස එහි අභිමානය නැවත නැවතත් තහවුරු කිරීමට සමත්ව සිටියි. කොළඹ නගරයේ වඩාත් කැපී පෙනෙන සංචාරක ගමනාන්තය ලෙස සුඛෝපභෝගීත්වය, නිර්මාණශීලීත්වය සහ ආගන්තුක සත්කාරය ඇතුලු සියලු අංශයන් තුලින් විශිෂ්ටත්වයට පත්වීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරයි.

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...