2025 සැප්තැම්බර් 23, කොළඹදී – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව Visa සමඟ එක්ව HNB ජංගම බැංකුකරණ යෙදවුමට (app) ‘’HNB Accept’’ නමින් නව විශේෂාංගයක් හඳුන්වා දී ඇත. මෙම නව විශේෂාංගය මඟින් ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයක් ආරක්ෂිත ජංගම ගෙවීම් පිළිගැනීමේ point-of-sale (mPOS) යන්ත්‍රයක් ලෙස භාවිතා කිරීමට ඉඩ සලසයි. මේ සමඟින් සෑම HNB පාරිභෝගිකයෙකුටම දැන් ඩිජිටල් ගෙවීම් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම මෙය ශ්‍රී ලංකාව, ඩිජිටල් ගෙවීම් නවෝත්පාදනයන්හි පෙරමුණට ගෙන ඒමක් ලෙස සැලකිය හැකිය.
2025 ශ්‍රී ලංකා Fintech සමුළුවේ සමාරම්භක උත්සවයේදී මෙම නව විශේෂාංගය හඳුන්වා දීම සිදු විය. මෙම අවස්ථාවට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ලොව පුරා සිටින කීර්තිමත් Fintech විශේෂඥයින් සහභාගී විය.
මෙම අවස්ථාවට එක් වෙමින් ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව Fintech සහ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු බවට පත් කිරීමේ අපගේ ඉලක්කයට සහාය දැක්වීම සම්බන්ධයෙන් HNB සහ Visa ආයතනයට අපි ස්තූතිවන්ත වනවා. මෙවැනි හඳුන්වා දීම් මගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ අත්තිවාරම වෙනස් කළ හැකියි. එය දිවයින පුරා සිටින ව්‍යවසායකයින්ට ඩිජිටල් ගනුදෙනු භාවිතා කිරීමට උපකාරී වන අතර ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා වැඩි අවස්ථාවන් නිර්මාණය කිරීමට සහ ඒ සමඟින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයට සම්බන්ධ වනු ඇත.” යනුවෙනි.
Visa Accept හි තාක්ෂණය භාවිත කරමින් HNB Accept නිර්මාණය කර ඇති අතර එයට අමතර උපාංග අවශ්‍ය නොවේ. මෙම විශේෂාංගය සියලු ශ්‍රී ලාංකිකයින්ට, විශේෂයෙන් ආර්ථිකයේ මූලික පදනම වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs), තම නිවසේ සිට තම ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයින් සහ කාන්තාවන් විසින් හිමිකාරීත්වය දරන හෝ කළමනාකරණය කරනු ලබන ව්‍යාපාර සඳහා ඩිජිටල් ගෙවීම් පිළිගැනීම පහසු සහ දැරිය හැකි මිලකට ලබා දෙනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා “දශක ගණනාවක් පුරාවට HNB සැමවිටම වෙනසක් සඳහා නායකත්වය ලබා දී තිබෙනවා. ඩිජිටල් බැංකුකරණය භාවිතා කළ ශ්‍රී ලංකාවේ පළමු බැංකු කිහිපය අතර සිටින අප තාක්ෂණය ශක්තිමත් කිරීම සඳහා විශාල වශයෙන් ආයෝජනය කර තිබෙනවා. HNB Accept හඳුන්වා දීම මෙම ගමනේ තවත් එක් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. එය ශ්‍රී ලංකාව ඩිජිටල් ගෙවීම් භාවිතා කරන ආකාරය වෙනස් කරනු ඇති බව අපට විශ්වාසයි. ඕනෑම ස්මාර්ට් ජංගම දුරකතනයක් ආරක්ෂිත ගෙවීම් උපාංගයක් බවට පත් කිරීමෙන් අපි කුඩාම ව්‍යාපාර සහ ව්‍යවසායකයින්ට පවා මූල්‍ය පද්ධතියට ප්‍රවේශය ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. බොහෝ පුද්ගලයින් මෙවැනි නවෝත්පාදනයන් භාවිතා කිරීමට පටන් ගත් විට එය මූල්‍ය අන්තර්ග්‍රහණය සහ ව්‍යවසායකත්වයට ඇති බාධා ඉවත් කිරීමටත් සෑම ආකාරයකින්ම ආර්ථිකය ශක්තිමත් කිරීමටත් උපකාරී වනවා.” යනුවෙන් සඳහන් කළේය.
HNB Accept සමඟින් HNB Visa ඩෙබිට් (debit) හෝ පෙරගෙවුම් (prepaid) කාඩ්පතක් ඇති HNB පාරිභෝගිකයින්ට තම ජංගම දුරකතනය භාවිත කරමින් පමණක් මිනිත්තු කිහිපයක් ඇතුළත HNB ජංගම බැංකුකරණ යෙදවුම හරහා තම ගිණුම ක්ෂණිකව විකුණුම් පැතිකඩක් (Seller profile) බවට පත් කරගැනීමට හැකිය. ඉන්පසුව ඔවුන්ට Tap-to-Phone හෝ Pay-by-Link හරහා ගෙවීම් ලබා ගැනීම ආරම්භ කළ හැකියි. සියලුම ගෙවීම් Visa ජාලය හරහා හසුරුවනු ලබන අතර මුදල් එවේලේම විකුණුම්කරුගේ ගිණුමට බැර වේ. එය විකුණුම්කරුට මෙන්ම පාරිභෝගිකයාට ද ආරක්ෂිත හා පහසු ගෙවීම් අත්දැකීමක් සලසයි.
Visa හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මිය පැවසුවේ ‘’Visa Accept නිර්මාණය කර ඇත්තේ ඩිජිටල් ගෙවීම් භාවිතා කිරීමේදී ඇති වන බාධා ඉවත් කිරීමෙන් කුඩා වෙළෙන්දන්ට සහ තම නිවසේ සිට තම ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයින්ට උපකාර කිරීම සඳහායි. මෙම HNB Accept විශේෂාංගය HNB හි ජංගම බැංකු යෙදවුමට එක් කිරීමෙන් අපි ඩිජිටල් ගෙවීම් සරල, ආරක්ෂිත සහ පරිශීලකයින් බොහොමයකට සේවය කිරීමට හැකියාව ලබා දෙනවා. එමෙන්ම මෙම හඳුන්වා දීම මගින් ශ්‍රී ලංකාවේ නවෝත්පාදන හැකියාව සහ මූල්‍ය තාක්ෂණයේ ප්‍රමුඛයෙකු ලෙස HNB හි නායකත්වය කෙරෙහි අපගේ ඇති විශ්වාසය පෙන්නුම් කරනවා.’’ යනුවෙනි.
HNB Accept හරහා සිදු කරන සියලුම ගෙවීම් Visa ජාලය විසින් හසුරුවනු ලබන අතර මුදල් එවේලේම විකුණුම්කරුගේ ගිණුමට බැර වේ- කලින් තීරණය කළ සීමාවන් සහ ශක්තිමත් ආරක්ෂක පරීක්ෂාවන්, ආරක්ෂිත සහ විශ්වාසදායක පද්ධතියක් පවත්වා ගැනීමට උපකාරී වේ. දෛනික මුදල් ප්‍රවාහය මත යැපෙන කුඩා ව්‍යාපාර සඳහා, මෙම කඩිනම් ගෙවීම් සහ ආරක්ෂක පරීක්ෂාවන් ඉතා වැදගත් වේ. ඔවුන් තම දෛනික අවශ්‍යතා පමණක් කළමනාකරණය කරනවාද නැතහොත් තවදුරටත් වර්ධනය වීමට සමත් වේද යන්න එයට තීරණය කළ හැකිය.
දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 255ක් සමඟින් HNB ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. දියුණු පුද්ගලික බැංකු වලින් එකකි. බැංකුව 2024 වසරේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව ලෙස සම්මානයට පාත්‍ර විය.