Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ඒ අනුව මෙරට ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවාවක් වශයෙන් එම ගුවන් සමාගම කලාපීය ජාලයේ ශක්තිමත්භාවය පුළුල් කර ගැනීමට සමත්ව ඇත.

ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම ලබන අප්‍රේල් 04 වනදා සිට ක්‍රියාත්මක වන අතර, සතිපතා ගුවන්ගමන් වාර 04ක් සමඟින් එය දියත් කිරීමට නියමිතව තිබේ. FitsAir ගුවන් සමාගම සිය මෙහෙයුම් පුළුල් කිරීම ඔස්සේ කලාපීය ගුවන් සේවා අංශයේ භූමිකාව තවදුරටත් ශක්තිමත් වන අතර, දැරිය හැකි මිලකට සහ විශ්වාසවන්ත ගුවන් ගමන් සඳහා වැඩිවන මගීන්ගේ ඉල්ලුම සපුරාලීම සඳහා FitsAir හි කැපවීම ද ඉස්මතු වේ.

ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම, FitsAir ගුවන් සමාගමෙහි ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙසින් කැපී පෙනේ. එමෙන්ම මෙම නවතම ගුවන් මාර්ගය ඔස්සේ වෙළඳ කටයුතු හා සංචාරක ගුවන් ගමන් සඳහා වැඩි අවස්ථාවන් නිර්මාණය වන අතර, දැරිය හැකි මිලකට ගුවන් මගීන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ගුවන් සේවාවක් වශයෙන් ද ස්ථානගත වේ.

මෙම දියත් කිරීම සුවිශේෂී මොහොතක් බවට පත් කරමින් FitsAir ගුවන් සමාගම විසින් ක්වාලාලම්පූර් වෙත ගොස් නැවත පැමිණෙන ටිකට් පතක්, රුපියල් 65,300 සිට හඳුන්වා දීමට ඔවුන් පියවර ගෙන තිබේ. මෙම සියල්ල ඇතුළත් ගාස්තුවට කිලෝග්‍රෑම් 20 ක සහ කිලෝග්‍රෑම් 7 ක ගමන් මලු දීමනාවක් අන්තර්ගත වන අතර, එමගින් ගුවන් මගීන්ට කිසිඳු කරදරයකින් තොර ගමන් අත්දැකීමක් සහතික කරයි.

මෙම නව සේවාව සමඟ සිය ජාලය තවදුරටත් පුළුල් කරමින් ගුවන් මගීන්ට වඩාත් දැරිය හැකි සහ බාධාවකින් තොරව ගමන් විකල්පයන් සැපයීමට FitsAir ගුවන් සමාගම සමත් වී තිබේ. ගුවන් සේවයේ වර්ධනය වන ජාලයට මාලේ, ඩුබායි, ඩකා සහ චෙන්නායි වැනි ගමනාන්තයන් ඇතුළත් වන අතර කොළඹ පිහිටි එහි ප්‍රධාන කේන්ද්‍රස්ථානය හරහා අඛණ්ඩ සම්බන්ධතාවයන් ස්ථාපිත කර ඇත. ආරක්ෂාව සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් විශ්වාසනීය, නියමිත වේලාවට සිය සේවා සැපයීමට FitsAir ගුවන් සමාගම කැපවී කටයුතු කරයි.

වැඩිදුර තොරතුරු සහ ආසන වෙන්කරවා ගැනීමට www.fitsair.com වෙත පිවිසෙන්න.

2027 முதல் காலாண்டில் கடந்த ஆண்டை...
ஆடம்பர விருந்தோம்பலில் புதிய புரட்சி: வாசற்கதவு...
Huawei Named Sole Leader in...
JXG Partners with Mercantile Hockey...
Sampath Bank Partners GV Auto...
සමතකරණ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ශ්‍රී...
ஜனசக்தி பைனான்ஸ் 2026-27இன் முதல் காலாண்டில்...
Janashakthi Life පරම්පරාගත තිළිණයක් ලෙස...
සමතකරණ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ශ්‍රී...
ஜனசக்தி பைனான்ஸ் 2026-27இன் முதல் காலாண்டில்...
Janashakthi Life පරම්පරාගත තිළිණයක් ලෙස...
Janashakthi Life concludes Shilpa Shakthi...