ශිරානි ජෝසෆ් ද සේරම් පදනම සවිබලගැන්වීම සහ අන්තර්ගතභාවය සඳහා කැපවෙමින් ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරයි

Share

Share

Share

Share

ශිරානි ජෝසෆ් ද සේරම් පදනම (SJDSF) 2025 මාර්තු 21 වන දිනට යෙදෙන ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරමින් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, අන්තර්ගතභාවය, යහපැවැත්ම පිළිබඳව දැනුවත් කිරීම සහ පෙනී සිටීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට එක්විය.

ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය 2006 දී ප්‍රකාශයට පත් කරන ලද අතර එය සෑම වසරකම මාර්තු 21 වන දින සමරනු ලබයි. තුන්වන මාසයේ 21 වන දිනය ලෙස යොදා ගෙන ඇත්තේ ඩවුන් සින්ඩ්‍රෝම් ඇති කරනු ලබන 21 වර්ණදේහයේ අතිරේක පිටපතක් දරුවාගේ සෛල පද්ධතියට එකතු වී වර්ණදේහ තුනක් බවට පත් වීම නිසයි. ඩවුන් සින්ඩ්‍රොම් සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ දායකත්වය පිළිබිඹු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය 2012 දී මෙම දිනය නිල වශයෙන් පිළිගත්තේය.

1993 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම කථන සහ භාෂා චිකිත්සකවරිය වන ශිරානි ජෝසෆ් ද සේරම් විසින් ආරම්භ කරන ලද SJDSF බුද්ධිමය හා සන්නිවේදන අපහසුතා සහිත පුද්ගලයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා කැපවී සිටී. මෙම පදනම මෙම පුද්ගලයින් සවිබලගැන්වීම සඳහා අධ්‍යාපනය, කුසලතා සහ දැනුම ලබා දෙනු ලබන අතර ඔවුන්ට සමාජයේ ස්වාධීන වීමට සහ සමාජ අන්තර්ගතභාවය සඳහා උපකාරී කරයි.

බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයින් සඳහා රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම මෙම පදනමේ ප්‍රධාන අරමුණුවලින් එකකි. ඔවුන්ගේ වැඩසටහන සන්නිවේදන කුසලතා ගොඩනැගීම, ස්වාධීනත්වය සහ සමාජ ඒකාබද්ධතාවය කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. ප්‍රායෝගික කුසලතා ඉගැන්වීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ මූල්‍ය ස්වාධීනත්වය ප්‍රවර්ධනය කිරීම මගින් SJDSF මෙම පුද්ගලයින්ට විශ්වාසය සහ ආත්ම-වටිනාකම ඇති කර ගැනීමට උපකාරී වෙයි. තවද මෙම පදනම විසින් උදව් උපකාර අවශ්‍ය පවුල්වලට අවශ්‍ය මඟ පෙන්වීම ද ලබා දෙන ඔවුන්ගේ ආදරණීයයන් වෙනුවෙන් පෙනී සිටීමට ද උපකාර කරයි.

බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයින් සවිබල ගැන්වීම සඳහා SJDS පදනම විසින් වෘත්තීය පුහුණුව සහ රැකියා අවස්ථා ලබා දෙන වැඩමුළුවක් සහ සන්නාමයක් වන ‘’Thrive’’ නිර්මාණය කරන ලදී. මෙයට සහභාගිවන්නන් විසිතුරු භාණ්ඩ, ආභරණ සහ මේස රෙදි වැනි නිෂ්පාදන නිපදවන අතර ඒවා පදනම විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා අරමුදල් සැපයීමට සහ එම නිර්මාණකරුවන්ට ආදායමක් ලබා දීමට විකුණනු ලබයි.

SJDS පදනම වැඩමුළු, ප්‍රජා ක්‍රියාකාරකම් සහ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාර හරහා සමාජයේ වැරදි වැටහීම්වලට අභියෝග කිරීමට සහ අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කරයි. ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින් අගය කරන සහ සවිබලගන්වන සමාජයක් නිර්මාණය කිරීම මෙම පදනමේ අරමුණයි. ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනයට සමගාමීව SJDS පදනම එහි පුහුණුව ලබන්නන් ඉතා අපූරු ආදර්ශමත් චරිත ලෙස විශේෂයෙන් පෙන්වා දෙයි. නිදසුනක් ලෙස Thrive වැඩමුළුවේ සිටින දක්ෂ හා නිර්මාණශීලී මෙන්ම වර්ණ පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් සහිත තරුණියක් වන වර්ෂා පෙන්වා දිය හැකියි. ඇයද වෘත්තීය නිරූපිකාවක් වීමට කටයුතු කරන අයෙක් වන අතර විවිධ පෙනුම සහ ශරීර හැඩ ඇති පුද්ගලයින් ඇතුලත් නිරූපණ ක්ෂේත්‍රයේ වැඩසටහන්වලට ද ඇය සහභාගී වී ඇත.

මීට අමතරව ඉතා අලංකාර ටයි-ඩයි නිෂ්පාදන නිර්මාණය කරනු ලබන උදාරා පිළිබඳව ද ඔවුන් සඳහන් කරයි. මෙයින් පෙනී යන්නේ රැකියා ස්ථානයේ නිවැරදි ගැලපීම් සමඟින් පුද්ගලයින්ට ඔවුන්ගේ අභියෝග කුමක් වුවත් අර්ථවත් දායකත්වයක් ලබා දිය හැකි බවයි.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට රැකියා සොයා ගැනීමට උපකාර කිරීම කෙරෙහි SJDS පදනමේ කැපවීම විවිධ ආයතන සමඟ සාර්ථක හවුල්කාරිත්වයන්ට ද හේතු වී ඇත.

මේ වන විට SJDS පදනම ශිරානිගේ දියණිය වන ප්‍රවීණා ජෝසෆ් ද සේරම් විසින් පවත්වා ගෙන යනු ලබන අතර මෙම ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනයේදී ඩවුන් සින්ඩ්‍රෝම් සහිත අයගේ ජීවිත සහ ජයග්‍රහණ සැමරීමට එක්වන ලෙස පුද්ගලයින්ට, සංවිධානවලට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ආරාධනා කර සිටී. එකට එක්ව කටයුතු කිරීමෙන් අප සැමට වඩාත් අන්තර්ගතභාවය සහ සහයෝගය දක්වන සමාජයක් නිර්මාණය කළ හැකියි.

SJDS පදනම පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට 25/7, පස්වන පටුමග, ඩී. ඇම්. කොළඹගේ මාවත, නාවල පිහිටි මධ්‍යස්ථානය වෙත එන්න. +94 0112 819 310 අමතන්න. නැතහොත් [email protected] වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්න. නැතහොත් www.sjdsf.lk යන ඔවුන්ගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

இலங்கையின் பாரம்பரிய உணவுகளின் சுவையை TikTok...
Kaushala Amarasekara Honoured Among Top...
දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී...
City of Dreams Sri Lanka...
MAS Holdings, AICPA සහ CIMA...
City of Dreams Sri Lanka...
டிஜிட்டல் பொருளாதார வளர்ச்சிக்கு பங்களிப்புச் செய்கின்ற...
ඩිජිටල් යුගයේ මවක් ලෙස ආදරය,...
City of Dreams Sri Lanka...
டிஜிட்டல் பொருளாதார வளர்ச்சிக்கு பங்களிப்புச் செய்கின்ற...
ඩිජිටල් යුගයේ මවක් ලෙස ආදරය,...
ITC Ratnadipa to Launch ‘The...