මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් ක්ෂුද්‍ර ව්‍යවසායකයින් සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ගමන් බිමන් යාමට පමණක් නොව තම ආදායම් උපයා ගැනීමට ද ත්‍රිරෝද රථ, වෑන් රථ, යතුරුපැදි සහ කුඩා ට්‍රක් රථ භාවිතා කරති. එහිදී ඔවුන් රියදුරන්, බෙදාහරින්නන්, කුඩා ව්‍යාපාර හිමියන් සහ ස්වයං රැකියාලාභීන් ලෙස සේවය කරන අතර මෙරට ජනතාවට උපකාර කිරීමට සහ ආර්ථික වර්ධනයට ද දිනපතා දායක වේ. කෙසේ වෙතත් ඔවුන් ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළද, විධිමත් ආයතනවලින් ණය සහ මූල්‍ය සේවා ලබා ගැනීම සඳහා ඔවුන්ට තවමත් ඇත්තේ ඉතා සීමිත ප්‍රවේශයකි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන Mahindra Ideal Finance Limited (MIFL), ක්ෂුද්‍ර ව්‍යවසායකයින් සඳහා නිර්මාණය කර ඇති විශේෂ ලීසිං විසඳුම් සහ ණය පහසුකම් පිරිනමමින් මෙම පරතරය පියවීමට උපකාරී වේ. සමාගම ප්‍රධාන වශයෙන් වාහන භාවිත කරමින් තමන්ගේ දෛනික ආදායම උපයන පුද්ගලයින්ට උපකාර කරනු ලබන අතර ඔවුන්ගේ ඉපැයීම් වර්ධනය කරගැනීමට විධිමත් ලෙස සකස් කළ හා කළමනාකරණය කිරීමට පහසු ණය සැලසුම් ලබා දෙයි.

Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා පැවසුවේ ‘’සාමාන්‍ය බැංකු ණය අවශ්‍යතා සපුරාලිය නොහැකි නමුත් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා වැදගත් කාර්යභාරයක් කරනු ලබන පුද්ගලයින්ට අපි සහාය වනවා. අපගේ ඉලක්කය වන්නේ දෛනික ආදායම් උපයන්නන් ඔවුන්ගේ මුදල් උපයන ආකාරය සහ වියදම් කරන ආකාරයට ගැලපෙන මූල්‍ය විසඳුම් සැපයීමයි. වෙනත් අය සඳහා නිර්මාණය කරන ලද මූල්‍ය විසඳුම්වලට ඔවුන්ව බලහත්කාරයෙන් යොමු කරනවා වෙනුවට ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි අපි අපගේ සේවාවන් නිර්මාණය කරනවා. ශ්‍රී ලංකාවේ සාධාරණ සහ සැමට ප්‍රතිලාභ ලැබිය හැකි මූල්‍ය ප්‍රවේශයේ අනාගතය මෙය බව අපි විශ්වාස කරනවා.’’ යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන් සහ ස්වයං රැකියාලාභීන් ඇමරිකානු ඩොලර් බිලියන 13 කට වඩා වැඩි ණය පරතරයකට මුහුණ දෙයි. මෙයට හේතුව වන්නේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට CRIB පද්ධතිය තුළ වැටුප් පත්‍රිකා, දේපළ හෝ ණය ඉතිහාසයන් නොමැති වීමයි. බොහෝ දෙනෙක් අවිධිමත් ලෙස වැඩ කරන අතර ඔවුන්ට මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටින ලේඛන හෝ ඇපකර ලබා දීමට නොහැක. තවද ඔවුන්ට ඉතුරුම් ගිණුම් තිබිය හැකි හෝ වෙනත් බැංකු සේවා භාවිතා කළ හැකි වුවද විධිමත් ණය සඳහා ඔවුන්ගේ ප්‍රවේශය ඉතා සීමිතය.

ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ මිලියනයකට වඩා ලියාපදිංචි වී ඇති අතර, ඉන් ලක්ෂ අටක් පමණ වාණිජමය අරමුණු සඳහා භාවිතා කරනු ලැබේ. මෙම අංශය පවුල් 760,000 කට පමණ ජීවනෝපායන් සපයන අතර මිලියන 2.8 කට වැඩි පිරිසකට සහාය වේ. දත්තවලින් පෙනී යන්නේ ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් 98% ක් විධිමත් ලෙස රැකියාවල නිරත නොවූවත් බැංකු හරහා මුදල් ඉතිරි කරන බවයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට වාහනයක් ගැනීමට ඇති එකම මාර්ගය ලීසිං ය. Mahindra Ideal Finance මෙම පාරිභෝගික කණ්ඩායම හොඳින් තේරුම් ගෙන ඔවුන්ගේ දෛනික ආදායමට ගැලපෙන ආපසු ගෙවීමේ සැලසුම් නිර්මාණය කරන අතර එමඟින් ඔවුන්ට ඔවුන්ගේ ලීසිං මුදල් ගෙවීම පහසු කරයි.

MIFL හි ණය දීමේ ආකෘතිය, වාහනයක් හිමිකර ගැනීම පහසු සහ දැරිය හැකි මිලකට ලබා දීම අරමුණු කරයි. වාහන අලෙවිකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් සහ නම්‍යශීලී ණය කොන්දේසි ලබා දීමෙන්, සමාගම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ආදායම් රටාවන්ට ගැලපෙන ආකාරයෙන් මුදල් ණයට ගැනීමට ඉඩ සලසයි. මෙම ප්‍රවේශය පාරිභෝගිකයින්ට ස්ථාවර ආදායම් සහ දිගුකාලීන වත්කම් හිමිකාරිත්වය ගොඩනඟා ගැනීමට උපකාරී වේ.

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...