අවුරුදු කෑම මේසය හැඩ කළ TikTok හිි ‘Cook & Create’

Share

Share

Share

Share

ගෙවී යමින් පවතින්නේ අප්‍රේල් මාසය හෙවත් අවුරුදු මාසයයි. අවුරුදු වචනය ඇසෙන විට අපට නිතැතින්ම මතක් වන්නෙ රසකැවිලි සහ ආහාරයි. ආහාර යනු මේසයක් පුරවන දෙයක් පමණක් නොව, එය සියල්ලන්ව එකට බැඳ තබන සෙනෙහස සහ කැපවීමයි. අවුරුදු හැඟීම සැබවින්ම රැඳී පවතින්නේ එම කෑම වට්ටෝරු සහ ඒවා වටා එක්රොක් වන මිනිසුන් තුළයි. සංස්කෘතිය, සාම්ප්‍රදායිකත්වය මෙන්ම නවීනත්වය සමඟින් වත්මන් සිංහල හින්දු අලුත් අවරුදු සැමරුම් අලුත් වී ඇති අතරම තම තමන්ට සුවිශේෂී වූ ආහාර අනන්‍යතාවයන් බෙදා හදා ගැනීමටද හැකි වී තිබීම බොහෝ දෙනාට අලුත් දේ රස විඳීමටද අවස්ථාව උදා වීමකි. එවන් අනෙක් අවස්ථා අන් අය සමඟ බෙදාහදා ගනිමින් අවුරුද්ද අලුත් කරන්නට දායක වූ නිර්මාණකාරිණියක් ලෙස Madushika Dilshani Perera සඳහන් කළ හැකිය.

ඇය රටක් පිනවන රසයන් Cook & Create නම් වූ ඇගේ TikTok පිටුව හරහා බෙදා ගැනීමට කටයුතු කළායග ඒ නිසාම ඇය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර බොහෝ දෙනා ඇයව අනුගමනය කරමින් ඇය විසින් නිර්මාණය කළ විවිධ රසවත් ආහාර සකසා ගැනීමටද උනන්දු විය.
ඇය පවසන්නේ එවන් කැවිලි වර්ග මෙන්ම සාම්ප්‍රදායික ආහාර සකස් කිරීම ඇගේ නිනෝදාංශයක් බවට පත් වී ඇති බවයි.

ඇය තමන්ගේ විනෝදාංශයට අදාළ වීඩියෝ, ඡායාරූප ටික්ටොක් වේදිකාව හරහා බෙදාහදා ගත්තේද ඒ විනෝදාංශයේම තවත් පියවරක් ලෙසිනි. එහෙත් නොසිතූ ලෙස ඇයගේ වීඩියෝ ඉතා ජනප්‍රිය විය. ඒ නිසාම අද වන විට ඇයගේ ටික් ටොක් පිටුවට එකතු වී සිටින පිරිස ඉතා විශාලය.
අලුත් අවුරුදු හැඟීම වඩාත් හොඳින් දැකගත හැක්කේ ඒ සඳහා වන සූදානම තුළිනි. බොහෝ නිවෙස්වල අවුරුද්ද උදාවන්නේ කුස්සියේ කලබලය, හුරුපුරුදු ආහාර වට්ටෝරු සහ සියල්ලන්ම සහයෝගයෙන් වැඩ කරන නිහඬ සුසංයෝගය තුළිනි. ‘මගේ නිවසේ අවුරුදු කාලය කියන්නේ වසරේ ලස්සනම කාලයක්‘ යැයි ඇය පවසයි. ‘අපි පවුලක් විදිහට කුස්සියේ කාලය ගත කරමින්, සාම්ප්‍රදායික කෑම පිළියෙල කරනවා, කතාබහ කරනවා, ඒ වගේම හැම පුංචි මොහොතක්ම සතුටින් විඳිනවා.‘

මේවා මහා පරිමාණයේ දේවල් නොවූවත්, අර්ථවත් පුංචි චාරිත්‍රයන් වේ. කෑම මේසය යනු හුදෙක් ආහාර ගන්නා තැනක් පමණක් නොව, එය මිනිසුන්ව සම්බන්ධ කරන, මතකයන් අලුත් කරන තැනකි. සමහර ආහාර වර්ග සංකීර්ණ නොවූවත් ඒවාට ගැඹුරු වටිනාකමක් ඇති බව ඇය පැහැදිලි කරයි. ‘අපි හැම අවුරුද්දකම හදන ඉතා සරල කෑමක් වුණත්, ඒකෙන් මට මතක් වෙන්නේ කලින් අවුරුදු උත්සව සහ ඒ කාලේ මගේ ආදරණීයයන් එක්ක ගත කරපු විදිහයි.‘
TikTok තුලින් සිදුව ඇත්තේ හුදෙක් ප්‍රසිද්ධියක් ලබා දීම පමණක් නොව, පෞද්ගලික අත්දැකීම් අන් අයටද විඳිය හැකි සහ අත්හදා බැලිය හැකි අයුරින් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීමයි. මධුෂිකා සම්බන්ධයෙන් ගත් කල, ඇයගේ නිහඬ එදිනෙදා ජීවිතයේ මොහොතක් බොහෝ දෙනෙකුට පොදුවේ තේරුම් ගත හැකි දෙයක් බවට පත් කිරීමයි. ඇයගේ නිර්මාණ TikTok හි කෙටි වීඩියෝ සහ පියවරෙන් පියවර පෙන්වන වට්ටෝරු හරහා නව පරපුරට සාම්ප්‍රදායික ඉවුම් පිහුම් සමීප කරවයි.

සිත් ඇද ගන්නා සංගීත නාදයන් සහ ආකර්ෂණීය වීඩියෝ සංස්කරණ ක්‍රම භාවිතයෙන්, කොකිස් වැනි සාම්ප්‍රදායික කෑම වර්ගවල නියම ස්වරූපය රැකගෙන ඒවා නවීන අයුරින් ඉදිරිපත් කිරීමට මේ හරහා ඇයට හැකි වී තිබේ.

මධුෂිකා ඒ පිළිබඳව දරන්නේ මෙවන් අදහසකි.

“මගේ නිවසේ සිදු වූ ඉතා පෞද්ගලික, නිහඬ මොහොතක් දහස් ගණනක් අතරට ගෙන යාමට TikTok මට අවස්ථාව ලබා දී තිබෙනවා. මගේ වීඩියෝ බලන විට මිනිසුන්ට සතුටක් සහ සැනසීමක් දැනෙනවාට මම කැමතියි. එය ඔවුන්ට තම නිවස, පවුල සහ ජීවිතයේ ඇති කුඩා සුන්දර මොහොතවල් මතක් කර දෙතැයි මම බලාපොරොත්තු වෙනවා.”

මධුෂිකාට අනුව අලුත් අවුරුද්දේ කිසිවක් සැබවින්ම වෙනස් වී නැත. සියල්ල ආරම්භ වන්නේ කුස්සියෙනි. එකම වට්ටෝරු, හුරුපුරුදු ක්‍රමවේද සහ මිනිසුන් එකිනෙකා හමුවීමට ඇති එම සහෝදරත්වයේ හැඟීම තවමත් එලෙසම පවතී. වෙනස් වී ඇති එකම දෙය නම්, එදා නිවසේ බිත්ති හතරට සීමා වූ එම මොහොතවල් අද TikTok හරහා ලොව පුරා විසිරී සිටින දහස් ගණනක් අතරට ගලා යාමයි.

මෙසේ බෙදාහදා ගැනීම තුළින් එක් ආහාර වේලක් හුදෙක් වට්ටෝරුවකට වඩා වැඩි යමක් බවට පත් වේ. එය අන් අයගේ මතකයන් අවදි කරන සෙනෙහසේ පණිවිඩයක් බවට පත්වෙයි. අවසානයේදී, අලුත් අවුරුද්දේ සැබෑ අර්ථය වන්නේද එයයි. එනම්, කෑම මේසය මත ඇති ආහාර පමණක් නොව, එම ආහාරය වටා මිනිසුන්ව එකතු කරන ආදරයයි.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...