දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ නිකේතනය වන City of Dreams Sri Lanka මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නව පෙරලියක් සිදු කරමින් සිටින්නේ සියලු පාරිභෝගිකයින් වෙත විශිෂ්ට සේවාවක් සලසා දෙමිනි. මෙහි අති සුඛෝපභෝගී ‘Nüwa’ සහ ‘Cinnamon Life’ යන සුවිශේෂී අත්දැකීම් ද්විත්වයම එකම ජාත්‍යන්තර මට්ටමේ ගමනාන්තයක් තුළට ඒකාබද්ධ කර ඇත. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් එක්ව සිදු කළ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය තුලින් දේශීය හා විදේශීය සංචාරක පාරිභෝගිකයින් වෙත සුඛෝපභෝගී අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත්තේ විවේකය, විනෝදාස්වාදය, සාප්පු සවාරි මෙන්ම ව්‍යාපාරික පහසුකම්ද එකම නිවහනක් යටතේ සලසා ගැනීමට අවස්ථාව සලසා දෙමිනි.

ශ්‍රී ලංකාවේ සිදු කළ විශාලතම පෞද්ගලික ආයෝජනය වන ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක ආයෝජනයකින් ඉදි වූ City of Dreams Sri Lanka වර්ග අඩි මිලියන 4.5ක භූමි භාගයක් පුරා පැතිරී ඇත. හුදෙක් හෝටල් සංකීර්ණයක් පමණක් නොව සේවාවන් රැසක නිජබිම බවට පත්ව ඇති එය ශ්‍රී ලාංකේය අනාගත විශ්වාසයේ සලකුණක් ලෙසද සඳහන් කළ හැකිය. ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් බවට පත් කරමින් ගෝලීය සංචාරක ගමනාන්තයන්හි සුවිශේෂී මධ්‍යස්ථානයක් බවට කොළඹ නගරය පත් කිරීමට ඊට හැකි වී තිබේ.
ලොව ප්‍රමුඛ පෙළේ සංචාරක නගරයන් මෙන් සුඛෝපභෝගී නවාතැන් පහසුකම්, විනෝදාස්වාදය, සාප්පු සවාරි සහ උත්සව කටයුතු යන සියල්ල එකම තැනකදී සිදුකර ගැනීමේ හැකියාව උදා කර දීම මෙම ව්‍යාපෘතියෙහි ප්‍රමුඛ අරමුණක් විය. ඒ නිසාම ඒ වෙත සපැමිණෙන සියලු දෙනාට සාම්ප්‍රදායික සංචාරක හෝටල් නවාතැන් සැපයීමකින් නොනැවතී පරිපූර්ණ අත්දැකීමක් හිමි කර දීමට City of Dreams Sri Lanka කටයුතු කරනු ඇත.

මෙම සංකීර්ණයේ ප්‍රධානතම අංගය වන්නේ ලෝක ප්‍රසිද්ධ City of Dreams ජාලයට අයත් Nüwa සුඛෝපභෝගී හෝටලයයි. ආකර්ෂණීය ඉන්දියන් සාගරය සහ කොළඹ නගරයේ සුන්දරත්වය රිසි සේ විඳගත හැකි ආකාරයේ සුඛෝපභෝගී කාමර 113 කින් සමන්විත මෙය, අතිශය පෞද්ගලික සහ උසස් මට්ටමේ අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව සිය පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇත. විශිෂ්ට සේවාව, අලංකාර නිමැවුම් සහ කොළඹ නගරයේ සුන්දරත්වය සමඟින් ශ්‍රී ලාංකේය සුඛෝපභෝගී නවාතැන් කලාවේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට Nüwa සමත් වනු ඇත.
හෝටල් පහසුකම්වලට අමතරව වර්ග අඩි 180,000ක් පුරා විහිදෙන විනෝදාස්වාද කලාපයක්, විශේෂ අමුත්තන් සඳහා වෙන්වූ VIP කලාපයක් මෙන්ම සජීවී අත්දැකීම් විදඟැනීමේ අවස්ථා සහිත ජාත්‍යන්තර තත්වයේ පහසුක්මද මෙහිදී අත් විඳිය හැකිය. ඊට අමතරව ලොව පුරා ජනප්‍රිය සන්නාමයන් රැසක් පාරිභෝගිකයින් වෙත රැගෙන යන The Shoppes සාප්පු සංකීර්ණය සහ ශරීරයට මෙන්ම මනසටද සුවිසල් සහනයක් එක් කරන Kurundu Spa මෙහි සුවිශේෂීත්වය තව තවත් ඉහළ නැංවීමට සමත් වේ.

City of Dreams නිවාඩු නිකේතනය තුළ පිහිටා ඇති Cinnamon Life ඉන්දියන් සාගරයේ සහ කොළඹ නගරයේ සුන්දර දසුන් දර්ශනය වන අයුරින් නිමවා ඇති අතර කාමර සහ සුඛෝපභෝගී suites 687 කින් සමන්විතය. විශේෂයෙන් නවීනත්වය හා උද්යෝගිමත් ජීවන රටාවන් අගයන පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිර්මාණය කර ඇති අපූරු නවාතැනක් වන Cinnamon Life මෙන්ම සුඛෝපභෝගී සේවාව හා පෞද්ගලිකත්වය අගයන Nüwa කොළඹ නගරයේ සැබෑ සත්කාරය අමුත්තන් වෙත ලබා දෙනු ඇත.
කොළඹ නගරය ජාත්‍යන්තර ව්‍යාපාර හා සුවිශේෂී උත්සව සඳහා සුදුසුම මධ්‍යස්ථානයක් බවට පත් කරන මෙම සුවිසල් ව්‍යාපෘතිය ඊට අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත වේ. විශේෂයෙන් නවීන පහසුකම් හා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට අනුව වෙනස් කළ හැකි පහසුකම් හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණ, මහා පරිමාණ උත්සව හා ව්‍යාපාරික උත්සව වැනි බොහෝ දේ මෙහිදී පහසුවෙන් පැවැත්වීමට හැකි වේ.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඊටම ආවේණික වූ ගෘහ නිර්මාණ ශිල්පයයි. කොළඹ නගරයට මනා සුන්දරත්වයක් එක් කරන නිමැවුමක් වන එය සුප්‍රසිද්ධ ඉංජිනේරුවකු මෙන්ම නිර්මාණකරුවකු වන සිසිල් බැල්මන්ඩ් මහතා විසින් නිර්මාණය කර ඇත්තේ පොළොන්නරුවේ ඓතිහාසික වටදාගෙය ආභාසයට ගනිමිනි. ඒ තුලින් ශ්‍රී ලාංකේය සංස්කෘතික විශිෂ්ටත්වය හා නවීනත්වය මනාව එක් කිරීමට හැකි වී තිබේ.
මෙරට සංචාරක ක්ෂේත්‍රය යළි නැගී සිටිමින් සිටින අවධියක ඊට සුවිසල් ශක්තියක් සපයනු නොඅනුමානය. ඉහළ පෙළේ සංචාරකයින් ආකර්ෂණය කර ගනිමින්, කොළඹ නගරය පිළිබඳව ඇති ජාත්‍යන්තර පිළිගැනීම ඉහළ නැංවීමටත්, රැකියා උත්පාදනය හරහා රට තුළ ආර්ථික විශ්වාසය තහවුරු කිරීමටත් ඊට හැකියාව ඇත.
එහෙයින් Nüwa හි සුඛෝපභෝගී අත්දැකීමත්, Cinnamon Life හි ජීවන රටාවේ නව්‍යයත්වයත් සමඟින් ජාත්‍යන්තර මට්ටමේ හෝටල් සංකීර්ණයක පහස විඳ ගැනීමේ අවස්ථාව City of Dreams Sri Lanka උදා කර දෙනු ඇත්තේ දකුණු ආසියාවේ මේ ආකාරයේ අත්දැකීමක නව පෙරලියක් ඇති කරමිනි.




