ලංකා ටයිල්ස් නව ප්‍රදර්ශනාගාරය බොරැල්ලේදී විවෘත කරයි

Share

Share

Share

Share

2026 මැයි මස 7වන දින ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයා වන ලංකාටයිල්ස් විසින් සිය නවතම ප්‍රදර්ශනාගාරය බොරැල්ල දී අභිමානවයෙන් යුතුව විවෘත කරන ලදී. පනස් වසරක විශිෂ්ටත්වය, නව්‍යකරණය සමග මුසුවූ අභිමානවත් ගමන්මගක තවත් සන්ධිස්ථානයක් වන මෙම ප්‍රදර්ශනාගාරය, බොරැල්ල අවට නාගරික අවකාශයන් සොඳුරු නවාතැන් බවට පත් කිරීමට අවස්ථාව සලසයි.

කොළඹ 08, ආචාර්ය එන්. එම්. පෙරේරා මාවතේ අංක 85 හි පිහිටා ඇති මෙම නව ප්‍රදර්ශනාගාරය නිවාස හිමියන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ නිර්මාණකරුවන්ට ලංකා ටයිල්ස් හි තත්ත්වයෙන් උසස්, නවතම ප්‍රවණතාවන්ට අනුව නිර්මාණය වූ LankaTiles Majestica – Large format Tiles, Premium Double Fired Wall Tiles ඇතුළු ඔබට අවශ්‍යය ඕනෑම වර්ගයක ටයිල්, COLOMA බාත්වෙයාර් සහ උපාංගයන්ගෙන් අනූන තෝතැන්නකි. අපේම රටේ අමුද්‍රව්‍ය සහ නිර්මාණශිල්පීන්ගේ දැනුම යොදාගෙන නිර්මාණය කර ඇති Mosaics සහ Pool Tiles එකතුව, ප්‍රදර්ශනාගාරයේ තවත් සුවිශේෂී අංගයක් ලෙස කැපීපෙනෙයි. ලංකා ටයිල්ස් ලංකාවේ එකම Mosaics සහ Pool Tiles නිෂ්පාදකයා වෙයි.

ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවයට ප්රධාන ආරාධිතයා ලෙස වරලත් ගෘහ නිර්මාණ ශිල්පී රසල් දන්දෙණිය මහතා ද, ලංකා ටයිල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා ද, ගෘහ නිර්මාණ, ඉදිකිරීම් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් සමන්විත ආරාධිත අමුත්තන් ද සහභාගී විය.

මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම, බොරැල්ල අවට නාගරික කොරිඩෝව හා සම්බන්ධ වීමට ලංකාටයිල්ස් ගත් උපායමාර්ගික ක්රියාමාර්ගයක් ලෙස හඳුන්වාදිය හැක. බොරැල්ල, නේවාසික, සෞඛ්‍ය, අධ්‍යාපනික සහ වාණිජ කලාපයන් යා කරන ප්‍රධාන නාගරික මධ්‍යස්තානයකි. මෙම ව්‍යාප්තිය බස්නාහිර පළාත තුළ ලංකාටයිල්ස් සන්නාමය තවදුරටත් ශක්තිමත් කරන අතර, ශීඝ්රයෙන් වෙනස් වන නාගරික සංවර්ධන භූ දර්ශනයන්ට අවශ්ය උසස් නිමාවෙන් යුතු ටයිල්, බාත්වෙයාර් සහ උපාංග පාරිභෝගික ජනතාවට ලබාගැනීමට ඇති හැකියාව වැඩි කරයි.

නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් ලංකාටයිල්ස් කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා පැවසුවේ:
“බොරැල්ල අපගේ 60 වන ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම, සුවිශේෂී නාගරික මධ්‍යස්ථානයක ජීවත්වන අපගේ වටිනා පාරිභෝගිකයින්ට උසස් ටයිල්, බාත්වෙයාර් සහ උපාංග සමීප කිරීමේ ගමනේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. නවීන වූ නාගරික ජීවිතය හා සංවර්ධන කලාපයක් ලෙස අඛණ්ඩව පරිණාමය වන බොරැල්ල නගරයට අපගේ නිෂ්පාදන තවදුරටත් සමීප කිරීමට ලැබීම අප ලද සුවිශේෂී අවස්ථාවකි.”

උත්සවය අමතමින් වරලත් ගෘහ නිර්මාණ ශිල්පී රසල් දන්දෙණිය මහතා මෙසේ පැවසීය:
“මා අද මෙහිදී විශිෂ්ට පරිවර්තනයක් දකිනවා – මෙම අලංකාර නව ප්‍රදර්ශනාගාරය සහ සංකල්ප දඹ්‍යස්ථානයේ ගුණාත්මකභාවය, සේවාව සහ පාරිභෝගික සම්බන්ධතාවයේ පැහැදිලි සුවිශේෂීත්වයක් මම දකිනවා. මෙම ප්රදර්ශනාගාරය කොළඹ වර්ධනය වන නිර්මාණ භූ දර්ශනයට අගය එකතු කරන ස්ථානයක් ලෙස හඳුන්වාදිය හැක.” 60 වන ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමඟ, ලංකාටයිල්ස් නාගරික
අවකාශයන්හි සොඳුරු නවාතැන් හැඩ කරන්නට අඛණ්ඩව බැඳී සිටී.

විදුලිබල ක්ෂේත්රයට සවියක් වෙමින් මෙරට...
Sri Lanka’s Largest Battery Energy...
Capital Trust Properties renews strategic...
ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමට පෙර LPL...
தேசிய மின் கட்டமைப்பை வலுப்படுத்தவும், புதுப்பிக்கத்தக்க...
ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ...
HNB Finance වෙතින් 2025/26 මූල්‍ය...
Samsung අඛණ්ඩව වසර 7ක් පුරා...
ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ...
HNB Finance වෙතින් 2025/26 මූල්‍ය...
Samsung අඛණ්ඩව වසර 7ක් පුරා...
කොකා-කෝලා, ශ්‍රී ලංකා සමාගම වසර...