ඇමරිකානු ආයෝජිකා Sandhya Ajjarapu, Kandy Royals කණ්ඩායමේ හිමි කර ගනියි

Share

Share

Share

Share

Kandy Royals කණ්ඩායමේ අයිතිය නව හිමිකරුවකු සතු වන බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව සෞඛ්ය, තිාක්ෂණ, විද්යා, ක්රීඩා සහ මාධ්ය ඇතුළු ක්ෂේත්ර රැසක ව්යාපාර හිමිකාරිත්වයක් දරන ඇමරිකාවේ ආයෝජිකාවක් සහ ව්යවසායිකාවක වන Sandhya Ajjarapu මහත්මිය එම කණ්ඩායමේ නව හිමිකාරිණිය ලෙස කටයුතු කරනු ඇත.

6 වන LPL තරඟාවලිය සඳහා සූදානම් වන Kandy Royals කණ්ඩායමට මෙම නව හිමිකාරිත්වය ඉතා වැදගත් සංධිස්ථානයක් වනු ඇත. Sandhya Ajjarapu මහත්මිය විසින් ඇය සතු දිගුකාලීන ආයෝජන, ව්යාපාරික නායකත්වය සහ ජාත්යන්තර වෙළෙඳපොළ අත්දැකීම් කණ්ඩායමට රැගෙන ඒමටත් ඒ තුලින් ක්රීඩාව හරහා මෙරට ජනතාවට සේවය කිරීමටත් අරමුණු කොටගෙන ඇත.

දැනට ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ පදිංචි Ajjarapu මහත්මිය, ප්රසිද්ධ සහ පෞද්ගලික සමාගම්වල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් වසර 10 කට වැඩි අත්දැකීම් සහිත ආයෝජිකාවක් ලෙසද හඳුන්වා දිය හැකිය. ඇමරිකානු කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගම්වල කොටස් හිමිකාරිත්වය දරන ඇය ෆ්ලොරිඩාවේ පෞද්ගලික සමාගම් කිහිපයක අධ්යක්ෂවරියක ලෙසද කටයුතු කරයි. මීට අමතරව, ඇය ඇමරිකාවේ සහ ඉන්දියාවේ සෞඛ්ය හා අධ්යාපනික පුණ්ය කටයුතු සඳහා ද මූල්යමය වශයෙන් උපකාර කරයි.

LPL තරඟාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා Kandy Royals කණ්ඩායමේ නව හිමි කාරීත්වය පිළිගන්මින් “කණ්ඩායමේ නව හිමිකාරිණිය ලෙස එක් වුණු Sandhya Ajjarapu මහත්මිය ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නවා. මහනුවර ඉහළ ක්රිකට් ප්රේක්ෂක ආකර්ෂණයක් සහිත සුවිශේෂී කලාපයක් ලෙස පේනාව දිය හැකියි. මේ ආකාරයේ ජාත්යන්තර ආයෝජකයින් මෙම තරඟාවලිය කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මේ තුලින් LPL තරඟාවලිය ලෝකයම පිළිගත්, ශක්තිමත් සහ සාර්ථක විස්සයි-20 තරඟාවලියක් බවට පත් කිරීමට කරන උත්සාහයට විශාල ශක්තියක් ලැබෙනවා ” යනුවෙන් පැවසීය.

IPG Global හි නිර්මාතෘ සහ සභාපති අනිල් මෝහන් මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ප්රේක්ෂක සහ වාණිජමය වශයෙන් වටිනාකමක් ඇති LPL තරඟාවලිය වෙත ආයෝජකයින් ආකර්ෂණය වෙමින් පවතින බවයි. Sandhya Ajjarapu මහත්මිය සතු ඉහළ ආයෝජන පළපුරුද්ද සහ දිගුකාලීන දැක්ම, Kandy Royals කණ්ඩායමේ මෙන්ම සමස්ත LPL තරඟාවලියේම ඉදිරි සංවර්ධනයට බෙහෙවින් උපකාරී වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Kandy Royals හිමිකාරිනී Sandhya Ajjarapu මහත්මිය මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ “ මෙම කණ්ඩායම ක්රිකට් ක්රීඩාව වෙනුවෙන් ආයෝජනය කිරීමට සහ ප්රජාවට සේවය කිරීමට ලැබුණු හොඳ අවස්ථාවක් බව මම සිතනවා. රසිකයින් සමඟ සමීපව කටයුතු කරන, වෘත්තීය මට්ටමින් කළමනාකරණය වන දක්ෂ කණ්ඩායමක් නිර්මාණය කිරීම මගේ අරමුණ වී තිබෙනවා. එමෙන්ම ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවට සහයෝගය දීමට සහ LPL තරඟාවලියේ වර්ධනයට මගේ දායකත්වය ලබා දීමට මම බලාපොරොත්තු වනවා. යනුවෙනි.

Hellmann மற்றும் MAS ஹோல்டிங்ஸ் இலங்கையில்...
ඇමරිකානු ආයෝජිකා Sandhya Ajjarapu, Kandy...
Hellmann සහ MAS සමූහය එක්ව...
10 වන Huawei ICT තරඟයේ...
GWM வாகன அணுகலை விரிவுபடுத்தும் வகையில்,...
Prime Group strengthens commitment to...
Hellmann and MAS Holdings launch...
Prime Melwa Formally Commences Asia’s...
Prime Group strengthens commitment to...
Hellmann and MAS Holdings launch...
Prime Melwa Formally Commences Asia’s...
Samsung Retains Global No. 1...