ප්‍රයිම් මෙල්වා විසින් Port-City Marina-Front හි පිහිටි Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි.

Share

Share

Share

Share

කලාපයේ සුවිශේෂීම marina and waterfront residential ආකර්ෂණයන්ගෙන් එකක් වන ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්.) සමාගම, කොළඹ වරාය නගරයේ පිහිටා තිබෙන තම ගෝලීය මට්ටමේ ව්‍යාපෘතිය වන, Prime Marina නිල වශයෙන් ආරම්භ කර තිබේ. ආසියාවේ තිබෙන Global Marina Front Masterpiece එකක් ලෙසට හඳුන්වා දී තිබෙන මෙම ව්‍යාපෘතිය මගින් දකුණු ආසියාවේ සුඛෝපභෝගී marina and waterfront residential ජීවන රටාවක් ඉස්මතු කෙරෙනු ඇත.

එසේම, මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව, ගෝලීය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන ස්ථානයකට ඔසවා තැබිමට ද හැකි වනු ඇත.

අපගේ දැක්ම නොබියව යතාර්ථයක් බවට පත් කරමින්, මෙම ගෝලීය මට්ටමේ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කළ බව මෙසේ දැනුම්දීමට ලැබීම, ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්.) සමාගම ලෙසට අප ලද ඉමහත් ගෞරවයක් ලෙසින් අපි සලකමු. කොළඹ වරාය නගරයේ වැදගත්ම සංවර්ධන ව්‍යාපෘතියක් වන මේ හරහා, සම කළ නොහැකි marina and waterfront residential ජීවන අත්දැකීමක් ලබාගැනීමේ දුර්ලභ අවස්ථාව උදා වනු ඇත.

ගෝලීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ව්‍යාපෘතියක වටිනාකම සැමවිටම කරුණු කිහිපයකින් අර්ථ දැක්වී තිබේ. ඒවා නම්, පිහිටා තිබෙන තැන කුමක්ද, ව්‍යපෘති ගෘහ නිර්මාණ සැලසුම කුමක්ද සහ සංවර්ධකයා කවුරුන්ද යන්නයි.

ඉන්දියන් සාගරය සහ කොළඹ මරීනාව පසුතල කරගනිමින් ඉදිවන මෙම ව්‍යාපෘතිය මගින්, ආයෝජකයින්ට, සහතික කළ ඉහළ වටිනාකමක් සහිත දේපළක් මෙන්ම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිර්මාණය කරන ලද අසමසම ජීවන අත්දැකීමක්ද ලැබෙනු ඇත. දකුණු ආසියාවේ ඉහළම අපේක්ෂාවන් තුළ පවතින, ජාත්‍යන්තරව පිළිගත් අනාගත නගරය වන කොළඹ “Port City” වරාය නගරය තුළ Prime Marina ව්‍යාපෘතිය පිහිටා තිබීමම, එය සැබවින්ම ගෝලීය මට්ටමේ සංවර්ධනයක් බව කීමට සාක්ෂියක් වනු ඇත.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය, විශිෂ්ට නිර්මාණයක් බවට පත් කර තිබෙන්නේ මෙහි ගෘහ නිර්මාණ සැලසුම විසිනි. ජාත්‍යන්තරව පිළිගත්, කීර්තිමත් ගෘහ නිර්මාණ සමාගමක් වන P&T Singapore විසින් ලබාදෙන නිර්මාණ දායකත්වය සමඟින් ඉදිවන Prime Marina ව්‍යාපෘතිය, කලාපය තුළ පෙර නොවූ විරූ නවීන marina and waterfront residential ජීවන අත්දැකීමක් හඳුන්වා දෙනු ඇත. මෙම ව්‍යාපෘතියේ සෑම සියළු අංගයක්ම, ගෘහ නිර්මාණකරණයේ විශිෂ්ටත්වය සහ සුඛෝපභෝගීත්වය පෙන්නුම් කරමින්, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කර තිබේ.

ව්‍යාපෘතියක සංවර්ධකයා විසින් එම ව්‍යාපෘතියේ ශක්තියත්, විශ්වසනීයත්වයත්, එහි උරුමයත් නියෝජනය කර සිටී. මෙම ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම සඳහා, වසර 30 කටත් අධික කාලයක් පුරා විශිෂ්ට නාමයකට උරුම කම් කියන, ශ්‍රී ලංකාවේ නවීන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහය විසින්, ශ්‍රී ලංකාවේ ශක්තියෙන් සහ විශ්වාසයෙන් අනූන සමූහ ව්‍යාපාරයක් වන මෙල්වා සමඟ එක්ව සිටී.

මෙම ව්‍යාපෘතිය මගින් පිළිබිඹු වන ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනි සඳමිණි පෙරේරා මෙසේ පැවසුවාය. “ගෝලීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ, යම් ව්‍යාපෘතියක් පිහිටන ස්ථානය සැමවිටම වැදගත්ම සාධකයක් වනවා. කොළඹ වරාය නගරය යනු දකුණු ආසියාවේ වඩාත්ම අපේක්ෂාවන් තබා තිබෙන ස්ථානයක් යැයි කීම නිවැරදියි. ඒ අනුව මෙම මරීනා කලාපය, ඒ කොළඹ වරාය නගරයේ වඩාත්ම ඉහළ ඉල්ලුමක් සහිත ස්ථානයක් බව කිව හැකියි. කොළඹ වෙරළ තීරය සහ ඉන්දියන් සාගරය පසුබිම් කර ගනිමින් පිහිටන එකම marina and waterfront residential ව්‍යාපෘතිය වන මෙය, ඔබට සැබවින්ම සුවිශේෂී ජීවන රටාවක් සහ ආයෝජන අවස්ථාවක් අත්පත් කර දෙනු නිසැකයි.”

නිල වශයෙන් ආරම්භ කර තිබෙන මෙම Prime Marina ව්‍යාපෘතියෙන් ඔබේ Apartment එකද වෙන් කරවා ගැනීමට දැන් අවස්ථාව සැලසී තිබේ. ඒ අනුව, දකුණු ආසියාවේ ඉහළම වටිනාකමක් සහිත නිවාසයක් සඳහා ආයෝජනය කිරීම සඳහා, ප්‍රයිම් මෙල්වා විසින් ආයෝජකයින්ට ආරාධනා කර සිටී.ශ්‍රී ලංකාවේ දිනෙන් දින දියුණු වෙමින් පවතින දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය කෙරෙහි ආයෝජකයින් තබා තිබෙන අචල විශ්වාසය මෙම ව්‍යාපෘතිය මගින් පෙන්නුම් කරන අතරම, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම ලෝකය හා යා කිරීමේ ප්‍රයිම් සමූහයේ දැක්මද එයින් ඉස්මතු කෙරෙනු ඇත.

FitsAir commences only direct air...
From Colombo to Melbourne: Enfection’s...
මෙරට සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ හෙට...
මෙරට ටෙනිස් ක්‍රීඩාවේ අනාගතය වෙනස්...
Prime Lands commences construction of...
නවතම Abans ප්‍රදර්ශනාගාරය විවෘත කරමින්...
ITC Ratnadipa Presents “Changes &...
Scalable capture: Sri Lanka’s Marine...
නවතම Abans ප්‍රදර්ශනාගාරය විවෘත කරමින්...
ITC Ratnadipa Presents “Changes &...
Scalable capture: Sri Lanka’s Marine...
ප්‍රයිම් මෙල්වා විසින් Port-City Marina-Front...