Optimum Health Care මහනුවර කණ්ඩායම වෙනුවෙන් ආයෝජනය කරයි

Share

Share

Share

Share

ලංකා ප්‍රීමියර් ලීග් හි 6 වන අදියර තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ කලාපය පුරා ප්‍රමුඛ පෙළේ සෞඛ්‍යය ව්‍යාපාරයන්ට හිමිකම් කියන සෞඛ්‍යය ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කළ ආයෝජන සමාගමක් වන Optimum Health Care (Pvt) Ltd ආයතනය Kandy Royals කණ්ඩායමේ 50% ක කොටසක් මිලදී ගෙන ඇති බව එම කණ්ඩායම අද නිල වශයෙන් දැනුම් දෙන ලදී.

Kandy Royals සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය, මහනුවර සහ පල්ලෙකැලේ ප්‍රදේශයන්හි මෙහෙයුම් ක්‍රියාත්මක කරන Optimum Health Care ආයතනයට ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනාගත් ක්රීඩාවක් සමඟ සම්බන්ධ වීමට ලැබුණු කදිම අවස්ථාවකි. මහනුවර සහ මධ්යම පළාතේ අභිමානය නියෝජනය කරන Kandy Royals කණ්ඩායම සතු අනන්‍යතාවය උරුමය, පක්ෂපාතීත්වය, කැපවීම සහ ඉහළ දක්ෂතාවන් මත පදනම් වී ඇත. මෙම සහයෝගීතාවය හරහා සෞඛ්‍යය, ක්‍රීඩාව සහ ජනතාව එකට එකතු කිරීමට Optimum Health Care බලාපොරොත්තු වේ. එහිදී නිරෝගී ජීවන රටාවකට ක්‍රීඩාවේ ඇති වැදගත්කම ප්‍රවර්ධනය කරන අතරම, LPL තරඟාවලිය වඩාත් තරඟකාරී සහ වාණිජමය වශයෙන් වටිනා T20 වේදිකාවක් ලෙස ඉදිරියට ගෙන යාමටද ඔවුන් දායක වනු ඇත.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් Optimum Health Care ආයතනයේ අධ්‍යක්ෂ වී. නඩරාජා මහතා “අපගේ ව්‍යාපාරික ගමන තුළ මහනුවර සහ පල්ලෙකැලේ ප්‍රදේශවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ නිසා Kandy Royals කණ්ඩායම සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය අපට ඉතාමත් වැදගත් වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මුළු ශ්‍රී ලංකාවම එකට එකතු කරන ක්‍රීඩාවක්. මෙම කණ්ඩායම හරහා මහනුවර සහ මධ්‍යම පළාතේ ක්‍රීඩාවේ ජීවගුණය ඉහළ නැංවීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙවැනි ශක්තිමත් ප්‍රාදේශීය අනන්‍යතාවයක්, රසික පිරිසක් සහ වඩා හොඳ අනාගතයක් සහිත කණ්ඩායමක කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වෙනවා.” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ Optimum Health Care ආයතනයේ අධ්යක්ෂ අක්ෂත් ෂා මහතා සඳහන් කර සිටියේ “Kandy Royals කණ්ඩායම සමඟ අත්වැල් බැඳගනිමින් LPL තරඟාවලියේ කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත්වෙනවා. LPL තරඟාවලිය මේ වන විට ශ්‍රී ලංකාවේ ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ක්‍රීඩා වේදිකාවක් බවට පත්වී ඇති අතර, එයට විශාල රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසක්, ඩිජිටල් මාධ්‍ය ක්‍රියාකාරීත්වයක්, රසික සහභාගීත්වයක් මෙන්ම පුළුල් මාධ්‍ය ප්‍රචාරණයක්ද හිමිවෙනවා. සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ආයෝජන සමාගමක් ලෙස, නිරෝගීභාවය, යහපැවැත්ම සහ පවුල් හෝ ප්රජාවන් අතර යහපත් සබඳතා ගොඩනැඟීම සඳහා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් බව අප තරයේ විශ්වාස කරනවා.” යනුවෙනි.

Hope Is Just a Scroll...
Hope Is Just a Scroll...
Samsung Sri Lanka 2026 අලෙවි...
වාහන සඳහා මූල්‍ය පහසුකම් සැලසීමට...
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
விற்பனை மற்றும் பங்களிப்பில் சிறந்து விளங்கிய...