මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රමුඛයා වන Prime Residencies සමාගම ‘The Prime Colombo’ ව්‍යාපෘතියේ පූර්ව-දියත් කිරීම (Pre-launch) පසුගියදා නිවේදනය කළේය. කොළඹ 09 බේස්ලයින් පාරට මුහුණලා මෙම සුවිශේෂී නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරේ. ‘Smarter way to own Colombo’ යන සංකල්පය මූලික කරගෙන ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතිය, ස්ථානය, ගෘහ නිර්මාණාත්මක සැලසුම සහ දීර්ඝකාලීන වටිනාකම යන සියලු තීරණාත්මක සාධක එකම ව්‍යාපෘතියක් තුළ සුසංයෝග කරන සහ නූතන නිවාස හිමිකාරීත්වය සහ දේපළ ආයෝජනය නව මානයක් වෙත රැගෙන යන සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකි වේ.
කොළඹ නගරයේ වාණිජමය අතින් මෙන්ම පහසුකම් අතින් බෙහෙවින් වැදගත් වන කොළඹ 07 සහ කොළඹ 08 ප්‍රදේශවලට සමීපව මෙම නව ව්‍යාපෘතිය ඉදි වේ. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ඉදි වන ස්ථානයේ සිට ඉක්මනින් හා පහසුවෙන් ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය සහ සහිරා විද්‍යාලය වැනි රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වෙත ඉක්මනින් ළඟා විය හැක. ව්‍යාපාරික කේන්ද්‍ර සහ ප්‍රධාන මාර්ගවලට ආසන්නව පිහිටා තිබීමට අමතරව, කොළඹ මහ රෝහල, රිජ්වේ ආර්යා රෝහල, ජාතික දන්ත වෛද්‍ය රෝහල සහ ආසිරි සෙන්ට්‍රල් රෝහල වැනි රෝහල්, නවීන සාප්පු සංකීර්ණ සහ නූතන නාගරික ජීවන රටාවන්ට අත්‍යවශ්‍ය වන තවත් පහසුකම් රාශියක් මීට ආසන්නව පිහිටා තිබේ. මේ නිසා ‘The Prime Colombo’ හි පදිංචිකරුවන්ට තම ජීවන රටාව අර්ථවත් කරන දේවල් වෙනුවෙන් වැඩි කාලයක් කැපකිරීමට හැකි වනු ඇත.
නවීනතම ගෘහ නිර්මාණ ශිල්පීය සැලසුම්වලට අනුව මහල් තිස් නවයකින් යුක්තව ඉදි වන ‘The Prime Colombo’ ව්‍යාපෘතිය, නාගරික පදිංචිකරුවන්ගේ ජීවන අවශ්‍යතා සපුරාලන සියලු පහසුකම් සමඟින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන සුඛෝපභෝගී ජීවන අවකාශයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙහි මූලික සැලසුම, ගොඩනැගිලි ව්‍යුහය, ඉඩකඩ, පොදු අවකාශයන් සහ වාහන නැවැත්වීමේ පහසුකම් ඇතුළු සියල්ල සැලසුම් කර ඇත්තේ, සෑම ව්‍යාපෘතියක්ම එහි ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය නිරවද්‍ය ලෙස සහ උසස්ම ප්‍රමිතියෙන් යුතුව ක්‍රියාවට නැංවීම සඳහා Prime Lands Residencies PLC දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කරමිනි.
The Prime Colombo ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ වැඩිම උසකින් පිහිටි බාහිර ව්‍යායාම මධ්‍යස්ථානය (Outdoor gym) සහ pickleball ක්‍රීඩා පරිශ්‍රය ඇතුළත් වී තිබේ. මේ නිසා මහල් තිස් නවයක් ඉහළට හාත්පස මනරම්ව දිස්වන නගරයේ සුන්දරත්වය සිත් සේ අත්විඳිමින් ව්‍යායාම්වල යෙදීමටත් pickleball ක්‍රීඩාවෙන් විනෝද වීමටත් නිවැසියන්ට අවස්ථාව ලැබෙනු ඇත.
නිදන කාමර දෙක සහ තුන බැගින් වන සුඛෝපභෝගී නිවාස ඇතුළත් මෙම ව්‍යාපෘතියේ නිවසක් රු. මිලියන 45 සිට ඉහළට මිලදීගත හැකි වේ. පූර්ව දියත් කිරීම් අවධිය තුළදී මෙම නිවාස පොලී රහිත වසර 4 ක පහසු ගෙවීමේ ක්‍රමයක් යටතේ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ඇත. ව්‍යාපෘතියේ ඉදිකිරීම් වසර 4 ක් තුළ, එනම් 2030 වසර වන විට අවසන් කිරීමට නියමිතය.
ආයෝජකයන්ට මෙහිදී මෙම ප්‍රදේශයේ දේපළ කුලී පදනම මත ලබාගැනීම සඳහා පවතින ඉහළ ඉල්ලුම, දේපළ වටිනාකම වේගයෙන් ඉහළ යාමේ හැකියාව සහ මුළු වටිනාකමෙන් 6% ක් දක්වා කුලී ආදායමක් ලැබීමේ හැකියාව ඇතුළු සාධක වැදගත් වනු ඇත. එමෙන්ම සියලු පහසුකම් සහිත ප්‍රදේශයක පිහිටා තිබීම සහ කොළඹ 09 ප්‍රදේශයට ආසන්න වීමද මෙහිදී තීරණාත්මක සාධක බවට පත් වේ.
The Prime Colombo ව්‍යාපෘතියේ දැක්ම වන්නේ එහි සැලසුම සහ ස්ථානීය වැදගත්කම තරමට ප්‍රමුඛත්වයක් නිවැසියන්ට සහ ඔවුන්ගේ ජීවන රටාවන්ටද ලබාදීමය. මේ වන විට නිවාස හිමියන්ට මෙන්ම ආයෝජකයන්ටද ගැළපෙන පහසු ගෙවීමේ ක්‍රම මෙම නිවාස වෙනුවෙන් හඳුන්වා දී තිබේ. මෙය කොළඹ නගරයේ ඉහළ ඉල්ලුමක් ඇති ස්ථානයක, සියලු පහසුකම්වලින් සමන්විත දේපළකට හිමිකම් කීම සඳහා ගැනුම්කරුවන්ට ලැබෙන මහඟු අවස්ථාවක් වනු නිසැකය.
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ වසර 30 කට අධික පළපුරුද්දක් හිමි Prime සමූහය මේ වන විට සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘති 70 කට අධික සංඛ්‍යාවක් සහ ඉඩම් සංවර්ධන ව්‍යාපෘති 10,000 කට අධික සංඛ්‍යාවක් රට පුරා ක්‍රියාත්මක කර තිබේ. එමෙන්ම පසුගිය වසර කිහිපය පුරා අඛණ්ඩව Real-Estate Asia සම්මාන උළෙලේදී ‘Developer of the Year – Sri Lanka’ සම්මානය දිනාගැනීමටද එම සමූහය සමත් විය. නිවාස ගැනුම්කරුවන්ගේ අපේක්ෂාවන් නිවැරදිව අවබෝධ කරගෙන, එම අපේක්ෂාවන් සපුරාලන දේපළ සමාගමක් ලෙස කීර්තියක් දිනාගැනීමට Prime සමූහය සමත් වී තිබේ.


