JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම විසින් පසුගියදා ‘Project Compass’ වැඩසටහන දියත් කිරීම සඳහා සිය ආයතනික කළමනාකාරීත්වය සහ කළමනාකරණ කණ්ඩායම සම්බන්ධ කරගනිමින් විශේෂ වැඩමුළුවක් පවත්වන ලදි. Project Compass යනු පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම, ආයතනික ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සහ විශිෂ්ට සේවා සංස්කෘතියක් ගොඩනැංවීම අරමුණු කරගත් සේවා පරිවර්තන වැඩසටහනකි. Blue Mango Partners සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම වැඩමුළුව, ඉදිරි මාස කිහිපය තුළ අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් මාලාවක සමාරම්භය සනිටුහන් කළේය. Project Compass මඟින් පාරිභෝගිකයන්ට ප්‍රමුඛත්වය ලබාදෙන ආයතනික ප්‍රවේශයක් ස්ථාපිත කරමින්, සමස්ත සමාගම අර්ථවත් පරිවර්තනයකට ලක් කිරීමට ජනශක්ති ෆිනෑන්ස් සමාගම බලාපොරොත්තු වෙයි.




