Samsung Sri Lanka හි විශිෂ්ටතම අලෙවි නියෝජිතයින් ඇගයීමේ 2026 අලෙවි නියෝජිත සමුළුව

Share

Share

Share

Share

දිවයින පුරා විසිරුණු අලෙවි හවුල්කරුවන් ඇගයීම වෙනුවෙන් Samsung Sri Lanka සංවිධානය කරන 2026 අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පැවැත්විණි. අලෙවි නියෝජිතයින්, ව්‍යාපාරික හවුල්කරුවන් හා සැම්සුන් කාර්ය මණ්ඩලය ඇතුළු 460කට අධික පිරිසක් සහභාගී වූ මෙම සුවිශේෂී අවස්ථාවේදී ශ්‍රී ලංකාව පුරා Samsung හි විශිෂ්ටත්වය ශක්තිමත් කිරීම සඳහා ඇප කැප වී කටයුතු කළ අලෙවි නියෝජිතයින් ඇගයීමට Samsung Sri Lanka කටයුතු කළේය.

2025 වසර තුල Samsung සන්නාමය පාරිභෝගිකයා වෙත ගෙන යාම සඳහා සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළ අලෙවිකරුවන් හා අලෙවි නියෝජිතයින් ඇගයීම වෙනුවෙන් Samsung හි ඉහළ කළමනාකාරීත්වය, ව්‍යාපාරික හවුල්කරුවන් සහ ජාතික මට්ටමේ බෙදාහරින්නන් මේ සඳහා එක් විය. පාරිභෝගික අවශ්‍යතා මනාව තේරුම් ගනිමින් ඔවුන්ගේ අවශ්යතාවට ගැලපෙන Samsung නිෂ්පාදන ලබා දීමට කටයුතු කළ අලෙවිකරුවන් විවිධ අභියෝග හා දුෂ්කරතා හමුවේ වුව සිදු කරන අඛණ්ඩ කැපවීම වෙනුවෙන් කෘතඥතාව පළ කිරීමටද මේ තුලින් බලාපොරොත්තු වේ.

මෙම අලෙවි නියෝජිත සමුළුව පිළිබඳව අදහස් දක්වමින් Samsung Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා “දිවයින පුරා සැම්සුන් සන්නාමය පාරිභෝගිකයා අතරට ගෙන යන්නේ අපගේ අලෙවි හවුල්කරුවන්ය. පාරිභෝගිකයන් පිළිබඳව ඔවුන් සතු මනා අවබෝධය, වෙනස් වන වෙළෙඳපොළ තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමේ හැකියාව සහ විශ්වාසවන්ත සේවාවක් සැපයීමට ඔවුන් තුළ ඇති කැපවීම, රට පුරාම අපගේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී වනවා. මෙම සම්මාන උළෙල, ඔවුන් රට වෙනුවෙන් ඉටුකළ මෙහෙය නිල වශයෙන් ඇගයීමටත්, අපගේ සමස්ත සාර්ථකත්වයට මඟ පාදන මෙම ශක්තිමත් ව්‍යාපාරික සබඳතා සැමරීමටත් කදිම අවස්ථාවක් ලෙස මෙය සඳහන් කළ හැකියි.” යනුවෙන් පැවසුවේය.

සමස්ත රට තුළ හා කලාපීය මට්ටමින් ඉහළම දක්ෂතා දක්වනු ලැබූ අලෙවි නියෝජිතයින් 57 දෙනෙකු ඇගයීමට ලක් කරමින් අලෙවි ප්‍රජාව වෙනුවෙන් තමන්ගේ කැපවීම විසින් මෙහිදී ප්‍රදර්ශනය විය. දිවයිනේ ඉහළම විකුණුම් වාර්තා කරමින් ප්‍රමුඛස්ථානය දිනා ගත් අලෙවි නියෝජිතයින් ලෙස Buyzone Mobile (Pvt) Ltd (කොළඹ), The Smartphone Shop (Pvt) Ltd (කොළඹ), Celltronics Pvt Ltd (කොළඹ – මෙට්රෝ) සහ Thilakawardhana Cellular (ගම්පහ) හඳුන්වා දිය හැකිය.

මේ වන විට සැම්සුන් අලෙවි ජාලය හා සම්බන්ධ සියලු ආයතන මෙම විශේෂ සමුළුවට ඉමහත් උනන්දුවෙන් සහභාගී වී සිටීම කැපී පෙනිණි. එසේම මෙය සමස්ත අලෙවි ජාලයම මුහුණ දෙන මෙම වසරේ වඩාත්ම මතකයේ රැඳෙන අවස්ථාවක් වූ අතර මෙම ඇගයීමේ රාත්‍රිය සියලු දෙනාගේ ආකර්ෂණය හා අවධානය දිනා ගත් එකක් විය.

හුදෙක් සම්මාන රාත්‍රියකට පමණක් සීමා නොවූ මෙම සමුළුව ව්යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට, සාර්ථකත්වය සැමරීමට සහ අනාගත වර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට සියලුම හවුල්කරුවන් එකම වේදිකාවකට ගෙන එනු ලැබීය.

Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Sri Lanka to Host Leading...
ஆரம்பகால குழந்தைப் பருவ வளர்ச்சியை வலுப்படுத்தும்...
City of Dreams Celebrates One...
Huawei’s Advanced Antenna Technology Delivers...
Prime Group Brings Real Estate...
City of Dreams Celebrates One...
Huawei’s Advanced Antenna Technology Delivers...
Prime Group Brings Real Estate...
Atlas PlayPalz joins national ECD...