Quantum Fitness දශක 3ක් තිස්සේ ශ්රී ලාංකිකයින්ගේ ශාරීරික සුවතාවය සහ සෞඛ්යය නංවාලීමට දායක වෙයි

Share

Share

Share

Share

වසර තිහකට (30) ආසන්න කාලයක් තිස්සේ ශ්රී ලංකාවේ ශාරීරික සුවතා ක්ෂේත්රය තුළ සුවිසල් පරිවර්නයක් ඇති කිරීමට සමත්ව ඇති Quantum Fitness නිරෝගී හෙට දවසක් මෙරට ජනතාවට උරුම කර දීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටියි. ඒ වෙනුවෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීම, සෞඛ්යය නංවාලීම සහ පහසුවෙන් ලබාගත හැකි සුවතා පහසුකම් සැපයීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටද ඔවුන් කටයුතු කර ඇත. වසර 30කට ආසන්න කාලයක් පුරා තමන් ලද අත්දැකීම් තුලින් ජනතාවට වඩා හොඳ හෙට දවසක් උදා කරදීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.

Quantum Fitness 1998 වසරේදී Quantum Teleshopping ලෙස ආරම්භ වූ අතර ඒ වන විට නිවෙස් තුළ ව්යායාම කිරීම මෙන්ම රූපවාහිනිය හරහා භාණ්ඩ මිලදී ගැනීම ශ්රී ලංකාවට අලුත් අත්දැකීමක් විය. කාලයත් සමඟ දියුණු වූ Quantum Fitness නිවෙස්, ව්යායාම මධ්යස්ථාන (gym) සහ වෙනත් ආයතන සඳහා ශාරීරික සුවතා උපකරණ සපයන ප්රධානතම ආයතනය බවට පත්විය. එමෙන්ම ඔවුන් ජාත්යන්තරව පිළිගත් සුප්රසිද්ධ සුවතා සන්නාම සහ නව්ය තාක්ෂණයන් මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වා දීමට සමත් විය.

අද වන විට ශ්රී ලංකාව පුරා විසිරී ඇති Quantum Fitness ශාඛාවන් තුලින් පෙනී යන්නේ ශ්රී ලංකාව තුළ ඔවුන් අත්කරගෙන ඇති සාර්ථකත්වයයි. ආරම්භක කාලයේ සිටම තම ප්රදර්ශනාගාර සහ බෙදාහැරීමේ ජාලය පුළුල් කිරීමට කටයුතු කළ ඔවුන් එමඟින් ව්යායාම උපකරණ මෙන්ම අලෙවියෙන් පසු සේවාවන් ද රට පුරා සිටින පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරනු ලැබුවේ පාරිභෝගික විශ්වාසයද ඉහලින්ම දිනා ගනිමිනි. මහනුවර, ගාල්ල සහ ජා-ඇල වැනි නගර වෙත තම ව්යාපාරය ව්යාප්ත කිරීම මඟින් ඔවුන්ගේ ප්රමුඛ අරමුණ වූයේ කොළඹට පමණක් සීමා නොවී රට පුරා පාරිභෝගිකයින් වෙත ඉහළ මට්ටමේ සුවතා විසඳුම් ලබා දීමයි.

ව්යායාම උපකරණ අලෙවියෙන් පමණක් නොනැවතී සමස්ත ශ්රී ලංකාවේ ශාරීරික සුවතා ක්ෂේත්රය වෙත සිය දායකත්වය ලබා දීමට Quantum Fitness කටයුතු කර ඇත. ඒ අනුව Foundation of Goodness සමඟ එක්ව ග්රාමීය ක්රීඩක ක්රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සඳහා Power Plate ව්යායාම උපකරණ පරිත්යාග කිරීමට ඔවුන් කටයුතු කරන ලදී. විශේෂයෙන් ව්යාපාරික අරමුණුවලින් ඔබ්බට ගොස්, ග්රාමීය ජනතාවට ද ව්යායාම සහ ක්රීඩා අවස්ථා ලබාදීමට ඔවුන් තුළ ඇති උනන්දුව හා කැපවීම මේ තුලින් මනාව ප්රදර්ශනය වේ.

අද වන විට සෞඛ්යය සහ යහපැවැත්ම කෙරෙහි තවදුරටත් පුළුල් අවධානයක් යොමු කරමින් තම සේවාවන් තව දුරටත් ඉදිරියට ගෙන යාමට Quantum Fitness කටයුතු කර ඇත. ඒ අනුව ඔවුන් “Quantum Fitness පාරිභෝගික සහභාගීත්ව වැඩසටහන” (Quantum Fitness Customer Engagement Programme) හඳුන්වා දී ඇති ඔවුන් ඒ හරහා පාරිභෝගිකයන්ට නිවැරදි ව්යායාම ක්රම තෝරාගැනීමට, උපකරණ නිවැරදිව හා ආරක්ෂිතව භාවිතා කිරීමට මෙන්ම සෞඛ්ය සම්පන්න පුරුදු ඇති කරගැනීමට අවශ්ය මඟපෙන්වීම් සිදු කරයි.

ඔවුන් විසින් පිහිටුවා ඇති Quantum Fitness Health Academy මෙම සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වී ඇත්තේ සුදුසුකම් ලත් ප්රවීණයන් සම්බන්ධ කරගනිමින් අන්තර්ජාලය හරහා විශේෂ සම්මන්ත්රණ පවත්වමිනි. ඒ හරහා ශාරීරික ව්යායාම, නිවසේදීම සිදුකළ හැකි ව්යායාම ක්රම, නිවැරදි පෝෂණය, සුවදායක නින්ද සහ බෝ නොවන රෝගවලින් ආරක්ෂා වන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Quantum Fitness හි නිර්මාතෘ සහ සභාපති නොමාල් විජයරත්න මහතා “ගතවුණු වසර කිහිපය තුළ ශ්රී ලංකාවේ මිනිසුන් ශාරීරික සුවතාවය දෙස අවධානය යොමු කරන ආකාරය විශාල ලෙස වෙනස් වී තිබෙනවා. අපගේ ගමන හැමවිටම පාරිභෝගිකයාගේ අවශ්යතා සමඟ වෙනස් වුණා. අද වන විට මිනිසුන්ට අවශ්ය කරන්නේ ව්යායාම උපකරණ විතරක් නෙමෙයි. නීරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා ඔවුන්ට දැනුම, නිවැරදි මඟපෙන්වීම් සහ විසඳුම් ඔවුන්ට අවශ්ය වනවා. එම අවශ්යතාව සපුරාලීම සඳහා අපි කැපවී කටයුතු කරනවා.” යනුවෙන් පැවසීය.

වසර 30කට ආසන්න කාලයක් තිස්සේ තමන් ගොඩනැඟූ විශ්වාසය මත ශ්රී ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිතයට ගැලපෙන, නිවැරදි තොරතුරු සහිත, පහසුවෙන් ලබාගත හැකි සුවතා විසඳුම් සැපයීම කෙරෙහි Quantum Fitness වැඩි අවධානයක් යොමු කර සිටියි.

Quantum Fitness හි නිෂ්පාදන සහ ප්රදර්ශනාගාර පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා දිවයින පුරා පිහිටි ඔවුන්ගේ ප්රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් 0115964964 දුරකථන අංකය ඇමතීමට හෝ www.quantum.lk වෙබ් අඩවියට පිවිසීමට හැකිය.

JXG Partners with Mercantile Hockey...
Sampath Bank Partners GV Auto...
සමතකරණ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ශ්‍රී...
ஜனசக்தி பைனான்ஸ் 2026-27இன் முதல் காலாண்டில்...
Janashakthi Life පරම්පරාගත තිළිණයක් ලෙස...
Janashakthi Life concludes Shilpa Shakthi...
කොළඹ ඩොක්යාර්ඩ් සමාගම, එක්සත් රාජධානියේ...
வாடிக்கையாளர் நம்பிக்கையின் மைல்கல்: 1,000 விநியோகங்கள்...
Janashakthi Life concludes Shilpa Shakthi...
කොළඹ ඩොක්යාර්ඩ් සමාගම, එක්සත් රාජධානියේ...
வாடிக்கையாளர் நம்பிக்கையின் மைல்கல்: 1,000 விநியோகங்கள்...
Quantum Fitness දශක 3ක් තිස්සේ...