සමතකරණ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරික විශ්වාසය ඉහළ නැංවීමට පියවර ගනියි

Share

Share

Share

Share

සමතකරණය ඉහළ නැංවීම හරහා මෙරට ව්‍යාපාරික විශ්වාසය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියි. එහිදී අධිකරණයේ සාම්ප්‍රදායික නඩු විභාග කිරීමේ ක්‍රියාවලිය හා සසඳන විට වාණිජ ආරවුල් කඩිනමින් සමතකරණය තුළින් විසඳීම මගින් ආයෝජිතයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට මැදිහත් වීමටත් බලාපොරොත්තු වේ. මෙමඟින් දේශීය ව්‍යාපාරවලට මෙන්ම විදේශීය ආයෝජකයන්ටද තමන්ගේ වාණිජමය ගැටලු වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව විසඳා ගැනීමට සුදුසු පසුබිමක් නිර්මාණය වේ. එමෙන්ම එය රටේ සමස්ත ආර්ථික වර්ධනයට මෙන්ම ආයෝජනයන්ට වඩාත් සුදුසු පරිසරයක් බිහි කිරීමටද සුවිසල් දායකත්වයක් සපයනු ලබයි.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කරමින් පසුගියදා International Alternative Dispute Resolution Center, Sri Lanka (IADRC) විසින් කොළඹ වරාය නගර ප්‍රදර්ශනාගාරයේදී ප්‍රථම වරට සංවිධානය කරන ලද Corporate Mediation Pledge Ceremony හිදී සිදු විය. මෙහිදී ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන විසි පහක් තමන්ගේ ව්‍යාපාරික කටයුතුවලදී ඇතිවන වාණිජමය ආරවුලක් විසඳා ගැනීම සඳහා පළමු විකල්පය ලෙස සමතකරණය යොදා ගැනීමට කැපවන බවට එකඟ විය.

2026 අංක 13 දරන (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත යටතේ 2026 ජූනි 30 වනදා සිට මෙය නිල වශයෙන් ක්‍රියාත්මක වේ. මෙම නව නීති සම්පාදනය මෙරට ප්‍රතිපත්තිමය වශයෙන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර, එමඟින් සිවිල් සහ වාණිජ ආරවුල් විසඳීම සඳහා වන ප්‍රධානතම ක්‍රමවේදයක් ලෙස සමතකරණ ක්‍රියාවලිය පිළිගනු ඇත. මීට අමතරව, සමතකරණ ක්‍රියාවලිය පාලනය කරන ප්‍රමිතීන් සැකසීම, සමතකරුවන්ගේ සහ එම සේවාව සපයන ආයතනවල වගකීම් හඳුනාගැනීම මෙන්ම සමතකරණය හරහා එළඹෙන ගිවිසුම් නීත්‍යානුකූලව පිළිගැනීමට සහ ඒවා අධිකරණයක් මඟින් බලාත්මක කිරීමට අවශ්‍ය නිල රාමුවද මෙම පනත මඟින් සලසා දෙයි.

ව්‍යාපාරික ආයතන සඳහා මෙම නව නීතිමය රාමුව හඳුන්වා දීම හේතුවෙන් තමන්ගේ වාණිජමය ආරවුල් වඩාත් රහස්‍යභාවය සුරැකීමෙන්, සහයෝගීත්වයෙන් මෙන්ම සහ ප්‍රායෝගික අයුරින් විසඳා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් හිමි වේ. බොහෝ විට දීර්ඝ කාලයක් තිස්සේ ඇදී යන සාම්ප්‍රදායික අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව මෙම ක්‍රියාවලිය මඟින් දෙපාර්ශ්වයටම සෘජුවම සාකච්ඡා කිරීමටත්, අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුම් සෙවීමටත් අවස්ථාව උදා වේ.ගැටුම් හේතුවෙන් බිඳී යාමට ඉඩ ඇති වටිනා ව්‍යාපාරික සහ වාණිජ සබඳතා එලෙසම සුරක්ෂිත කර ගනිමින් ව්‍යාපාරයන්ට සහයෝගය ලබා දෙනු ඇත.

ගෝලීය ව්‍යාපාරික පරිසරය දිනෙන් දින එකිනෙකට සම්බන්ධ වන බැවින්, විශ්වාසවන්ත වාණිජ ආරවුල් විසඳීමේ ක්‍රමවේද පැවතීම, විදේශීය ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් රටක් සම්බන්ධයෙන් විශේෂයෙන් සලකා බලන්නකි. මෙරට දේශීය ව්‍යාපාරික විශ්වාසය ශක්තිමත් කිරීමටත් වඩා එහා යමින්, මෙම සමතකරණ පද්ධතිය හරහා ජාත්‍යන්තර වාණිජ ආරවුල් විසඳන විශ්වාසවන්ත ගමනාන්තයක් ලෙස ඉදිරියට පැමිණීමට මේ හරහා අප රටට විශාල අවස්ථාවක් උදාවේ. එමෙන්ම මෙහිදී දේශීය ව්‍යාපාරවලට පමණක් නොව රටවල් අතර සිදුවන ද්විපාර්ශ්වික වාණිජ කටයුතු සඳහාද පූර්ණ සහයෝගය දැක්වීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්ව සිටියි.

මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ, සමතකරණය මෙන්ම බේරුම්කරණ සේවාවන් සැපයීමේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන IADRC විසිනි. මේ සඳහා The Asia Foundation ආයතනයේ සහයෝගය හිමිව ඇති අතර, 1988 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ සමතකරණ ක්ෂේත්‍රයට අඛණ්ඩව සහයෝගය දක්වා ඇති එම ආයතනය, වාණිජමය සමතකරණයේ මෙම නව පියවරටද එම සහයෝගය අඛණ්ඩව ලබා දෙයි. IADRC ආයතනය විසින් මේ වන විටත් තමන්ටම ආවේණික වූ ආයතනික සමතකරණ රීති සකස් කර ඇති අතර ඒ සඳහා මනා ලෙස පුහුණුව ලැබූ සහ පිළිගත් සමතකරුවන්ගෙන් සමන්විත නිල මණ්ඩලයක්ද පවත්වාගෙන යනු ලබයි. මෙම ප්‍රතිඥාවට අත්සන් තැබූ සියලුම සමාගම් තමන්ගේ ආයතනික ආරවුල් විසඳීමේ මූලික පියවරක් ලෙස සමතකරණ ක්‍රියාවලිය සලකා බැලීමට නිල වශයෙන් කැපවී සිටියි.

වාණිජ හවුල්කරුවන් අතර ඇතිවන ආරවුල් කාර්යක්ෂමව කළමනාකරණය නොකළහොත් ව්‍යාපාරික කටයුතුවලට බාධා එල්ල විය හැකි අතර, දිගුකාලීන සබඳතාද අවදානමට ලක්විය හැක. මෙම කරුණ පිළිබඳ ව්‍යාපාර අතර වර්ධනය වෙමින් පවතින හඳුනාගැනීම Corporate Mediation Pledge තුළින් පිළිබිඹු වේ. මේ හරහා, සහභාගී වන සමාගම් තම ආයතනික ආරවුල් විසඳුම් ප්‍රතිපත්තියේ කොටසක් ලෙස සමතකරණය සලකා බැලීමට කැපවී ඇති අතර, ඵලදායී ආරවුල් කළමනාකරණය වගකිවයුතු ආයතනික පාලනයට මෙන්ම තිරසාර ව්‍යාපාරික ප්‍රතිඵලවලටද දායක වන බව හඳුනාගෙන ඇත.

වාණිජ ආරවුල් විසඳීමේ ප්‍රමුඛතම ක්‍රමවේදයක් ලෙස සමතකරණ ක්‍රියාවලිය ලොව පුරා සීඝ්‍රයෙන් වර්ධනය වන ජාත්‍යන්තර ප්‍රවණතාවය සමඟ මනාව සැසඳේ. සාම්ප්‍රදායික දිගුකාලීන නඩුකරයන් නිසා සිදුවන විශාල මූල්‍ය පිරිවැය සහ කාලය ප්‍රමුඛව ඉතිරි කරගන්නා අතරම, නම්‍යශීලී, රහස්‍ය මෙන්ම ව්‍යාපාරික සබඳතා ආරක්ෂා කරන විසඳුම් ලබාදීමට ඇති සුවිශේෂී හැකියාව හේතුවෙන්, ලොව පුරා සිටින ජාත්‍යන්තර ව්‍යාපාර සහ ප්‍රමුඛ ආයතන මේ වන විට සමතකරණ ක්‍රමවේදය ඉතා ඉහළින් වැළඳ ගනිමින් සිටිති.

Huawei Named Sole Leader in...
JXG Partners with Mercantile Hockey...
Sampath Bank Partners GV Auto...
සමතකරණ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ශ්‍රී...
ஜனசக்தி பைனான்ஸ் 2026-27இன் முதல் காலாண்டில்...
Janashakthi Life පරම්පරාගත තිළිණයක් ලෙස...
Janashakthi Life concludes Shilpa Shakthi...
කොළඹ ඩොක්යාර්ඩ් සමාගම, එක්සත් රාජධානියේ...
Janashakthi Life පරම්පරාගත තිළිණයක් ලෙස...
Janashakthi Life concludes Shilpa Shakthi...
කොළඹ ඩොක්යාර්ඩ් සමාගම, එක්සත් රාජධානියේ...
வாடிக்கையாளர் நம்பிக்கையின் மைல்கல்: 1,000 விநியோகங்கள்...