ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් කරන ලද 2026 ‘ශ්‍රී ලංකා 100’ නවතම වාර්තාවට අනුව මෙරට වටිනාම සන්නාම අතරට යළිත් වරක් ශ්‍රේණිගත කර ඇත. ඒ අනුව, HNB සන්නාමයේ වත්මන් වටිනාකම රුපියල් බිලියන 25.4ක් ලෙස සටහන් වේ.
HNB ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 10 අතරට ඇතුළත් වී ඇති අතර, එම ප්‍රමුඛ සන්නාම 10 අතරින් හයක්ම බැංකු වීම විශේෂත්වයකි. මෙවර සමස්ත වර්ගීකරණයේ මුළු වටිනාකමෙන් සියයට 42ක් හිමිකරගෙන ඇත්තේ බැංකු ක්ෂේත්‍රයයි. පසුගිය වසරට සාපේක්ෂව 14%ක කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කරමින් එහි වටිනාකම රු. බිලියන 275ක් දක්වා ඉහළ ගොස් ඇත. මින් ආයතනයක මූල්‍ය ක්‍රියාකාරිත්වය සන්නාමයක වටිනාකම ඉහළ නැංවීම කෙරෙහි දැඩිව බලපාන බව මනාව පැහැදිලි වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලේවත්ත මහතා පැවසුවේ “සන්නාමයක් යනු යම් ආයතනයක් කෙරෙහි වෙළඳපොළ සහ පාරිභෝගිකයින් දක්වන ඇගයීම මෙන්ම විශ්වාසය නිරූපණය කරන සංකේතයක්. අපගේ සන්නාම වටිනාකමෙන් පිළිබිඹු වන්නේ බැංකුවේ සේවා මෙන්ම අපගේ සේවක මණ්ඩලය කෙරෙහි පාරිභෝගිකයින් සහ වෙළඳපොළ තබා ඇති විශ්වාසය හා පැහැදීමයි. ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම අතරට එක්වීමට ලැබීම, පාරිභෝගිකයා මුල් කරගත් බැංකු සේවාවක් සැපයීමට අප සතු කැපවීම නැවත වරක් තහවුරු කිරීමක්. එමෙන්ම රටේ ආර්ථිකය ගොඩනැඟීමට දායක වෙමින්, තවත් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට තම සිහින සැබෑ කරගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සේවාවන් සැපයීමට අප ඉදිරියටත් කැපවිය යුතු බව මෙයින් පෙන්නුම් කරනවා.” යනුවෙනි.
බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනය ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව සන්නාමයන් ඇගයීමට ලක් කරයි. සන්නාමයක වටිනාකම තීරණය කිරීමේදී, අලෙවිකරණ ක්ෂේත්‍රයේ කෙරෙන ආයෝජන, පාර්ශවකරුවන් සතු විශ්වාසය සහ ව්‍යාපාරයේ සාර්ථකත්වය යන සියලු කරුණු ඇගයීමට ලක් කරනු ලබයි. ‘ශ්‍රී ලංකා 100’ නවතම වාර්තාව ප්‍රකාශයට පත් කෙරුණු 22 වැනි අවස්ථාව මෙය වීම ද සුවිශේෂී කරුණකි.
Fitch Ratings Lanka වෙතින් AA- (lka) ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති HNB ලංකා වාණිජ මණ්ඩලය විසින් 2025 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියා ලෙස ද තෝරා ගන්නා ලදී. HNB හි විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින්, එක්සත් රාජධානියේ The Banker සඟරාව මඟින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට හිමි කීර්තිමත් Bracken සම්මානයෙන් පිදුම් ලැබීය. මීට අමතරව The Asian Banker විසින් HNB ‘ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙසත්, 16 වැනි වරටත් මෙරට ‘හොඳම පාරිභෝගික බැංකුව‘ ලෙසත් සම්මාන ලැබීය. තවද Euromoney Awards for Excellence 2025 උළෙලේදී ‘මහා පරිමාණ ව්‍යාපාර සඳහා වන හොඳම බැංකුව‘ ලෙස ඇගයීමට ලක් වූ HNB, එක්සත් රාජධානියේ The Banker සඟරාවට අනුව ලොව ‘ප්‍රමුඛතම බැංකු 1000‘ අතරට ද එක්ව සිටී.




