‘Exporters’ Forum 2026’ හරහා ශ්‍රී ලංකාවේ අපනයන අරමුණු ඉදිරියට ගෙන යාමට HNB එක්වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ඉලක්ක ජය ගැනීම සඳහා වන සිය කැපවීම හැටන් නැෂනල් බැංකුව යළිත් තහවුරු කර ඇත- බැංකුව විසින් පළමු වරට සංවිධානය කළ HNB Exporters’ Forum 2026 හරහා ප්‍රතිපත්ති සම්පාදකයින්, අපනයන සංවර්ධන ආයතන, මූල්‍ය විශේෂඥයින් මෙන්ම ව්‍යාපාරික නායකයින් එකම වේදිකාවකට රැගෙන ඒමට කටයුතු කරන ලදී. ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශක්තිමත් ස්ථාවරයක් ගොඩනගා ගැනීම සඳහා ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට අවශ්‍ය සහයෝගය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය විසින් HNB Towers ශ්‍රවණාගාරයේදී සංවිධානය කරන ලද මෙම සමුළුව, අපනයනකරුවන්ට, අපනයන ඉලක්ක කරගත් ව්‍යාපාරවලට, රාජ්‍ය ආයතනවල නියෝජිතයින්ට සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට අදහස් හුවමාරු කර ගැනීමට කදිම වේදිකාවක් විය. ඉහළ යන ගෝලීය අභියෝග, ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීම, ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධනය සහ අපනයන තරඟකාරිත්වය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත සහ HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී විය. ජාතික ණය සුරැකුම් ආයතනයේ (NCGI), ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ප්‍රනාන්දු මහතා ද මීට එක් වූ අතර, ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම සහ දිගුකාලීන ආර්ථික වර්ධනයක් සඳහා ප්‍රමුඛත්වය දිය යුතු කරුණු පිළිබඳව සිය අදහස් බෙදාහදා ගත්තේය.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා ශ්‍රී ලාංකික ව්‍යාපාර දේශීය වෙළඳපොළෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශක්තිමත් ස්ථාවරයක් ගොඩනගා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ “ශ්‍රී ලාංකික ව්‍යාපාර දේශීය වෙළඳපොළට පමණක් සීමා නොවී ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඇති අවස්ථාවන් හඹා යා යුතුයි. අපගේ ගෝලීය ව්‍යාප්තිය පුළුල් කිරීමටත්, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් උපායමාර්ගික හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීම සහ අදාළ පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කළේ “ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ ජාත්‍යන්තර ගමන්මගේ සෑම පියවරකදීම ඔවුන්ට සහය වන විශ්වාසනීය සහකරුවෙකු වීම HNB හි අපගේ අරමුණයි. මූල්‍ය සේවාවලට පමණක් සීමා නොවී, ව්‍යාපාරවල තරඟකාරිත්වය ඉහළ නැංවීමටත්, ගෝලීය වෙළඳපොළ වෙත පිවිසීමටත්, තිරසාර වර්ධනයක් අත්කර ගැනීමටත් අවශ්‍ය දැනුම, උපදේශන සේවා, ව්‍යාපාර හැකියාවන් සංවර්ධනය කිරීම සහ ඩිජිටල් විසඳුම් ලබා දීමට අපි කටයුතු කරනවා.”

மலிவான விலையில் வெளிநாட்டுத் தேயிலையை இறக்குமதி...
மதின்ப வயதினரின் டிஜிட்டல் அனுபவங்கள் குறித்த...
வனவிலங்குகளுக்குப் பாதிப்பற்ற உட்கட்டமைப்புகள் குறித்து அரச...
TikTok launches redesigned Family Pairing...
2026 ஜனாதிபதி சுற்றுச்சூழல் விருது வழங்கும்...
Doc990 தளத்தில் மூலோபாய முதலீட்டை மேற்கொண்டு,...
2027ஆம் நிதியாண்டின் முதல் பாதியில் 24.4%...
வடக்கிலும் கால்பதித்தது BYD: விற்பனை, சேவை...
Doc990 தளத்தில் மூலோபாய முதலீட்டை மேற்கொண்டு,...
2027ஆம் நிதியாண்டின் முதல் பாதியில் 24.4%...
வடக்கிலும் கால்பதித்தது BYD: விற்பனை, சேவை...
Atlas Axillia වෙතින්, ශ්‍රී ලංකාවේ...