Euromoney සඟරාව විසින් වෙළෙඳ මුල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපල ප‍්‍රමුඛයා සහ හොඳම සේවා සපයන්නා ලෙස HNB ඇගයීමට ලක් කරයි

Share

Share

Share

Share

ජාත්‍යන්තර වෙළෙඳ සේවා ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව විදහා දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවන් වන යුරෝමනී (Euromoney) සඟරාව විසින් 2023 වසරේ ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය (Trade Finance) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස ඇගයීමට ලක් කර ඇත.
වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රය සඳහා Euromoney සඟරාව විසින් HNB ඇගයීමට ලක් කළ සිව්වන අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලාංකේය බැංකුවක් විසින් ජාත්‍යන්තර වෙළෙඳ සේවාවන්හි සිය ආධිපත්‍ය පැතිර වූ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ”අපේ රට පෙර නොවූ විරූ අභියෝගාත්මක ආර්ථික වාතාවරණයකට මුහුණ දී සිටින අවස්ථාවක, Euromoney වෙතින් ලැබූ මෙම ඇගයීම් ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපල ක්ෂේත‍්‍රය පරිවර්තනීය වෙනසකට ලක් කරන අපගේ ජාත්‍යන්තර වෙළඳ සේවා කණ්ඩායම්වල මෙහෙවර තවදුරටත් සහතික කිරීමට ඉවහල් වනවා.”
”අපි අඛණ්ඩව උසස් තත්වයේ වෙළෙඳ මූල්‍ය සේවා සැපයීමට කැපවීමෙන් කටයුතු කරන අතර ජාතික ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධන කිරීමේ අවස්ථාවන්වලට පහසුකම් සලසනවා” යනුවෙනි.
යුරෝමනි සඟරාව ලෝකය පුරා විසිරී සිටින 25,000 කට අධික මූල්‍ය නිලධාරීන්, භාණ්ඩාගාර නිලධාරීන් සහ මුදල් කළමනාකරුවන් මත පදනම්ව වාර්ෂික සමීක්ෂණය සිදුකරන අතර ඒ තුළින් ගෝලීය, කලාපීය සහ රටවල් වශයෙන් වෙළෙඳ සේවා සපයන්නන් ඇගයීමට ලක් කරනු ලබයි.
”අපගේ වෙළෙඳ මූල්‍ය ව්‍යාපාරය තුළ අඛණ්ඩව නවෝත්පාදනයන් සහ සේවා විශිෂ්ටත්වය සහතික කිරීමට HNB සතු හැකියාව ඇති වන්නේ සුපිරි තාක්ෂණික විශේෂඥතා දැනුම සහ අසමසම තාක්ෂණික හැකියාවේ ශක්තිමත් සුසංගයෝගයකින්. එහි ප‍්‍රතිඵලයක් ලෙස ණයවර ලිපි නිකුත් කිරීම හා ණයවර ලිපි සහතික කිරීම, අපනයන ලියකියවිලි සහතික කිරීම, අන්තරාල වෙළෙදාම සඳහා පහසුකම් සැපයීම යනාදී වෙළඳ මූල්‍ය සේවා සඳහා අවශ්‍ය පූර්ණ විසඳුම් HNB මගින් සපයනු ලබනවා.’’ යනුවෙන් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, Wholesale Banking, දමිත් පල්ලෙවත්ත මහතා පැවසීය.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...