JW.ORG ජාතික සමුළුව ජූලි 14 දින සිට පුරාදින 3ක් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී

Share

Share

Share

Share

2019 වසරෙන් පසුව පළමු වරට  පැවැත්වෙන JW.ORG ජාතික සමුළුව ජූලි 14 දින සිට පුරාදින 3ක් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට සියලු කරටයුතු සැලසුම් කර ඇත. එමෙන්ම සිය ජාතික සමූළුවට සමගාමීව තවත් සමුළු 6ක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්වල සිංහල, දේමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙනු ඇත.

ලොව පුරා විවිධ ක්‍රීඩාංගණවල මෙන්ම විවිධ ස්ථානයන් හි  අවුරුදු 100කට වඩා කාලයක් පුරා සාක්ෂිකරුවන් ලොව වටා සමුළු පවත්වා ඇති අතර 2020 වසරේ ඇති වූ කොරෝනා වසංගතය හේතුවෙන් විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වෙන සමුළු පැවැත්වීම තාවකාලිකව නතර වූ අතර අන්තර්ජාලය ඔස්සේ පමණක් සියලු මෙහෙයවීම් සිදු කෙරිණ.

“ඉවසීම සහ ඉවසීමෙන් යුතුව සියලු අභියෝගයන්ට මුහුණ දීම” යන මාතෘකාව යටතේ දේශන , ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් සහ මෙම ජාතික සමුළුව සඳහා සහභාගීවන JW.ORG සාමාජිකත්වය සමග සජීවීව සම්මුඛ වන වැඩසටහන් රැසක් මෙම තෙදින සමුළුව තුළදී සිදි කෙරෙනු ඇත.  “ඉවසීමෙන් බලාගෙන ඉන්න!” යන මාතෘකාව යටතේ සමුළු 6000ක් ලොව පුරා 2023දී පැවැත්වෙනු ඇති බව JW.ORG සංගමයේ මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය ප්‍රකාශක නලින් වනිගසේකර මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කැමති හැමටම මේ  සමුළුවට ආරාධනා කරනවා. ඇතුල්වීම නොමිලේ වන අතර කිසිදු අය කිරීමක් සිදු කෙරෙන්නේ නැහැ. සමුළු පවත්වන ස්ථාන හා දිනයන් ගැන තවත් තොරතුරු දැනගන්න jw.org වෙබ් අඩවියේ “අපි ගැන” කියන ටැබ් එක ක්ලික් කරන්න” යනුවෙනි.

 

සමුළු පවත්වන ස්ථානය  දිනය භාෂාව
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය  ජුලි 14-16  සිංහල
ක්ලෝව උත්සව ශාලාව – කැලණිය  ජුලි 28-30  දෙමළ
නෝත් ශෝ ශ්‍රවණාගාරය – මට්ටකුලිය  ජූලි 21-23  ඉංග්‍රීසි
ග්‍රීන් වැලි රිසෝට් – කුරුණෑගල  අගෝස්තු 4-6  සිංහල
හලාවත ෆා ඉන්  අගෝස්තු 11-13  සිංහල
රාජේශ්වරී ශාලාව – තෙල්ලිපලෙයි  අගෝස්තු 18-20  දෙමළ
රාජේශ්වරී ශාලාව – තෙල්ලිපලෙයි  සැප්තැම්බර් 22-24  දෙමළ

 

 

 

Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
මෙරට ඉංජිනේරු අධ්යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්...