ඉනික්බිති තවත් මල් පූදීවි” සංවේදී වෘත්තිකයින් බිහිකිරීමට HNB FINANCE ගත් නිර්මාණාත්මක උත්සාහයක්….“

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය මූල්‍ය සේවා වෘත්තිකයින් වෘත්තීය සීමාව තුළට පමණක් කොටු නොකොට එම සීමාවෙන් ඔබ්බට ගෙන යමින් ඔවුන්ගේ සහජ නිර්මාණශීලී හැකියාවන් සමාජයට හදුන්වාදීමේ වෑයමක පසුගියදා නිරත විය. එනම් HNB FINANCE සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ කාව්‍ය සංකල්පනාවන් රැගත් “ ඉනික්බිති තවත් මල් පූදීවි” නම් වූ කාව්‍ය සංගෘහිතය ජනගත කරමින් ඔවුන්ගේ නිසග කලා කුසලතාවන් සමාජය හමුවේ තබන්නට අවස්ථාව සලසමින්ය.

නිරන්තරයෙන් ජනතාව හා බද්ධ වෙමින් ඔවුන්ගේ මූල්‍යමය අවශ්‍යතාවන් සපුරාලීම සදහා උරදෙන ආයතනයක් ලෙස HNB FINANCE සිය ආයතනික සාමාජිකයින් නිර්මාණශීලී සංවේදී හදවත් සහිත මිනිසුන් බවට පත් කරලීම සදහා නිරන්තරයෙන් වෙහෙසෙන ඒ සදහා විවිධ වැඩසටහන් සැලසුම් කරනු ලබන සමාගමකි. මෙම අරමුණ පෙරදැරිව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කළ කාව්‍ය සංගෘහිතයක් ප්‍රකාශයට පත්කිරීමේ කාර්යය සඳහා HNB FINANCE හි සියලු ශාඛා නියෝජනය කරමින් කාව්‍ය සංකල්පනා විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වූ අතර එම කාව්‍ය පබැදුම් අතර ප්‍රකාශයට සුදුසු මට්මමේ කවි නිර්මාණ ඉදිරිපත්කළ A.R.M.S. මංගලා අධිකාරී, G.D.C ලලින්ද කුමාර, නදීකා ගීතාංජලී ප්‍රනාන්දු, සුජිත් කුමාර, තනූජා ජානකී නන්දසිරි යන අංකුර කවි කිවිඳියන් පස් දෙනෙකුගේ කාව්‍ය නිර්මාණ හතලිස් අටක් මෙම කාව්‍ය සංගෘහිතයට ඇතුළත් කිරීමට තෝරාගැනුණි.මෙම නිර්මාණ තේරීමේ කාර්යය සදහා ප්‍රවීණ ගීත රචක සහ ප්‍රකට සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ සහභාගීත්වය ලබාගැනීම විශේෂත්වයකි.

“ ඉනික්බිති තවත් මල් පූදීවි” කවි සරණිය ජනගත කිරීම HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මධුරංග හීන්කෙන්ද යන මහත්වරුන් ඇතුළුව කාව්‍ය සංගෘහිතය සදහා තෝරාගැනුණු නිර්මාණ ඉදිරිපත් කළ කවිකිවිදියන් හා ප්‍රධාන කාර්යාලයේ නිළධාරී මහත්මමහත්මීන්ගේ සහභාගීත්වයෙන් සමාගම් ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණ.

මෙම කවි සරණිය ජනගත කිරීමේ අවස්ථාවට සමගාමීව පැවති කාව්‍ය හා ගීත රසවින්දනාත්මක සැඳෑව මෙහෙයවීම සඳහා ප්‍රවීණ සාහිත්‍යවේදී ධම්මික බණ්ඩාර මහතා එක් වූ අතර ගායනවේදී නිලන්ත ශ්‍රී පතිරණ ගායනයෙන් සහ සංගීතයෙන් සිය දායකත්වය ලබාදෙන ලදි.

 

TikTok වේදිකාව තුලින් ලොවක් මවිත...
Vision AI தொழில்நுட்பத்துடன் கூடிய புதிய...
JEWELS 2026 සඳහා එක්වන ලෙස...
පොත් ප්‍රදර්ශනයට ගිහින් හොඳම පොත්...
CFW Couture + Trousseau 2026...
Softlogic Life Achieves ISO/IEC 27001:2022...
Solutions Ground Disrupts Sri Lanka’s...
2026 ஸ்ரீலங்கா AI வாரத்தில் 18...
Softlogic Life Achieves ISO/IEC 27001:2022...
Solutions Ground Disrupts Sri Lanka’s...
2026 ஸ்ரீலங்கா AI வாரத்தில் 18...
இசை, நீர் விளையாட்டுக்களுடன் பாணந்துறையை அதிரவைக்க...