HNB FINANCE,TAGS සම්මානයෙන් පිදුම් ලබයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන TAGS සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් ලෙස ශැංග්‍රිලා හෝටලයේදී පවත්වන ලද අතර මෙහිදී බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩයේ (රුපියල් බිලියන 20කට වැඩි සමූහ වත්කම් සහිත ) ලෝකඩ සම්මානය දිනා ගැනීමට HNB FINANCE සමත් විය. TAGS සම්මාන උළෙලකදී HNB FINANCE සමාගම අඛණ්ඩව සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම්වල මූල්‍ය කාර්යසාධනයන් ඉදිරිපත්කිරීම් වාර්ෂිකව ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය (CA Sri Lanka) මගින් සංවිධානය කරනු ලබන TAGS සම්මාන උළෙල මගින් මූල්‍ය වාර්තාකරණයේ සහ විනිවිදභාවයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරයි. ඒ අනුව ‘Perseverance, Pragmatism, Positivity’ (නොපසුබට උත්සාහය, ප්‍රායෝගිකත්වය,ධනාත්මක බව) යන සලකා බැලෙන අංශයන්ගෙන් HNB FINANCE හි මූල්‍ය වාර්තාකරණය හා එහි විනිවිදභාවය බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩය තුළ ඉහළ පිළිගැනීමට ලක් විය.

මූල්‍ය කාර්යසාධන වාර්තා කරණයේදී පිලිපැදිය යුතු ප්‍රමිතීන් සහ විනිවිද බව පවත්වා ගනිමින්මෙම ක්ෂේත්‍රයේ මිනුම්දඩු පුළුල් කිරීමට HNB FINANCE සමාගම සිය වාර්ෂික වාර්තාව තුළින් කටයුතු කර තිබීම විශේෂත්වයකි. මෙම සම්මානය තුළින් මූල්‍ය වාර්තාකරණයේ ප්‍රමිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ HNB FINANCE කැපවීම මනාව පෙන්නුම් කළ අතර ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ආරක්ෂා කරන ආයතන අතර පෙරමුනේ සිටින බවද තහවුරු කරන ලදි.

TAGS සම්මාන උළෙලේදී සමාගම අඛණ්ඩව ලැබූ දෙවන ජයග්‍රහනය පිළිබඳව අදහස් දක්වන හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “මූල්‍ය වාර්තාකරණයේ ප්‍රමිතීන් සහ විනිවිද බව ආරක්ෂා කිරීම වෙනුවෙන් සමාගම දක්වන කැපවීම මනාව පිළිබිඹු වූ අවස්ථාවක් ලෙස මෙම සම්මානය මට හැඳින්විය හැකියි. මෙම සම්මානය තුළින් අපගේ සේවා ආචාරධර්ම සහ ක්ෂේත්‍රයේ මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් පවත්වාගෙන යෑම TAGS සම්මාන කමිටුවේ ඇගයිමට ලක් වූ අතර TAGS සම්මාන කමිටුවට සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයට මගේ ප්‍රණාමය පුද කරන්න කැමතියි. එමෙන්ම මෙම සම්මානය සඳහා උරදුන් සියලු පාර්ශ්වයන්ට මගේ ප්‍රණාමය පුද කරනවා” යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් වසර ගණනාවක සිට මෙරට කීර්තිමත් ආයතනයන්හි වාර්ෂික වාර්තාවන් ඇගයීමට ලක් කරමින් සම්මාන ප්‍රදානය කළ අතර 2022 වසරේ සිට මෙම වාර්ෂික වාර්තා සම්මාන උළෙල TAGS සම්මාන උළෙල ලෙස යළි නාමකරණය කරන ලදි. විවිධාංගීකරණය දැවැන්ත සමාගම් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණයේ සමාගම්වල මූල්‍ය සහ මූල්‍ය නොවන ක්ෂේත්‍රයන්හි තොරතුරු වාර්තාකරණය ජාත්‍යන්තර පිරිවිතරයන්ට අනුකූලව සිදු කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලීමට ලක් කෙරේ.

 

 

 

 

 

IASL launches revamped website to...
YOLO by Prime Lands நிர்மாணமானது...
Power World සහ Kings Hospital...
Atlas Makes Learning the Perfect...
මහනුවර සහ කුරුණෑගල නව ශාඛා...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන්...