TikTok වෙතින් ශ‍්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩමුළු මාලාවක්

Share

Share

Share

Share

2024 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් TikTok විසින් ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරයක් හිමි කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් දියත් කර ඇත. නැගී එන වෙළඳපල තුළ මෙම කාන්තාවන් මුහුණ දෙන සුවිශේෂී අභියෝග අවබෝධ කර ගනිමින් විශේෂයෙන් සකස් කරන ලද වැඩමුළු මාලාවක් TikTok විසින් නිර්මාණය කර ඇත. වෙබිනාර් සම්මන්ත‍්‍රණයක් හරහා පවත්වනු ලබන මෙම වැඩමුළු මාලාවේ අරමුණ වන්නේ කාන්තාවන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමට සහ අනාගත ගනුදෙනුකරුවන්ට හෝ සේවාදායකයින් විසින් online අවකාශය තුළ ව්‍යාපාරයක් දකින ආකාරය ඉහළ නැංවීමට මෙවලමක් ලෙස TikTok උපරිම ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ පුළුල් මග පෙන්වීමක් ලබා දීමයි.

ව්‍යාපාර සාර්ථකත්වය සඳහා ඩිජිටල් වේදිකා වැදගත් කාර්යභාරයක් ඉටු කරන කාලයක විශේෂයෙන් කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන බොහෝ කුඩා ව්‍යාපාර, සීමිත ඩිජිටල් කුසලතා, සම්පත් සහ සහායක ජාල නොමැතිවීම හේතුවෙන් සැලකිය යුතු දුෂ්කරතාවලට මුහුණ දෙයි. ව්‍යාපාරවල යෙදී සිටින කාන්තාවන්ට සාර්ථක වීමට අවශ්‍ය අධිෂ්ඨානය සහ නිර්මාණශීලිත්වය තිබියදීත්, මෙම දුෂ්කරතා හේතුවෙන් බොහෝ විට #womeninbusiness තරඟකාරී අන්තර්ජාල වෙළඳපොළ තුළ දියුණු වීමට බාධා ඇති කරයි.

2024 මාර්තු 1 සිට මාර්තු 20 වැනිදා දක්වා දින 20ක් පුරා පැවැත්වෙන මෙම වැඩමුළු මාලාව, අන්තර්ගත නිර්මාණය, උපාය මාර්ග සංවර්ධනය, කතන්දර කීම (storytelling) වැනි ප‍්‍රධාන අංශ සහ TikTok හි විශේෂාංග ඵලදායී ලෙස භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. ශ‍්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයින් ඩිජිටල් ලෝකය තුළ සාර්ථක වීමට අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් සන්නද්ධ කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මීට අමතරව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගෙන් සමන්විත වෙබිනාර් සම්මන්ත‍්‍රණයකින් ‘කාන්තාවන් සතු ව්‍යාපාර සඳහා උපාය මාර්ගික අලෙවිකරණය’ (Strategic Marketing for Women-Owned Businesses) සහ ‘The TikTok Advantage: Building Your Brand from the Ground Up’ වැනි වැදගත් විෂයයන් සාකච්ඡුා කරනු ඇත. ඵලදායී අලෙවිකරණ උපාය මාර්ග සංවර්ධනය කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව ප‍්‍රවීන වෘත්තිකයින්ගෙන් ඉගෙන ගැනීමට මෙම වෙබිනාර් සම්මන්ත‍්‍රණය සහභාගීවන්නන්ට වටිනා අවස්ථාවක් ලබා දෙයි.

#womensday මිත්තෙන් වන මෙම වැඩසටහන හරහා, ඔසනඔදන ඩිජිටල් පරතරය අවම කර ගැනීම, ආර්ථික සවිබල ගැන්වීම ප‍්‍රවර්ධනය කිරීම සහ ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යාපාර සඳහා සහායක පරිසරයක් ස්ථාපිත කිරීම අරමුණු කරයි. සමාජය තුළ සුබවාදී වෙනසක් ඇති කිරීම සඳහා TikTok හි කැපවීම අවධාරණය කරමින්, TikTok කාන්තාවන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා පෙනී සිටීමට එහි TikTok වේදිකාවේ පරිවර්තනීය හැකියාව භාවිතා කරයි. මෙම සහාය කාන්තා ව්‍යවසායකයින්ට නිදහස ලබා ගැනීමට සහ ඔවුන්ගේ පවුල්වලට සහයෝගය දැක්වීමට මෙන්ම ශ‍්‍රී ලංකා ආර්ථිකයට දායක වීමට උපකාරී වේ.

 

China Unicom and Huawei Release...
Samsung Sri Lanka to Open...
Janashakthi Finance celebrates 45 years...
බලශක්ති පෙරළියෙන් ඇඟලුම් ක්ෂේත්‍රයට නව...
බෝග සොරකම්වලින් කෘෂිකර්මාන්තයට රුපියල් මිලියන...
MAS, 2026 ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය...
ஜெப்னா கிங்ஸ் அணியின் உரிமையாளர் ஒப்பந்தம்...
Nutmeg at ITC Ratnadipa Introduces...
MAS, 2026 ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය...
ஜெப்னா கிங்ஸ் அணியின் உரிமையாளர் ஒப்பந்தம்...
Nutmeg at ITC Ratnadipa Introduces...
Samsung Sri Lanka set to...