ප්‍රවාහන ක්ෂේත්‍රයට නව අඩිතාලමක් එක් කරමින් BYD 2024 EV Motor Show හි සන්නාම අනුග්‍රාහකයා වෙයි

Share

Share

Share

Share

නව බලශක්ති වාහන විසඳුම් සමඟින් ශ්‍රී ලංකාවේ EV eco-system වැඩිදියුණු කිරීමට John Keells CG Auto එක් වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සහ ඩුබායි හි CG Corp Global අතර ඇති කරගත් හවුල් ව්‍යාපාරයක් වන John Keells CG Auto පුද්ගලික සමාගම Asia Exhibition & Convention පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගනිමින් EV Motor Show 2024 හි සන්නාම අනුග්‍රාහකයා ලෙස BYD පත්ව ඇති බව සාඩම්බරයෙන් නිවේදනය කළේය.

මෙම මෝටර් රථ ප්‍රදර්ශනය ජූනි මස 28 වනදා සිට 30 වනදා දක්වා BMICH හිදී පැවැත්වීමට නියමිතය. මෙමගින් තිරසාර ගමනාගමනය සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන දැක්මට සහාය වෙමින් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ EV තාක්ෂණයේ දියුණුව පෙන්නුම් කරමින් දේශීය EV (විද්‍යුත් වාහන) වෙළඳපොළට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට අරමුණු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් John Keells සමූහයේ සභාපති – පාරිභෝගික අංශය, චරිත සුබසිංහ මහතා පැවසුවේ “සැලකිය යුතු ආර්ථික සහ පාරිසරික ප්‍රතිලාභ සැලකිල්ලට ගනිමින් අපි අපගේ ප්‍රවාහන පද්ධතියට EVs ඒකාබද්ධ කිරීම ඉතා වැදගත් වනවා. BYD සමඟින් අප අත්වැල් බැඳගැනීමේ අරමුණ වන්නේ ගෝලීය පරිසර හිතකාමී ප්‍රවණතා ශ්‍රී ලංකාවට ගෙන ඒමයි. ඒවගේම අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් දීප ව්‍යාප්තව ඇති අපගේ වත්කම්/සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ප්‍රවාහනයේ නව සන්ධිස්ථාන සනිටුහන් කිරීමට අප කැපවී සිටිනවා. මීට අමතරව, අපගේ ප්‍රධාන සමාගම වන BYD සමඟ අපගේ සහයෝගීතාවය මගින් අපට අවශ්‍ය නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම ලබා ගෙන එය රටේ දියුණුව සඳහා භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.” යනුවෙනි.

JKCG Auto ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් මීට පෙර විද්‍යුත් වාහන භාවිත කරන්නන්ට NEV ecosystem වෙතට සංක්‍රමණය වීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙනු ඇත. තවද JKCG Auto විසින් දිවයින පුරා charge කිරීමේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා JKH සමඟ ඇති ඔවුන්ගේ සම්බන්ධතා උපරිම ලෙස භාවිතා කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් CG Corp Global කළමනාකාර අධ්‍යක්ෂ නිර්වාන කේ. චෞද්‍රි මහතා “JKH සමඟ අත්වැල් බැඳ ගැනීම තුළින් ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි අපගේ ඇති නොසැලෙන විශ්වාසය හා දැඩි උනන්දුව හොඳින් පෙන්නුම් කරනවා. අපගේ අරමුණ වන්නේ අති නවීන තාක්ෂණයෙන් යුතු NEV විසඳුම් හඳුන්වා දීමෙන් සහ තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමෙන් පාරිසරික තිරසාරභාවය මෙන්ම ආර්ථික ස්ථාවරත්වය සඳහා දායක වීමයි. BYD සහ EV Motor Show 2024 සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය නවෝත්පාදනය සඳහා අපගේ කැපවීම සහ පරිසර හිතකාමී තාක්ෂණයන් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව අපගේ විශ්වාසය පෙන්නුම් කරන කදිම සාක්ෂියක්.” යනුවෙන් සඳහන් කළේය.

‘’EV Motor Show 2024 සමඟ අපගේ සහයෝගීතාවය මගින් ශ්‍රී ලංකාවේ EV ecosystem සංවර්ධනය කිරීමට අපගේ ඇති කැපවීම හොඳින් පෙන්නුම් කරනවා. තිරසාර අනාගතයක් සඳහා කැපවුණු අපගේ දිගුකාලීන දැක්ම පෙන්නුම් කරන විද්‍යුත් සහ plug-in hybrid විද්‍යුත් වාහන ඇතුළුව උසස් තාක්ෂණයෙන් යුතු නව බලශක්ති වාහන හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අපිට සතුටුයි. තවද මෙම මෝටර් රථ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම සඳහා සහාය වීමට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ අපගේ උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකියි.” යනුවෙන් JKCG Auto සාමාන්‍යාධිකාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේය.

මීට අමතරව, JKCG විසින් BYD NEVs සඳහා අලෙවියෙන් පසු සේවා සලසන අති නවීන පහසුකම්වලින් සමන්විත මධ්‍යස්ථානයක් විවෘත කිරීමට බලාපොරොත්තු වේ. මෙම පහසුකම NEV පාරිභෝගිකයින්ට අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සහ සහාය ලබා දෙන අතර ඔවුන්ගේ වාහන හොඳම තත්වයෙන් තබා ගැනීමට උපකාරී වනු ඇත.

John Keells CG Auto පුද්ගලික සමාගම (JKCG) යනු John Keells Holdings PLC හි අනුබද්ධිත සමාගමකි- 2023 වසරේදී මෝටර් රථ කර්මාන්තයට පිවිසි JKCG Auto ශ්‍රී ලංකාවේ BYD මගී වාහන, අමතර කොටස් සහ සේවා සඳහා බලයලත් බෙදාහරින්නා වේ. එම සමාගම නව බලශක්ති වාහන (NEV) පිළිබඳ පාරිභෝගික විශ්වාසය ගොඩනැගීමට, NEV සඳහා නව ප්‍රමිතීන් සැකසීමට සහ ශ්‍රී ලංකාවේ EV සඳහා යටිතල පහසුකම් පද්ධතිය සංවර්ධනය කිරීමට කැපවී සිටී.

JKH පිළිබඳව

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 18 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස් සමාගම, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

CG Corp Global පිළිබඳව

වසර 140 කට අධික ඉතිහාසයක් ඇති CG Corp Global යනු ඩුබායි හි පිහිටි කීර්තිමත් බහුජාතික සමාගමක් වන අතර එහි Global Electric Mobility ප්‍රධාන මූලස්ථානය සිංගප්පූරුවේ පිහිටා ඇත. අද වන විට එම සමාගම නේපාලයේ විශාලතම හා ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම බවට වර්ධනය වී ඇත. මේ වන විට CG Corp Global පුද්ගලයින් 20,000කට සේවය සලසා ඇති අතර විවිධ ව්‍යාපාරික අංශ ආවරණය කරමින් රටවල් 32කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ.

 

 

 

 

AIஐ அடிப்படையாகக் கொண்ட நவ்லோகா மருத்துவமனை...
GSCS இன்டர்நேஷனல் மற்றும் JAAF இணைந்து,...
இந்த ஆண்டும் உலக சிறுவர் தினத்தைக்...
ජෝන් කීල්ස් සමාගම, කාමර 687කින්...
687 அறைகள் கொண்ட Cinnamon Life...
Kaspersky 2024 இன் முதல் பாதியில்...
Mahindra Ideal Finance හි නව...
Mahindra Ideal Finance appoints Mufaddal...
Kaspersky 2024 இன் முதல் பாதியில்...
Mahindra Ideal Finance හි නව...
Mahindra Ideal Finance appoints Mufaddal...
மஹிந்திரா ஐடியல் ஃபைனான்ஸின் புதிய முகாமைத்துவப்...