වතු ප්‍රජාවේ සෞඛ්‍ය හා ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් ලෝක කම්කරු සංවිධානය මැදිහත් වෙයි

Share

Share

Share

Share

වැඩබිමේදී වතු කම්කරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ලෝක කම්කරු සංවිධානය විසින් නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට කටයුතු කරන ලදී. දකුණු ආසියානු කලාපය තුළ මෙම නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් රටවල් 3ක් තෝරා ගැනීමට ඔවුන් කටයුතු කර තිබූ අතර ශ්‍රී ලංකාව ද ඊට අයත් විය. අනෙකුත් රටවල් වූයේ ඉන්දියාව හා නේපාලයයි.

ලෝක කම්කරු සංවිධානය මඟින් සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලබන්නේ ජපන් රජයයි. ශ්‍රී ලංකාව තුළ බදුල්ල හා ගාල්ල දිස්ත්‍රික්කයන්හි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ වගකීම වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) විසින් භාරගෙන ඇති අතර කලාපීය වැවිලි සමාගම්වලට අමතරව කුඩා තේ වතු හිමියන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වගකීම ද ඔවුන්ට පැවරී ඇත.

මෙහිදී PHDT විසින් බදුල්ල හා ගාල්ල යන ප්‍රදේශවල ක්‍රියාත්මක කලාපීය වැවිලි සමාගම් 3ක් තෝරා ගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වතු 29ක්ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් වතු 14ක් ද වශයෙන් සමස්ත වතු 43ක OSH කමිටු පිහිට වූ අතර ඊට අමතරව ගාලු දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු 30ක පමණ ප්‍රමාණයක්ද මෙම නියමු ව්‍යාපෘතියට තෝරා ගන්නා ලදී. මෙම OSH කමිටු හරහා කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතු සමාගම්වල සේවය කරන කම්කරුවන් 16882 ක් මෙන්ම කුඩා තේ වතු සංගමයේ සාමාජිකයින් 3247 දෙනෙකු ද ඍජුවම ප්‍රතිලාභ ලබා ඇත.

කම්කරුවන්ගේ සුරක්ෂිතතාව ඉහළ නැංවීම හා ඔවුන්ගේ මෙන්ම පවුලේ සාමාජිකයින්ගේ සෞඛ්‍ය හා යහ පැවැත්ම ඉහළ නැංවීම අරමුණු කොටගත් මෙම නියාමන වැඩසටහන තුළින් OSH කමිටු හරහා වෘත්තීය සුරක්ෂිතතාව ඉහළ නැංවීමට කටයුතු කර ඇත.

තවද වැඩබිමේ ආරක්ෂාව හා සෞඛ්‍යය පිළිබඳව නව සරල හා පහසු ප්‍රවේශයක් නිර්මාණය කිරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය මෙහිදී අරමුණු කොට ගෙන ඇත. ඉහළ තාක්ෂණයන් භාවිත කරන වෘත්තීයවේදීන්ට වඩා දැනුමෙන්, හැකියාවෙන් හා කුසලතාවන්ගෙන් අඩු කම්කරුවන් හා අධීක්ෂකවරුන් ඉලක්ක කර ගනිමින් මෙම අවස්ථාව නිර්මාණය කිරීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

කලාපීය වැවිලි සමාගම්, සේවකයින් එක් කොට ගනිමින් තෛපාර්ශවීය වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලද මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය වෙනුවෙන් රජය, කලාපීය වැවිලි සමාගම්, වෘත්තීය සමිති මඟින් ලබා දුන් සහයෝගයද ඉතා වැදගත් විය. ගාල්ල ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් සඳහා ක්‍රියාත්මක කළ සුරක්ෂිතතාව හා සෞඛ්‍යය පිළිබඳ වැඩසටහනද ඔවුන්ට සුවිසල් ආයෝජනයක් බවට පත් විය.

මෙම වැඩසටහනෙහි තිරසාර භාවයට හා වර්ධනයට හේතු වූ තවත් සුවිශේෂී කරුණක් වූයේ මධ්‍ය හා කලාපීය මට්ටමින් පුහුණුකරුවන් කණ්ඩායමක් පුහුණු කිරීමට කටයුතු කිරීමයි. මෙහිදී වැඩබිමේ සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධ කමිටුව විසින් වතු කම්කරුවන් දැනුවත් කිරීමට කටයුතු කළ අතර ඒ තුළින් සිය වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා පුළුල් අවබෝධයක් තමන් සතු කර ගැනීමටද ඔවුන්ට හැකියාව උදා විය.

 

CINEC Among Largest Providers of...
இலங்கையின் காப்புறுதித் துறைக்கு மிகச் சிறப்பாகச்...
HNB FINANCE 2026 ජාත්‍යන්තර කාන්තා...
Sri Lanka’s First 100% Renewable...
ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ YOLO...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
Huawei IP Summit 2026 highlights...