HNB, ආසියා – පැසිෆික් කලාපයේ මෝටර් රථ මූල්‍යකරණයේ විශිෂ්ටයා ලෙස 2024 Asian Banker සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය බැංකුකරණ විශිෂ්ටත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් වූයේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී සම්මානයකින් පිදුම් ලබමිනි. එම සම්මාන උළෙලේදී ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මෝටර් රථ මූල්‍යකරණ සේවාවට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ හැටන් නැෂනල් බැංකුවයි.

දීප ව්‍යාප්ත ගනුදෙනුකරුවන් හට තමන්ගේම වාහනයක හිමිකරුවන් බවට පත්වීමට පහසුකම් සැලසීම සඳහා සිදු කළ කැපවීම හේතුවෙන් මෙම සම්මානය දිනා ගැනීමට HNB හට හැකියාව උදා විය. එම සේවාව ලබා දීමේදී Browns, DIMO, Hayleys, Lanka Commercial Trading, Singer, AMW සහ Agstar Agribusinesses යන හවුල්කරුවන් සමඟ එක්ව අගය එකතු කළ ලීසිං සේවාවන් සමඟින් ගොවි ජනතාව සවිබල ගැන්වීම හා නගා සිටුවීම අරමුණු කොට ගනිමින් ඔවුන් වෙත සුවිසල් සහයෝගයක් ලබා දීමට HNB කැපවී කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ “සෑම ශ්‍රී ලාංකිකයකුගේම අපේක්ෂාව වන්නේ වාහනයක සිහිනය සැබෑ කර ගැනීමයි. අභියෝගාත්මක ආර්ථික තත්වයන් තුළ වුවද අපගේ ගනුදෙනුකරුවන්නේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා හෝ ඔවුන්ගේ ව්‍යාපාර දියුණුව සඳහා අවැසි රථ වාහන සිහින සැබෑ කර දීම සඳහා අපි සෑම විටම උත්සාහ කළා. අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඇති කැපවීම ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ අවස්ථාවක් ලෙස මෙය සඳහන් කළ හැකියි” යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ විජේමාන්න මහතා පැවසුවේ “විශේෂයෙන් අප විසින් සලසා දී ඇති කෘෂිකාර්මික වාහන සඳහා වන ලීසිං පහසුකම් ගොවීන්ගේත් සමාජයේත් දියුණුවට හේතු වී ඇති බව මෙහිදී සතුටින් මතක් කළ යුතුයි. මෙරට ආර්ථිකයට තව තවත් ශක්තියක් සපයමින් අපගේ සහයෝගය අඛණ්ඩව ලබා දීමට අපි කටයුතු කරනවා.” යනුවෙනි.

මෙම ලීසිං සේවා සලසා දීමේදී අයිඩියල් මෝටර්ස්, යුනයිටඩ් මෝටර්ස්, ඩිමෝ, මයික්‍රො කාර්, ලංකා අශෝක් ලේලන්ඩ්, AMW සහ තවත් මෙරට දැවැන්ත මෝටර් රථ සමාගම් සමඟ එක් වෙමින් වසර 7ක් සඳහා ගෙවීමේ පහසුව සහිත ආකර්ෂණීය ලීසිං පහසුකම් ලබා දීමට HNB කටයුතු කර ඇත්තේ ගනුදෙනුකරුවන් වෙත මූල්‍ය විසඳුම් රැසක් ලබා දෙමිනි. ඒ අනුව තරඟකාරී පොලී අනුපාත, වෙළෙඳපොලෙන් 25%ක ඉතිරියක් මෙන්ම මෝටර් රථ නිෂ්පාදන, අමතර කොටස්, ටයර් හා බැටරි සඳහා සුවිශේෂී වට්ටම් හිමි කර දීම, පළමු වසරේ වාර්ෂික ගාස්තුවක් නොමැති, Prestige Prime ක්‍රෙඩිට් කාඩ්පත ද සිය ලීසිං ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට මෙහිදී HNB කටයුතු කරනු ලබයි.

ලෝ ප්‍රකට Asian Banker සඟරාව විසින් පවත්වනු ලබන මෙම සම්මාන උළෙල පාරිභෝගික මූල්‍ය සේවා සඳහා සම්මාන පිරිනමන ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත. මෙම සම්මානය තුළින් මූල්‍ය ආයතනවල ස්ථාවරත්වය, නවෝත්පාදනය, ඩිජිටල් සේවාවන්, වේගවත් හා තිරසර වර්ධනයට හේතුවන නව්‍යකරණ ක්‍රියාවලි ඇගයීමට ලක් කෙරේ.

Prime Group crowned Sri Lanka’s...
Power World Gyms and Fitzky...
විද්‍යාත්මක සත්‍යතාව සහ මහජන මතය,...
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක...
SUN Awards 2026 நிகழ்வில், எதிர்காலத்தை...
Sunshine Holdings celebrates future-focused employee...
ஜனசக்தி இன்சூரன்ஸ் ஹசித லியனகே மற்றும்...
Sampath Bank Launches Google Pay,...
Sunshine Holdings celebrates future-focused employee...
ஜனசக்தி இன்சூரன்ஸ் ஹசித லியனகே மற்றும்...
Sampath Bank Launches Google Pay,...
Optimum Health Care මහනුවර කණ්ඩායම...