HNB හි මධ්‍යගත ණය මෙහෙයුම් සහ පරිපාලන අංශ ISO 9001 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමි කරගනී

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ මධ්‍යගත ණය මෙහෙයුම් හා ණය පරිපාලන අංශ ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබූ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය-

Halcyon පුද්. සමාගම විසින් පහසුකම් සපයමින් Bureau Veritas විසින් පිරිනමන ලද මෙම ජාත්‍යන්තර පිළිගැනීම තුළින් ඉහළ තත්වය හා සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් HNB හි කැපවීම මනාව අවධාරණය කරනු ලැබීය. 2023 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කළ විස්තීරණ සහතික කිරීමේ විගණන ක්‍රියාවලිය 2024 මැයි 30 වන දින අවසන් වූ අතර එම සමාලෝචනය අවසානයේදී HNB හි මධ්‍යගත ණය මෙහෙයුම් හා ණය පරිපාලන අංශ ISO 9001:2015 ජාත්‍යන්තර සහතිකය ලබා ගැනීමට සුදුසු බවට සහතික කරන ලදී.

මෙම පිළිගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් HNB හි ප්‍රධාන ණය නිලධාරිනී දිලුනිකා ජයසිංහ මහත්මිය සඳහන් කර සිටියේ “ISO 9001:2015 හිමිකර ගැනීම තුළින් ණය මෙහෙයුම් හා පරිපාලන විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ කැපවීම මනාව ප්‍රදර්ශනය වනවා. මේ තුළින් අපගේ ගනුදෙනුකරුවන් වෙත ඉහළ ප්‍රමිතියේ සේවාවක් ලබා දීමේ හා අපගේ මෙහෙයුම් විධිමත්ව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තව දුරටත් ඉහළ නංවනවා. එසේම එය අපගේ පාරිභෝගික කටයුතු ප්‍රමිතිකරණය හා මනාව පෙළ ගැස්වීම සිදු කරන අතරම අපගේ සියලු ශාඛාවල ස්ථාවරත්වය හා විශ්වසනීයත්වය තහවුරු කිරීමටද හේතුවක් වනවා.” යනුවෙනි.

විශේෂයෙන් HNB හි මෙම ප්‍රධාන අංශ මේ අයුරින් පිළිගැනීමට ලක් වීම තුළින් ශක්තිමත් තත්ව කළමනාකරණ පද්ධති හරහා පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම කෙරෙහි HNB හි උපාය මාර්ගික අවධානය යොමු කරනු ලබයි. එම අංශයන් අත්කරගෙන ඇති සාර්ථකත්වය වෙනුවෙන් රොබෝ ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය, කාර්ය පටිපාටිය සහ ස්වයංක්‍රීයකරණ කාර්ය පටිපාටිය ක්‍රියාත්මක කිරීම ඇතුළු අඛණ්ඩ සේවා වැඩි දියුණු කිරීම් හේතු වී ඇති බවද සඳහන් කළ හැකිය.

HNB හි මධ්‍යගත ණය මෙහෙයුම් අංශය මඟින් පුද්ගලික ණය, ක්‍රෙඩිට් කාඩ්, නිවාස ණය, අධ්‍යාපනික ණය, රථවාහන ණය, ලීසිං සහ කාර්ය මණ්ඩල ක්‍රෙඩිට් කාඩ්පත් වැඩි දියුණු කිරීම ඇතුලු පුද්ගල මූල්‍ය සේවා පහසුකම් රැසක් ක්‍රියාත්මක කරන අතර ණය පරිපාලන අංශය විසින් සියලු ක්‍රෙඩිට් කාඩ්පත් පහසුකම් සඳහා ආරක්ෂක ලියකියවිලි සහ මූල්‍ය මෙහෙයුම් සූදානම් කිරීමේ කටයුතු සිදු කරනු ලබයි. අත්දැකීම් පරිපූර්ණ වෘත්තිකයින් 260කට ආසන්න පිරිසක් එම අංශවල අදාළ සේවාවන් වෙනුවෙන් කැපවී කටයුතු කරයි.

Prime Lands Residencies සමාගමේ ‘The...
கிழக்கிற்கு உயிர் கொடுத்து உள்ளூர் பொருளாதாரத்தை...
The smarter way to own...
லங்கா பிறீமியர் லீக் 2026 தொடரை...
අනාගතය ඉලක්ක කරගත් සන්ෂයින් හෝල්ඩින්ග්ස්...
Star Sports නාලිකාව 2026 LPL...
City of Dreams Sri Lanka,...
ගල්ඔය සීනි කර්මාන්තශාලාව, නැගෙනහිරට ජීවය...
Star Sports නාලිකාව 2026 LPL...
City of Dreams Sri Lanka,...
ගල්ඔය සීනි කර්මාන්තශාලාව, නැගෙනහිරට ජීවය...
Prime Lands Residencies PLC’இன் ‘The...