ශ්‍රී ලාංකේය තේ සන්නාමයේ අනාගත අභිවෘද්ධිය උදෙසා ISO හි සුවිශේෂී හමුවක් ශ්‍රී ලංකාවේදී

Share

Share

Share

Share

තේ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිති සංවිධාන තාක්ෂණික කමිටුවේ 34 වැනි ISO TC 34/ SC හමුව පසුගියදා කොළඹදී පැවැත්විණ. සාමාජික රටවල් 10ක් නියෝජනය කරමින් ජාතික ප්‍රමිති ආයතන 10ක නිලධාරීන් මෙම විශේෂ හමුව සඳහා එක්ව සිටියහ.

 

යුරෝපා සංගමය මඟින් අරමුදල් සපයන සහ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) මඟින් ක්‍රියාත්මක BESPA-FOOD ව්‍යාපෘතියේ සහයෝගය යටතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් මෙම විශේෂ හමුව සඳහා සත්කාරත්වය ලබාදුනි. මෙම හමුවෙහි විශේෂත්වය වන්නේ COVID-19 වසංගතයෙන් පසු මුහුණට මුහුණ හමුවූ පළමු ISO TC 34/ SC රැස්වීම වීමයි.

 

ලොව පුරා සාමාජික රටවල තේ කර්මාන්තයට අදාළ නව ප්‍රමිතීන් පිළිබඳ සාකච්ඡා කිරීමට මෙන්ම පර්යේෂණ හා සංවර්ධන සාර්ථකත්වයන් අනුව දැනට පවතින ප්‍රමිතීන් වැඩි දියුණු කිරීමට අවස්ථාව සලසා දෙන මෙම ISO/TC 34/ SC 8 හමුව තුළින් ඒ ඒ රටවල වෙළෙඳපොල ප්‍රවණතා අවබෝධ කර ගනිමින් එම ප්‍රවණතා අනුගමනය කිරීමේ අවකාශ සළසා දෙනු ලබයි.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්/ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සිද්ධිකා ජී සේනාරත්න මහත්මිය “ මෙම සුවිශේෂී සුහද හමුව සඳහා දායකත්වය ලබා දීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ISO ප්‍රමිතීන් අනුව කටයුතු කරන අතර ඒ සඳහා රටක් ලෙස අප වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බව සඳහන් කළ හැකියි. එසේම තේ නිෂ්පාදනය කරන රටවල් අතර තත්වය හා සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා අපි නිරන්තරයෙන් කටයුතු කරනවා.” යනුවෙන් පැවසීය.

 

මෙවර හමුවේදී ලොව පුරා තේ නිෂ්පාදන සඳහා විවිධ ජාත්‍යන්තර වෙළෙඳපොල ප්‍රමිතීන් පිළිබඳ සුවිශේෂී සාකච්ඡා සහ ඇගයීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම විශේෂත්වයක් විය. එසේම එහිදී විවිධ තේ වර්ගයන්ට අදාළ ප්‍රමිතීන් ආවරණය වන අයුරින් තේ කර්මාන්තයේ ප්‍රමිතිකරණය, ගුණාත්මකභාවය සඳහා වන පර්යේෂණ ක්‍රම, මනා නිෂ්පාදන භාවිතයන් මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොල සඳහා වන තේ සඳහා ඇති ගුණාත්මකභාවය පිළිබඳ පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීම යනාදී මාතෘකා රැසක් පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරිණි.

 

ISO/TC 34/SC 8 හිදී සාකච්ඡාවට ලක් වූ තවත් විශේෂ මාතෘකා කිහිපයක් වූයේ රසායනික විශ්ලේෂණයන් මඟින් තේ වර්ගීකරණය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම, සුදු තේ (white tea) ප්‍රමිතිකරණය කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීම, හරිත තේ (Green tea) සඳහා මඟ පෙන්වීමක් හඳුන්වාදීම, මසාලා චායි (Masala Chai) පවුඩර්හි විශේෂත්වය හඳුනා ගැනීම මෙන්ම තේ (black tea) සඳහා නාමාවලියක් හඳුන්වාදීමයි. ක්ෂණික තේ සඳහා පවතින ප්‍රමිතීන් සංශෝධනය කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

 

මෙහිදී අදහස් දැක්වූ UNIDO හි ජ්‍යෙෂ්ඨ අන්තර්ජාතික තාක්ෂණික විශේෂඥ ආචාර්ය Jairo Villamil Diaz සඳහන් කර සිටියේ “යුරෝපා සංගමය මඟින් අරමුදල් සපයන ශ්‍රී ලංකාවේ BESPA-FOOD ව්‍යාපෘතියේ එක් ප්‍රධාන සාධකයක් වන්නේ ශ්‍රී ලංකාවේ කෘෂි ආහාර ක්ෂේත්‍රය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ අනුගමනය කිරීම සඳහා අපගේ ව්‍යාපෘතිය මඟින් සහයෝගය ලබා දීමයි. එමඟින් දේශීය කෘෂි ආහාර වටිනාකම් දාමයට (Value Chain) ශ්‍රී ලංකාවේ සහ විදේශයන් වෙත ඇතුළු වීමටත්, වඩා ලාභදායී වෙළෙඳපොල වෙත පිවිසීමට අවස්ථාව උදා වනවා” යනුවෙනි.

 

2024 කොළඹ ජාත්‍යන්තර තේ සමුළුව සමඟ සමපාත වන 34 වැනි ISO/TC/SC 8 තේ පිළිබඳ හමුව තුළින් ලොව පුරා තේ කර්මාන්තයේ නියුතු ප්‍රමුඛ පාර්ශවකරුවන් සියලු දෙනා එක් ස්ථානයකදී හමුවීම ඉතා විශේෂ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.

BOI Sri Lanka discusses strategic...
HNB ජා-ඇල පාරිභෝගික ඒකකය නවතම...
Planters’ Association of Ceylon Charts...
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නඟා සිටුවීම...
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා...
ஜனாதிபதி தேர்தலின் போது தவறான தகவல்களை...
Jungle Kitchen, with roots in...
TikTok Strengthens Measures to Combat...
ஜனாதிபதி தேர்தலின் போது தவறான தகவல்களை...
Jungle Kitchen, with roots in...
TikTok Strengthens Measures to Combat...
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි...