ශ්‍රී ලංකාවේ අභිනව නායකත්වයට සුබ පතමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා සහයෝගය ඉල්ලා සිටී

Share

Share

Share

Share

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් වැවිලි ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනයක් ඇති කිරීමට සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට ශක්තිමත් සහයෝගීතාවයක් ඉල්ලා සිටී.

ප්‍රතිපත්ති සම්පාදනයේදී පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයට ප්‍රමුඛත්වය දෙමින් වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ජනාධිපති දිසානායක මහතාගෙන් ඉල්ලා සිටී. තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කරන සහ විවිධ වර්ගයේ බෝගවල වර්ධනය දිරිමත් කරන ප්‍රතිපත්ති නිර්මාණය කිරීම සඳහා මෙම ප්‍රවේශය ඉතා වැදගත් වේ. සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගැනීමෙන් වැවිලි ක්ෂේත්‍රයේ දිගුකාලීන සාර්ථකත්වය සහතික කෙරෙන ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කිරීමට රජයට හැකි බව සංගමය පවසයි.

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහ ලේකම් ලලිත් ඔබේසේකර මහතා පැවසුවේ “රටේ නව නායකත්වය යටතේ විවිධ කණ්ඩායම් සහ පාර්ශ්වකරුවන් සමඟ එක්ව කටයුතු කිරීමෙන් වැවිලි ක්ෂේත්‍රය මුහුණ දෙන වත්මන් ගැටලු විසඳීමට හැකි වනු ඇතැයි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය විශ්වාස කරනවා. දිගු කාලීන තිරසාරත්වය සහ රටේ දියුණුව ඉලක්ක කරගත් ප්‍රතිපත්ති සැකසීමේදී රජයට සහය දීමට අපි සූදානමින් සිටිනවා.” යනුවෙනි. විවිධාංගීකරණය සහ නවීකරණය සාර්ථක වීමට ශක්තිමත් රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

විවිධාංගීකරණය ප්‍රධාන ප්‍රමුඛතාවයක් වන වැවිලි කර්මාන්තය වර්තමානයේදී අභියෝග කිහිපයකට මුහුණ දෙයි. වෙළඳපල තත්වයන් වෙනස් වන විට අනෙකුත් භෝග වගා කිරීම වඩාත් වැදගත් වේ. කෙසේ වෙතත්, මෑතකාලීන ප්‍රතිපත්තිමය බාධාවන් මෙම ක්ෂේත්‍රවල දියුණුවට බාධාවක් වී ඇති අතර එමඟින් අංශයේ වර්ධනය සීමා වී ඇත. විවිධාංගීකරණය දිරිගැන්වීමෙන් රජයට වැවිලි කර්මාන්තය ශක්තිමත් කිරීම සහ රටේ ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඉහළ නැංවිය හැකිය.

ජනාධිපති දිසානායක මහතා වෙත ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සුභ පැතුම් එක් කරන අතර ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය දිරිගන්වන සහ ආර්ථික සංවර්ධනය උදෙසා දායකත්වය ලබා දෙන ව්‍යාපෘතිවලට සහය දැක්වීමට සංගමය කැපවී සිටින බව පවසයි.

 

Sri Lanka strengthens business confidence...
ජී.එස්.පී ප්ලස් යලි සලකා බැලීම...
99x Rebuilds Flood-Damaged IT Labs...
Sunshine Holdings records 16.6% YoY...
Janashakthi Life සමාගම Great Place...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය...